ලක්ෂ 4 යකඩයා TVS Apache 200 4V - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, August 16, 2017

ලක්ෂ 4 යකඩයා TVS Apache 200 4V


අද අපි කතා කරන්න සෙට් උනේ තවත් සුපිරි අතේ ගානට ගැලපෙන bike එකක් ගැන කතා කරන්න. ඒ තමයි 200NS 200RS එක්ක ගේමට ආව TVS Apache RTR 200 4V...

සුපුරුදු විදියට අපි Engine එකෙන්ම පටන් ගමු මේකේ Engine එක විදියට 197.75cc, single cylinder, SI, 4 stroke, Oil Cooled ලබා දීලා තියෙන්නේ මේ  Engine එකෙන් අපිට 20.23 BHP  max output වගේම 127 kmph Top speed එකක් බලාගන්න පුලුවන් ඒ වගේම 0-60Kmph speed එකට ලගා වෙන්න තත්පර 3.95කුත් 0-100kmph වේගයක් ලබා ගන්න තත්පර 12කුත් තමයි වැය වෙන්නේ .දැනට මේ බයික් එකේ fuel supply එක Carburettor (KEIHIN CV) සහ ABS version එකේදි BOSCH closed loop fuel injection system Fuel supply එකක් බලාගන්න පුලුවන්

ඒ Version එකේ දී top speed එක 129KMPH ලෙසත් max output එක 20.73 BHP තමයි ලබා දෙන්නේ එමෙන්ම Carburettor version එකේ දී ඉන්ධන කාර්යක්ෂමතාවය 25-30kmpl උනත් EFI version එකේදි 35-45 අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්න පුලුවන්.ඒ වගේම 5 speed gear පද්ධතියක් සහ Wet Multi Plate - 6 Plate Design clutch එකක් ලබා දීලා තියෙනවා මේ නිසා ඉතා පහසුවෙන් සද්ද බද්ද අඩුවෙන් ගියර් හිර කරගන්නේ පනින්නේ නැතුව මාරු කරගන්න හැකියාව ලැබෙනවා..

ඊලගට අපි මේ බයික් එකේ අනෙකුත් විශේෂාංග ගැන සලකා බලමු.
12L ඉන්ධන ටැංකියක් තමයි මේ බයික් එකේ දැකගන්න ලැබෙනේ ඒ වගේම 2.5L reserve capacity එකක් මේ ටැංකිය සතුයි. ඒ වගේම මේ බයික් එකේ මුලු බර 148KG විදියට සදහන් වෙන අතර ABS version එකේදි 148.5KG බරක් වෙනවා
තවත් ඉදිරියට කතා කලොත් මේකේ මීටර් එක විදියට Fully digital meter panal එකක් තමයි එන්නේ මේ මීටර් එකෙන් speed,fuel capacity,gear position,heat indicator,millage,trip,time,lap time වගේ දේවල් බලාගන්න පුලුවන්..අපි කලින් කතා කරපු FZ16 2.0 සහ 200NS එකට සාපේක්ශව මේ meter panel එක ඉදිරියෙන් ඉන්නවා මොකද 200NS එකේ නැති gear indicator එහෙම නැත්නම් gear position එක meter එකේදි අපිට බලාගන්න ලැබෙනව.
ඒ වගේම top speed recoder එකකුත් මේ meter එක සතුයි

තරමක් අනෙකුත් ඉන්දියන් බයික්ස් වලට වඩා අමතර කොටස් ද මිලෙන් වැඩියි.

ඊලගට අපි බයික් එකේ Headlight එක ගැන කතා කලොත් 60/55W, H4 Bulb with All-Time On LED Position Halogen  Lamp එකක් තමයි ලබා දීලා තියෙනේ මේ මගින් ඉතා හොද ආලොකයක් රාත්‍රී ධාවනයේ දී rider වෙත ලබෙනවා.tail light LED සහ signal light  clean lense විදියට තමයි දැකගන්න ලැබෙන්නේ.

ඊලගට Handling,Chassi සහ design එක ගෙන කතා කරමු.
මේ බයික් එකටත් 200NS එකේ වගේම Clip on handle bar ලබා දීලා තියෙනවා මේ තුලින් rider ට එක දිගට 100km ධාවනයේ යෙදුනත් උර හිසට සහ දෙඅත් වලට වැඩි අපහසුවකින් තොරව ධාවනයේ යෙදෙන්න වගේම හොදින් බයික් එක හසුරුවා ගැනීමේ පහසුව ලැබෙනවා.අපි apache 200 chassi එක ගැන බලුවොත් වැඩිදියුණු කරන ලද Double cradle split synchro stiff frame එකක් තමයි TVS ලබා දීලා තියෙන්නේ මේ තුලින් චැසි දෙදරීම අවම බව හා ධාවනයේ දී හොද ස්ථාවර බවක් ලබා දීම සිදු කරනවා ඒ කියන්නේ කලින් TVS bike වලට සාපේක්ශව මේ බයික් එකේ සද්ද බද්ද හා දෙදරිලි අඩුයි කියන එකයි.
ඒත් rpm9000 වගේ කකුල් දෙක හා දෙඅත් තරමක් දෙදරීමට ලක්වෙනවා

ඊලගට මේ බයික් එකේ design එක ගැන බැලුවම පේනවා වේගයෙන් යන්න නිර්මාණය කරපු බයික් එකක් බව සහ ඉතා ආකර්ශනීය පෙනුමකින් යුක්ත බව නමුත් යම් තරමක් උස අඩි 6ට ආසන්න පුද්ගලයෙකුට තරමක් මේ බයික් එක ධාවනයේදී අපහසුතාවයක් දැනේන ඉඩ තියෙනවා මේ බයික් එකේ design එක අතින් කියන්න තියෙන ලොකුම අඩුවක් විදියට පෙන්වන්න තියෙන්නේ ඒක..එමෙන්ම
මෙහි මූලාකෘතිය වන Draken 250 එකට සමාන ලෙස 200 එක නිම කිරීමට නිර්මාණශිල්පීන් උත්සුක වී තිබෙනවා

තවත් එක් සුවිශේෂී සහ ආකර්ශනීය අංගයක් විදියට Twin Pipe and Twin Barrel Design(කට දෙකේ සයිලන්සරය)  එක පෙන්වා දිය හැකියි. 200NS මෙන් apache 200 එකේ සයිලන්සරය එන්ජින් එකට යටින් හංගලා තියන්න TVS උත්සහ කරලා නැහෑ මේ කට දෙකේ සයිලන්සරය නිසා ඉතා ආකර්ශනීය පෙනුමක් සහ හඩක් පිට කිරිමේ හැකියාව ලබා දී තියෙනවා වගේම සුලු ගංවතුර තත්වයකදී වගේ බයික් එක මග නවත්තගන්නේ නැතුව යන්න අවස්තාව ලබෙනවා මොකද 200NS/RS KTM DUKE වලට සාපේක්ෂව පොලවට තරමක් ඉහලින් සයිලන්සරය පිහිටීමයි..

දැන් Suspension,tyre සහ break පැත්ත බලමු.
37mm Telescopic Shockabsorber එකක් ඉදිරියට ලබා දීලා තියෙනවා වගේම TVS වෙතින් ප්‍රථම වතාවට Monoshock එයාලගේ Apache model එකට ලබා දෙන්න මේ 200 4V එක තුලින් ආරම්භ කරලා තියෙනවා.ඒ අනුව පිටුපස Mono Tube - KYB Monoshock එකක් අපිට 200 4V එකේ දැකගන්න ලැබෙනවා මේ නිසා rider ට වගේම passenger ටත් සුවපහසුව ලබා දෙනවා.

Tyres විදියට tubeless 90/90 R17 සමග 1.85 x 17-inch 10 Spoke alloy wheel එකක් ඉදිරිපසටත් tubeless 130/70 R17 3.50 x 17-inch 10 spoke alloy wheel එකක් පිටුපසටත් ලබා දීලා තිබෙනවා

වලවල් තියෙන පාරක යද්දි mud guard එකයි ටයර් එකයි එකට එක වදින එක පොඩි අඩුවක් වගේම එයින් පිට වෙන සද්දෙත් පීඩාවක් වෙනවා.

breaks ගැන සදහන් කලොත් ඉදිරිපස 270mm Petal Disc සහ පසුපස
240mm Petal Disc බලාගන්න ලැබෙනවා SL market එකේ දැනට ඇති bikes වලට සාපේක්ෂව මේ බයික් එකේ පිටුපස disk එක තරමක් ප්‍රමාණයෙන් විශාල බවක් පෙන්නුම් කරනවා. එමෙන්ම Carburettor model  එකේදී ABS නැති උනත් EFI model එකේදී dual channel (ඉදිරිපස සහ පසුපස දෙකටම) ABS(Anti Block Breaking System) භාවිතා කරලා තියෙනවා. මේ නිසා Carburettor Non ABS model එකට වඩා වැඩි ආරක්ශාවක් ධාවනයේ දී EFI ABS model එකෙන් Rider ට ලබා ගන්න පුලුවන්කම ලැබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ඉපදෙන්න මූලික උන පදනම සදහන් කරන්නම්. 200 4V ඉන්ඩියාවෙදි release වෙන්නේ සම්පූර්ණයෙන්ම Bajaj Pulsar 200NS 200RS සහ 200AS වගේම KTM Duke 200/250 Honda CBR250RR වගේ බයික්ස් එක්ක තරඟ කරන්නයි ඒ වෙද්දි TVS සතුව තිබ්බ ලොකුම streetfighter bike එක උනේ apache RTR 180 එක කොහොමටවත් සෑහෙන්නෙ නෑ කියල තේරුන් ගත්ත TVS 200 4V හදුන්වා දෙන්නේ TVS එකේ දැනට Flagship බයික් එක විදියට තියෙන්නෙත් අද අපි කතා කරපු TVS Apache RTR200 4V ලංකාවෙත් මේ වෙද්දි ඉතා සාර්ථක ලෙස අලෙවි වෙන මේ බයික් එකේ Non ABS model එක ලක්ෂ 439,900මුදලක් වෙනවා. දැනට ලංකාවේ නම් මේ බයික් එකත් එක්ක ගේමට ඉන්න එකම බයික් එක වෙන්නේ 200NS/RS(ඉන්ඩියන් බයික්ස් වලින්) ලගදිම 200NS vs RTR200 review එකක් අරගෙන එන්නම් ලිපිය අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook එකට එවන්න like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි© 

TVS DRAKEN 250 CONCEPT 











No comments:

Post a Comment