Gullarm අයියා Honda CBR400RR - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, February 16, 2018

Gullarm අයියා Honda CBR400RR

අද මාතෘකාව වෙන්නේ 80-90 දශක වල ඉතාම සාර්ථක අලෙවියක් පෙන්වු හොන්ඩා සමාගමේ තවත් අද්විතීය Sport යතුරුපැදියක් වන Honda CBR 400RR(NC23,29) ගැනයි.

මේ යතුරුපැදිය ගැන මූලික හැදින්විමක් කලොත් මුලින්ම මෙය නිශ්පාදනය වෙන්නේ 1985දීය ඒ ඊට වසර 2කට පෙර නිශ්පාදනය වන CBR400F(NC17)යන CBRහී Naked කාණ්ඩයේ යතුරුපැදිය පදනම් කරගනිම් VFR යතුරුපැදියේ අඩංගු සමහර කොටස්ද උපයෝගී කරගනිමින්.

මේ යතුරුපැදිය CBR Gullarm 250RR හා 900RR එකට බොහෝ සෙයින් සමාන වන අතර CBR250හී පොඩි අයියා ලෙසද 900RR හී ලොකු මල්ලි ලෙසද එකල CBR පවුලේ මද්දුමයා ලෙසද සරලව හැදින්විය හැකි.

සුපුරුදු පරිදි යතුරුපැදිය ගැන විස්තරය කිරීමේ ආරම්භය එන්ජින් එක මගින් ලබා ගමු.

මේ යතුරුපැදිය සඳහා CBR400F හී එන්ජිමම වැඩි දියුණු කර ලබා දී ඇති අතර මෙය 399cc DOHC Inline සිලින්ඩර 4ක Four-stroke එන්ජින් එකක් වෙනවා එමෙන්ම අපි මීට පෙර කතා කල මෙහි සහෝදරයා 250 Gullarm එමෙන්ම Jade, Hornet වැනි සියලුම යතුරුපැදි වල මෙන් මෙහිද සිලින්ඩර 4 සඳහා  වෑල්ව 4 බැගින් වෑල්ව 16ක් ලබා දී තිබෙනවා.

මේ නිසා ඉතා අඩු ඉන්ධන කාර්යක්ෂමතාවක් සමඟ වැඩි Power output එකක් යතුරුපැදිය හට ලැබී තිබෙනවා මෙහි උපරිම බලය අශ්වබල 59ක් ලෙස ගණනය කර ඇති අතර වර්තමානයේ බල සම්පන්නම සිලින්ඩර 4ක් ඇති 400 යතුරුපැදිය වන CB400 Revo එකටත් වඩා අශ්වබල 6කින් මෙහි බලය වැඩියි.

මෙහි උපරිම වේගය පැයට කිල්ලෝමිටර 180ක් ලෙස සටහන් වී ඇති අතර යතුරුපැදියේ වේගමානයේ කොනටම කටුව රැගෙන යාමට ඉතා අඩු කාලයක් මේ CBR වැය කරන්නේ.

මෙහි සිසිලන පද්ධතිය ගැන කතා කලොත් ද්‍රව සිසිලන පද්ධතියක් සමග රේඩියේටර් පංකාවක් ලබා දි තිබෙනවා මේ නිසා අශ්වයන් 59 පිට කරමින් පුපුරන එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් කරගැනීමට හැකියාව ලැබෙනවා නමුත් මේ යතුරුපැදිය මේ වෙන විට වසර 30කට ආසන්නව පැරණි නිසා එන්ජිම ආශිතව මෙන්ම සිසිලන පද්ධතිය ආශිතවද දෝශ හටගත හැකියි මේ නිසා ඔබ සතුව ඇති CBR එක හෝ ඉදිරියේ මිලදී ගැනීමට සිතා සිටින CBR එක පලපුරුදු කාර්මිකයෙකු හට පරික්ශා කිරීමට දීම හා නිසි කලට නඩත්තු කටයුතු කරගැනීම අත්‍යාවශ්‍ය වෙනවා.

මීලඟට මෙහි ඉන්ධන සැපයුම හා කාර්යක්ෂමතාව ගැන කතා කලොත් මෙහි ඉන්ධන සැපයුම බොහෝ හොනඩා සිලින්ඩර 4  යතුරුපැදි වල මෙන් Keihin කාබ් 4ක් හරහා සිදු වෙන අතර පෙට්‍රල් ලීටර එකකට ධාවන කල හැකි උපරිම දුර කිලෝමිටර 20ක් පමණ වෙනවා.

මෙහි ගියර් හා clutch ගෑන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ wet multi-plate disk clutch එකක් එකතු කර තිබෙනවා.

යතුරුපැදියෙහි මීටර් පද්ධතිය ගැන කතා කලොත් CBR 250 MC22 එකට බොහෝ සෙයින් සමාන Analog මීටර් පද්ධතියක් දැකගත හැකි අතර මෙහි Speed,ODO,Trip,RPM හා Engine heat පෙන්නුම් කරනවා මෙහිද Fuel Gage එක MC22හී මෙන් පෙන්නුම් නොකරන අතර එය අඩුවක් ලෙස පෙන්වා දිය හැකියි.නමුත් ලීටර 15ක ඉන්ධන ටැංකිය නිසා එය එතරම් ගැටලුවක් වන්නේ නැහැ.

මෙහි Frame එක ගැන කතා කලොත් ඉතාම ශක්තිමත් Twin Spar Aluminum Frame එකක් ලබා දී ඇතු ස්තාවර ධාවනයකට මෙය උපකාර වෙනවා.එමෙන්ම දෙදරීමද ඉතාම අඩුයි.
යතුරුපැදියෙහි Seat Height එක අඟල් 29.5 වන අතර මෙය ඕනෑම උසකය අයෙකුට ලෙහෙසියෙන් හැසිරවිය හැකි නමුත් අඩි 6කට වැඩි අයෙකුට දුර ධාවනයෙදි තරමක අපහසුතාවක්ට පත් විය හැකියි.Ground clearance එක අඟල් 4.9 වන අතර දුශ්කර ගැටි වලවල් ඇති මාර්ඟ වල ධාවනයේදී Bend set එකට හා Fairing kit එකට තරමක හානියක් ඇති විය හැකියි එයද තරමක අඩුවක්.

CBRහී Design එක ගැන කතා කලොත් කලින් සඳහන් කලාක් මෙන් 250RR හා 900RR එකට බොහෝ සෙයින් සමාන අතර සුලු සුලු වෙනස්කම් ටිකකින් පමණක් එය වෙනස් වෙනවා එමෙන්ම ඉතා හොඳින් වාතය කපාගෙන යා හැකි ලෙස මෙන්ම එන්ජින් එක හරහා වාතය යන ලෙස නිම කර ඇති මේ යතුරුපැදිය ඉහල වේගයන්හී ස්තාවර භාවය ඉතාම හොඳින් ලබා දෙනවා නමුත් CBR 600 වැනි Fairing kit යොදාගැනීම නිසා 250 Gullarm හී මෙන්ම මෙහිද තරමක වංගු වල හැසිරවීමේදි අස්තාවර බවක් ඇතිවිය හැකි නමුත් එය ඉතා විශාල ලෙස බලපාන්නේ නෑ .
කෙසේ වෙතත් ධාවකයා හට උපරිම සැප පහසුව ලබා දුන්නත් පසුපස ගමන් ගන්නා කෙනා නම් දුර ගමන් වලදී බොහෝ ලෙස පීඩාවට පත් වෙන අතර මීට හේතු ලෙස ඉතා ඉහලින් foot pegs පිහිටීම Hump holder එකක් නොතිබීම වැනි කාරණා පෙන්වා දිය හැකියි.

යතුරුපැදියෙහි මුලු බර 180kg වන අතර සුලු වශයෙන් නිශ්පාදනය වර්ශයෙන් වර්ශයට බර වෙනස් වීමට ලක් උනා.

Suspension දෙසට අවධානය යොමු කලොත් ඉදිරිපස Showa 41mm Telescopic fork ද පසුපස Monoshock ද ලබා දී තිබෙන අතර ඉතාම සුවපහසුව ස්තාවර ධාවනයක් ලබා දීමට මේව විශාල කාර්යයබාරයක් ඉටු කරනවා.

Breaks ගැන කතා කලොත් ඉදිරිපස 275mm  disk දෙකක් සමඟ පිස්ටන් 4 නිසින් කැලිපර් 2ක් යොදා තිබෙනවා.

පසුපස ද 220mm disk එකක් සමඟ පිස්ටන් 2ක නිසින් කැලිපරයක් යොදා ඇති අතර ඉතාම හොඳ තිරිංග ප්‍රතිචාරයක් මේ මඟින් ලබා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස 120/60-17 ප්‍රමාණයෙන් ද පසුපස 150/60-18 ප්‍රමාණයෙන් ද පුලුල් ටයර් ලබා දී ඇති අතර ටයර් මාරු කිරීමකදි තරමක ඉහල පිරිවැයක් දැරීමට සිදු වෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් 1994 වසරේදී මෙහි නිශ්පාදනය සම්පූර්ණයෙන් නැවත්වූ අතර වර්තාමනයේ ඇති CBR400RR එක 2013 සිට නිශ්පාදනය වූවක් එය සිලින්ඩර 2ක අශ්වබල 44.5ක යතුරුපැදියක් වන අතර NC29 හා NC23 වැනි සුපිරි නිශ්පාදනයකට කිට්ටු වීමටවත් එයට හැකි උනේ නෑ,මිල ගනන් 250 මත Registered ලක්ශ 5 සිට 6ක් පමණ පරාසයක විහිදෙන අතර මේ යතුරුපැදිය මෙරට තරමක් සොයා ගැනීමට අපහසුයි. මෙහි නිශ්පාදනය වර්ශය අනුව යොදාගත් Frame හා Engine අංක පහල ඇති අතර පහත ඇති ඡායාරූපය වලින් යතුරුපැදිය ගැන අදහසක් ගන්න  ස්තුතියි.

Model, Code and Production Year - CBR400RR-J (1988)
Frame Numbers - NC23-1020001 to 1036454
Engine Numbers - NC23E-1020001 to 1036510
Carburettor Number - VG04A
Wheelbase - 1370mm
Overall length - 2020mm
Overall width - 690mm
Overall height - 1110mm
Ground clearance - 120mm
Weight (dry) - 179kg

Model, Code and Production Year - CBR400RR-K (1989)
Frame Numbers - NC23-1090001 to 1098116
Engine Numbers - NC23E-1090001 to 1098123
Carburettor Number - VG04B
Wheelbase - 1380mm
Overall length - 2202mm
Overall width - 675mm
Overall height - 1110mm
Ground clearance - 120mm
Weight (dry) - 182kg

Model, Code and Production Year - CBR400RR-L (1990 and 1991)
Frame Numbers - NC29-1000001 to 1010598
Engine Numbers - NC23E-1300001 to 1310636
Carburettor Number - VP01A
Wheelbase - 1365mm
Overall length - 1990mm
Overall width - 670mm
Overall height - 1080mm
Ground clearance - 125mm
Weight (dry) - 180kg

Model, Code and Production Year - CBR400RR-N (1992 and 1993)
Frame numbers - NC29-1050001 on
Engine Numbers - NC23E-1420001 on
Carburettor Number - VP01A
Wheelbase - 1365mm
Overall length - 1990mm
Overall width - 670mm
Overall height - 1080mm
Ground clearance - 125mm
Weight (dry) - 180kg

Model, Code and Production Year - CBR400RR-R (1994 - on)
Frame Numbers - NC29-1100001 on
Engine Numbers - NC23E-1500001 on
Carburettor Number - VP01B
Wheelbase - 1365mm
Overall length - 1990mm
Overall width - 670mm
Overall height - 1080mm
Ground clearance 125mm
Weight (dry) - 180kg

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©














No comments:

Post a Comment