ලංකාවටම 12යි BMW 1200GS - Wandi - වණ්ඩි

SL+WANDI.COM

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, August 20, 2017

demo-image

ලංකාවටම 12යි BMW 1200GS

IMG-20170820-WA0074

කොහොමද කට්ටියටම. කලින් දාපු පොස්ට් ඔක්කොම වගේ ගොඩක් කට්ටිය බලලා තිබුනා. ඒවායේන් කවුරු හරි කෙනෙක් දැනුමක් ලබාගන්නවානම් එච්චරයි අපිට ඕනේ. ඔන්න අදත් අපි අරගෙන ආවා ගොඩක් කට්ටිය පාරේ යද්දී දෙපාරක් හැරිලා බලන බයික් එකක් ගැන. ඒ තමයි BMW R1200GS. අවාසනාවකට අපිටනම් මේ බයික් එක අරන් පදින්න බෑ. මොකක්ද high capacity තහනම් නේ😕😕. මේ බයික් එක ගොඩක් තියෙන්නේ police සහ stf එකේ කට්ටිය ගාව. ජනාධිපති ආරක්ෂක අංශයේ තමයි මේ බයික් ටික තියෙන්නේ. නීත්‍යානුකූලව නම් ලංකාවට තියෙන්නේ බයික් 12යි. මේ බයික් එක අයිති වෙන්නේ Adventure and Cruiser ගනයටයි.

මේ බයික් එකේ design එක ගැන කතා කලොත් මේ බයික් එකේ version 2 ක් එනවා. එකක් තමයි Bmw R1200GS සහා Bmw R1200GS Adventure කියන version 2ක. මේ version දෙකේ වෙනස තියෙන්නේ adventure කියන version එකේ petrol tank එකේ capacity එක සහා බයික් එකේ size එක පොඩ්ඩක් වෙනස් වීම. R1200GS කියන මොඩල් එකේ fuel tank එක 20ltr සහා R1200GS adventure කියන මොඩල් එකේ fuel tan එක 30ltr වලින් සමන්විත වෙලා තියෙනවා. මේ බයික් 2 ම riding mode 2ක් තියෙනවා rain සහ road කියලා මේ 2න් 1 කට අපිට ඕන වෙලාවක මාරුකර ගන්න පුලුවන්. Adventure version එකේදි අපිට ගොඩක් advanced features ටිකක් බලාගන්න පුලුවන් gps, Led head light, tyre preasure monitor එහ් වගේ ගොඩක් features මේ බයික් එකේ බලාගන්න පුලුවන්

මේකේ engine එක ගැන කතාකලොත් 1170cc , liquid and air cooled engine එකකින් සහා 6speed gear box එකකින් සමන්විත වෙලා තියෙනවා. මේ බයික් එකේ max power output එක 125hp වෙනවා. මේ බයික් එකට fuel injecting system එකක් add කරලා තියෙන නිසා 24kmpl වගේ ගොඩක් හොද fuel efficiency එකක් ලබාගන්න පුලුවන් වෙලා තියෙනවා. මේ බයික් එකේ top speed එක හැටියට 201kmph ලෙස සදහන් වෙනවා.මේ බයික් එකට Wet multi plate clutch එකක් ලබා දීලා තියෙන නිසා ගොඩක් smooth එකට සහා සද්ද බද්ද නැතුව gear shift කරන්න පුලුවන් වෙනවා.

මේ බයික් එකේ breaks සහා tyres ගැන කතාකලොත් fron breaks 305mm double disk වලින් සහා rear breaks 276mm single disk එකකින් සමන්විත වෙනවා. ABS (anti lock breaking system) වලින් සමන්විත වෙලා තියෙන නිසා ඕනෙම ලොකු speed එකකදි බය නැතුව break කරන්න හැකියාව ලැබෙනවා. Front tyre එක 120/70 සහා rear tyre එක 170/60 size වලින් සමන්විත වෙලා තියෙනවා.

මේ බයික් එකේ maintenance පැත්ත ගැන පොඩ්ඩක් බැලුවොතින් එහෙම සාමාන්‍ය බයික් එකකට වඩා මේ බයික් එකට වියදම් කරන්න වෙනවා. මොකද කිව්වොත් ලංකාවේ වැඩියෙන්ම දකින්න ලැබෙන්නේ chain එකකින් දාවනය වන බයික්. නමුත් මේ බයික් එක ක්‍රියාත්මක වෙන්නෙ shaft එකකින්.මේ system එක bmw ලටම ආවේණික වෙච්ච එකක්.ඉතින් කොහොමත් මේ වගේ බයික් එකක් maintain කරනවා කියන්නේ ටිකක් අමාරු වැඩක්.

මේ බයික් එක වගේම මේකත් එක්ක තරගෙට යන බයික් තමයි Ducati Multistrada, ktm 1290 gt මේ බයික් 2කේම තියෙන්නේ එක සමාන හැඩයක් Multistrada එක සහා ktm එක ගැනත් review එකක් ලගදිම දෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ බයික් වලට මේ හැඩය ලැබෙන්න ප්‍රදානම හේතුව වෙලා තියෙනේ ගොඩක් දුර යද්දි හුලං කපාගෙන යන්න සහා ඇගට අමාරුවක් නැතුව ඕන තරම් දුරක් යන්න පුලුවන් වෙන්නයි handle bars දිග කරලා ටිකක් උඩට වෙන්න design කරලා තියෙන්නෙ. ඕගොල්ලො දැකලාත් ඇති සමහර වෙලාවට පොලීසියේ මාමලා එහෙම යද්දි බයික් එකෙයි rider ගෙයි වෙනස😂🔫. ලංකාව වගේ රටකට නම් මේ බයික් එක ගොඩක් ප්‍රයොජනවත් වෙන්නේ නෑ මොකද කිව්වොත් මේ බයික් හදලා තියෙන්නෙ කිලෝමීටර් එක්දාස් ගානක් වුනත් එක දිගට ride කරන්න පුලුවන් වෙන්න. ලංකාවේ ඉතින් එහ් වගේ දුර ගමනක් යන්නෙම නැති තරම් නේ.

මේ බයික් එකේ මිල සදහන් වන්නේ ලක්ශ 25ක් වගේ මුදලක්.(මේ මිල tax vat කිසිවක් එකතු නොකරන ලද මිලයි)

මන් හිතනවා ඔගොල්ලන්ට මේ බයික් එක ගැන හොද අදහසක් එන්න ඇති කියලා.අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න. අපේ facebook page එකටත් like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි©

IMG-20170820-WA0075

IMG-20170820-WA0072


IMG-20170820-WA0070

IMG-20170820-WA0073

IMG-20170820-WA0071

No comments:

Post a Comment

undefined

Contact Form

Name

Email *

Message *