ගන්න ගානට වටීද මේ 200RS? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, August 29, 2017

ගන්න ගානට වටීද මේ 200RS?

අදත් කතා කරන්නේ sports bike එකක් ගැන නමුත් අද ලොකු මිල අධික එකක ගැන නෙමේ.ඕනේ කෙනෙක්ට ගන්න පුලුවන් මිල අතින් සාධාරන තැනක  තියෙන performance  අතින් ඉහලින්ම ඉන්න 2017 Bajaj Pulsar RS200 ගැනයි. 2015 model එක හා මේක අතර ලොකු වෙනසක් නැතත් පෙනුමෙන් 2015 වඩා ආකර්ශනීයව තමා 2017 නිර්මාණය කරලා තියෙන්නේ.ඒවගේම මේ බයික් එකත් එක්ක ඉන්දියාවේ නම් ගේමට ඉන්නේ KTM RC200, CBR250R වගේ sports bikes ඉහත මාදිලි වලට අමතරව මෙරට 150 කාණ්ඩයේ යතුරුපැදි Sports යතුරුපැදි වන Gixxer 155SF EFI ABS හා YZF-R15ද මේ සමඟ තරඟයට සිටියද Performance හා මිල සමඟ සැසදීමේදී RC200 වූවද අභිබවා යෑමේ හැකියාව RS සතු වෙනවා.

ප්‍රථමයෙන් මෙහි Engine එක ගැන කතා කලොත් 199.5cc තනි සිලින්ඩර SOHC වෑල්ව 4ක Four-Stroke එන්ජිමකින් බල ගැන්වී ඇති අතර මේ SOHC එන්ජිම හා EFI පද්ධතිය නිසා 200 කාණ්ඩයේ ඉතාම ඉහල ඉන්ධන කාර්යයකෂමතාවක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා මේ යතුරුපැදි සමඟ කරට කර සිටින RC200 හී DOHC එන්ජිමක් ඇති අතර මේ නිසා 0 සිට 100 දක්වා වේගය ලබා ගැනීමේදී SOHC එන්ජිමක් හිමි RS200 එකට වඩා වේගවත් වෙනවා නමුත් ඉන්ධන කාර්යයකෂමතාව අඩු අගයක් ගන්නවා කෙසේ වෙතත් Entry level Racing track යතුරුපැදියක් වන RC මගින් ඉහල කාර්යයකෂමතාවක් ලබා ගැනීමට උත්සහ කිරීමද අණුවන ක්‍රියාවක්.

RS200 හී එන්ජිම සතුව අශ්වබල 24.2ක බලයක් ඇති අතර මෙය NS200 වන මෙහි Naked යතුරුපැදියට වඩා සුලු වශයෙන් බලය වැඩි අගක් හා තරඟකරු RC200 එකට වඩා අශ්වබල 1ක පමණ අඩු අගයක් වෙනවා මීට හේතුව ඉහත සදහන් කල SOHC හා DOHC වෙනසයි.

යතුරුපැදියෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 160 පමණ වන අතර 0-100 වේගයට ලඟා වීමට තත්පර 9ක පමණ කාලයක් හා 0-60 වේගයට ලඟා වීමට තත්පර 3.5කට ආසන්න කාලයක් වැය කරනවා.


මෙහි සිසිලන පද්ධතිය ලෙස NS හී දැකගත හැකි ද්‍රව සිසිලන පද්ධතියම යොදාගෙන ඇති අතර ඉහල වේගයන් හී ඉතා ඉක්මනින් එන්ජිම සිසිල් කිරීමට මෙය උපකාරි වන නමුත් මාර්ග තදබද අතරතුර තරමක් අධික ලෙස රත් වීමට ලක් වෙනවා මෙය හෝ ද්‍රව හා වායු සිසිලන එන්ජින් වල දැක ගත හැකි නමුත් NS160,RTR200 වැනි Oil cool යතුරුපැදි වල මේ තත්වය අවමයි නමුත් Oil cool ඉහල වේගයන් හීදී ද්‍රව සිසිලන එන්ජින් වලට වඩා තරමක් රත් වීම ඉහලයි.

මෙහි තවත් විශේෂාංගයක් ලෙස DTS-I Triple Spark තාක්ෂණය පෙන්වා දිය හැකි අතර 2012 වසරේ Bajaj Pulsar NS200 යතුරුපැදියට මේ තාක්ෂණය මුල් වරට යොදාගත් අතර ලොව ප්‍රථම තනි සිලින්ඩර නමුත් spark plugs 3ක් ඇති යතුරුපැදිය NS විය මේ Triple Spark තාක්ෂනයට අනුව එන්ජිම දෙකොනින් ප්ලග් 1 බැගින් හා මැදින් 1 ලෙස ස්පාර්ක් ප්ලග් 3ක් යොදා ඇති අතර මෙමගින් එන්ජිමෙහි කාර්යයකෂමතාව ඉහල අගයකට ගන්නවා එමෙන්ම යම් හෙයකින් එක් ප්ලග් එකක් පිලිස්සුන හොත් අනෙකුත් ප්ලග් 2 මගින් එන්ජිම පණ ගන්වා ගත හැකි අතර Inline 4 යතුරුපැදි වල මෙන්ම මෙහිද ගැරේජයක් වෙත යන තෙක් යම් දුරක් ධාවන මට්ටමේ ඇති Spark plug එක හෝ දෙක මගින් ගමන් කිරීමේ හැකියාව පවතිනවා.

මෙහි ඉන්ධන සැපයුම ගැන කතා කලොත් EFI (Electronic Fuel Injection) තාක්ෂණය මගින් මෙය සිදු වෙන අතර පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 32ත් 42ත් අතර පරාසයක ඉන්ධන කාර්යයකෂමතාවක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.මෙය Sports කාණ්ඩයේ යතුරුපැදියකින් ලබා ගත හැකි ඉතාම ඉහල ඉන්ධන කාර්යයකෂමතාවක් ලෙස පෙන්විය හැකි අතර Gixxer 155SF EFI හා YZF-R15 වලට පමණක් Sports යතුරුපැදි අතුරුන් මෙහි ඉන්ධන කාර්යයකෂමතාව දෙවෙනි වෙන නමුත් 200 කාණ්ඩයේ ඉහලම තැනක සිටිනවා.

තවත් කරුණු කීපයක් ගැන කතා කලොත් මේ බයික් එකට  ලීටර 13ක ඉන්ධන ටැංකියක්.ලබා දී තිබෙනවා මේ නිසා හොද පිරුන පෙනුමක් හා වැඩි ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කරගැනීමේ වාසිය හිමි වෙනවා.එමෙන්ම 165kg බරින් යුක්ත නිසා හොදින් බයික් එක පාලන කරගන්න ඉඩ ලැබෙනවා.

මෙහි වේග පද්ධතිය ලෙස Gear 6 ක වේග පද්ධතියක් සමඟ ඉතා සුමට Wet Multi-plate disk clutch එකක් යොදාගෙන ඇති අතර නඩත්තු අතපසු කිරීම ජේන් එකෙහි බුරුල් වීම් වැනි තත්ව මත තරමක් ගියර් අතර හිර වීමක් දැකගත හැකි වෙනවා.

විශේෂාංග ගැන කතා කලොත් meter එක විදියට semi digital (analog සහ digital) meter panal එකක් ලබා දී තිබෙනවා මෙහි speed,rpm,millage,fuel,time, වැනි තොරතුරු පෙන්නුම් කරනවා ඒ වගේම තමත් indicators කීපයක්ම meter panal එක අසල දැකගන්න පුලුවන්
Low Fuel Warning Light,
Service Reminder,
Low Oil Indicator,
Low Battery Indicator,
Engine Check Indicator,
Rev-limiter Indicator,
Fuel Reserve Indicator වැනි තොරතුරු දැකගන්න ලැබෙනවා.

මේ බයික් එකේ චැසි එක ගැන කතා කලොත් Pressed steel perimeter beam section frame එකක් යොදාගෙන තිබෙනවා.මේ බයික් එකට ආකර්ශනීය පෙනුමක් වගේම rider ට හොද riding position එකක් ලබා දී තිබෙනවා එමෙන්ම Clipon Handlebar ලබා දී තිබෙන නිසා උරහිස සහ දෙඅත් වලට දැනෙන අපහසුතාව අවම වෙනවා නමුත් කිලෝමීටර් 150,200 එකදිගට ධාවනය කරන විට දෙඅත් සහ කොන්දට තරමක අපහසුවක් ඇති වීමට ඉඩ තිබෙනවා යම් හෙයකින් RC හී මෙන් තරමක් පහත් හැඩලක් යොදාගත්තා නම් මීට වඩා Sporty Riding position එකක්ද ලබා ගැනීමට ඉඩ තිබුනි.


කෙසේ වෙතත් පසුපස ගමන් ගන්නා පුද්ගලයා කිලෝමීටර් 50ක් 75ක් පමණ දුර යන විට බොහෝ සෙයින් පීඩාවට පත් වන අතර මෙයට ප්‍රධාන හේතුව ලෙස Hump Holders හී පිහිටීම පසුපස Foot Pegs වල පිහිටීම හා කුඩා හා තද ආසනය පෙන්වාදිය හැකියි එමෙන්න විශේෂ කරුණක් ලෙස මේ තත්වය ඕනෑම Sports යතුරුපැදියක උදාහරණ ලෙස CBR250R,RC200,RC390 මෙන්ම 1000cc වල යතුරුපැදි දක්වාම දැකගත හැකිය. යම් හෙයකින් නිතරම දෙදෙනෙකු ගමන් ගන්නවා නම් නිතරම දුර ගමන් යෙදෙනවා නම් මෙහි Naked මාදිලිය වන NS200 හෝ වෙනත් Naked යතුරුපැදි වන RTR200,FZ250 වැනි තෝරාගැනීමටද ස්වකැමැත්ත පරිදි යොමු විය හැකියි.

මෙහි Seat height එක 810mm වන අතර Ground Clearance එක 157mm ලෙස සටහන් වන අතර NS 200 එකට වඩා 10cm වලින් පමණ Ground Clearance එක අඩු වෙනව. නමුත් මෙය ප්‍රමාණ 8කට Suspension මඟින් සීරූ මාරු කරගත හැකියි.
මෙහි Suspension ලෙස ඉදිරිපස  Anti Friction  Telescopic forks ද පසුපස Nitrox පිරවූ Monoshock එකක්ද යොදාගෙන ඇති නමුත් මේ යතුරුපැදි සමඟ කරට කර සිටින RC200 හී ඇති මෙන් WP USD Forks යොදාගෙන නැහැ එසේ උනා නම් තවත් වැඩි ස්ථාවර භාවයක් වංගු වලදී ලබා ගැනීමට ඉඩකඩ ලැබෙන අතරම Premium පෙනුමක් ද ලැබීමට ඉඩ තිබෙනවා.කෙසේ වෙතත් නිෂ්පාදන පිරිවැය අවම කිරීමට Bajaj මේ පියවර ගෙන ඇති බවට සටහන් කල හැකියි.

Tyres ගැන කතා කලොත් 100/80-17 52 P tubeless ඉදිරිපස හා පසුපස 130/70-17 62P tubeless ටයරක් හා දෙපසම අගල් 17 රිම් එකක් යොදාගෙන තිබෙනවා. මේ යතුරුපැදියෙහි සැකසුම හා මෙම ටයර් වංගු වල ඉතාම ස්ථාවර බවක් ලබා දෙන අතර අවශ්‍ය නම් මේ ටයර් ප්‍රමාණ වෙනස් කරගැනීමටද හැකියාව පවතිනවා.


RS200 වසර 2කට පමණ පෙර මෙරට මිලට ගැනීමට තිබූ එකම Brand New ABS EFI යතුරුපැදිය මෙය වූවද Gixxer 155SF EFI ABS සමඟම කරළියට ආ තවත් යතුරුපැදි බොහෝමයක් සමඟ මෙහි ABS පිලිබඳ විශේෂයක් නොවීය.

මෙහි ඉදිරිපස සඳහා 300mm butterfly disc එකක් සමඟ Bybre කැලිපරයක් ද පසුපස 230mm butterfly disc එකක් සමඟ Bybre කැලිපරයක් ද යොදා ඇති අතර ක්‍රියා විරහිත කල නොහැකි ඉදිරිපස පමණක් ABS යොදාගෙන තිබෙනවා එමෙන්ම මේ ABS පද්ධතිය ලොව සුපතල BOSCH සන්නාමයෙන් බල ගැන්වී ඇත අතරම මේ නිසා ඉතා කෙටි දුරකින් යතුරුපැදිය ලිස්සාගෙන යෑම වලක්වා ගනිමින් නවත්වා ගත හැකි අතරම තවත් වාසි සලසනවා මේ පිලිබඳ පෙර පල කල ABS ක්‍රියාකාරිත්වය ගැන ලිපිය කියවා අදහසක් ලබා ගන්න.

Lighting ගැන කතා කලොත් headlight එකට projector lamps 2 යොදා ගෙන තිබෙනවා ලංකාවේ දැනට Project lamp එකක් stock version එකෙන්ම එන එකම බයික් එක RC200,390  හැර RS200 පමණි මේ නිසා ඉතාම ආකර්ශනීය හා කැපී පෙනෙන පෙනුමක් ලැබෙනවා නමුත් සමහරෙක් මේ Projector lamps වල එලිය මදි  බවට දොශාරෝපණ එල්ල කරනවා.projector lamp හී ආලෝකය සෑහෙන්නේ නැති විට අමතර Lamps 2ක් හෝ 1ක් Fork එකට ආසන්නව යොදා ගැනීමට සිදු වෙන්න පුලුවන්.

තව දුරටත් කතා කලොත් Crystal LED tail light එකක් හා Signal වලටත් LED යොදා ගෙන තිබෙනවා එය මේ bike එකේ පෙනුමට හා ආලෝකයට ඉතාම ලොකු උපකාරයක් කරනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් මෙරට Brand New Sport යතුරුපැදි අතර හොඳ මට්ටමක පවතින අතර කරට කර තරඟය KTM RC200 හා Honda CBR250R අතර පවතින අතර ABS තාක්ෂණය නිසා RC තරමක් පසුපසට යනවා නමුත් වේගය,KTM සන්නාමය,USD Forks වැනි අංග වලට ප්‍රිය අය ලක්ශ 6.5ක මුදලක් වැය කර KTM RC වෙත සමීප වන අතර ABS ඉහල ඉන්ධන කාර්යයකෂමතාව වැනි අංග වලට මෙන්ම ගෙවන මිලට ඉහලම පහසුකම් සැපයෙන RS200 වෙත කොටසක් පිවිසෙනවා 2017 දක්වා මෙහි මිල 648,000 ලෙස පැවතියද KTM සම්ප්‍රාප්තිය සමඟ මිල 586,950 ලෙසට වෙනස් විය මේ නිසා මේ යතුරුපැදිය අලුතෙන්ම මිලට ගන්නට බලාපොරොත්තු වන අයට විශාල වාසියක් වන අතරම ලක්ශ 6ට අඩුව මේ අංග ඔපාංග සහිත යතුරුපැදි දෙක වන්නේ Gixxer 155GS EFI ABS හා RS200 වන අතර මේ අතරිනුත් නිතරඟයෙන් RS200 ජය හිමි කරගන්නවා. ගුණ අගුණ සටහන් කලා ඉතිරිය පාඨක ඔබට බාරයි.

යතුරුපැදිය ගැන අදහසක් පහල ඇති ඡායාරූප බලලා ලබා ගන්න.ඔබේ අදහසක් යෝජනා චෝදන අපේ FB පිටුවට යොමු කරන්න.


මෙහි සඳහන් මිල ගණන් දැණුම්දීමකින් තොරව වෙනස් විය හැක.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©







No comments:

Post a Comment