මිල අඩුයි වැඩ ගොඩයි Bajaj Pulsar 160NS - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, August 24, 2017

මිල අඩුයි වැඩ ගොඩයි Bajaj Pulsar 160NS


අද කතා කරන්න ආවේ අලුතෙන්ම Local market එකට ආව තවත් වැඩ වැඩි මිල අඩු බයික් එකක් ගැන.
ඒ තමයි Bajaj Pulsar 160NS මේ බයික් එක release කරන්න මූලික හේතුව උනේ 150NS/AS අභිබවා Honda Hornet 160R,Yamaha FZ/S version 2.0,Suzuki gixxer වැනි bikes ජනප්‍රිය වීමයි.සරලව කිව්වොත් Hornet 160 එකටයි FZ 2.0 එකටයි ගේම දෙන්න තමයි bajaj මේ බයික් එක launched කලේ.

මුලින් එන්ජින් එක ගැන කතා කරලාම ඉමු.
160.3cc Single Cylinder, Oil-Cooled, Twin Spark, 4-Stroke එන්ජින් එකක් තමයි මේ bike එකට යොදාගෙන තියෙන්නේ.ඒ වගේම මේ බයික් එකෙන් ලැබෙන උපරිම බලය 15.3bhp වෙනවා.ඒ කියන්නේ 150NS/AS දෙකටම වඩා අශ්ව බලය නම් අඩුයි.නමුත් FZ V2.0 එකට වඩා හා Gixxer එකට වඩා අශ්ව බලය වැඩී වගේම දැනට ඇති මැද පෙල යතුරුපැදි වලින් ඉහලම උපරිම වේගය සදහන් වෙන්නේත් 160NS එක තුලින් ඒ කියන්නේ 120KMPH(official)

එ වගේම මේ බයික් එකට 0-60kmph වේගයට ලගා වෙන්න තත්පර 5.76 හා 0-100kmph වේගයට ලං වීමට තප්පර 16.93 කාලයක් ගත වෙනවා.නමුත් high rpm එකදී එන්ජින් එක hornet gixxer fz බයික්ස් වලට වඩා තරමක් දෙදරන ස්වභාවයක් ගන්නවා.නමුත් pulsar 135LS එක මෙන් වැඩි බලපෑමක් rider ට ඇති කරන්නේ නෑ.

ඊලගට gear හා clutch ගැන කතා කලොත්  5 speed gear transmission එකක් තමයි යොදාගෙන තියෙන්නේ. bike එකේ clutch එක ගැන official සදහන් නැති උනත් සුපුරුදු wet multi-plate භාවිතා කර ඇති.

මේ බයික් එකටත් fuel system එක විදියට ලබා දීලා තියෙන්නේ carburettor එකක් ඒ නිසා Fz v2.0 එකේ වගේ ලොකු ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගන්න ලැබෙන්නේ නෑ.නමුත් 40-45KM අතර දුරක් 1 ලීටරයකින් ගමන් කිරීමට පහසුව සලසා දෙනවා වගේම ලීටර 12 ක ඉන්ධන ටැංකියක් හා මේ තුල ලීටර 2.4ක reserve ඉන්ධන ප්‍රමාණයක් ගබඩා වෙනවා.

ඒ වගේම මේ බයික් එකේ මුලු බර 142 kg විදියටයි සදහන් වෙන්නේ.ඒ බර engine capacity එකට සාපෙක්ශව ගැලපෙන හොද බරක් බයික් එකේ සමබරතාව හා පාලනයට මේක ලොකු උපකාරයක් වගේම 80-100km වේගයෙන් ගමන් කරද්දි ස්ථාවර භාවයක් ලබා දෙනවා.

තවත් විශේෂාංග කීපයක් ගැන කතා කලොත්  Digital හා Analog ලෙස meter panal එක නිර්මාණය කර තිබෙනවා මෙය බොහෝ සෙයින් 200ns එකට සමාන වෙන ලෙස නිමා වී ඇති අතර RPM analog  ලෙසත් speed,millage,trip,fuel,time  වැනි සුපුරුදු තොරතුරු පෙන්නුම් කරනවා.මේ meter panal එකෙත් gear position පෙන්නුම් නොකරන එක යම්තාක් දුරට අඩුපාඩුවක් ලෙස පෙන්වා දෙන්න පුලුවන්.

ඒ වගේම සුපුරුදු පරිදි engine kill switch එකක් ලබා දි ඇති නිසා traffic rides වලදී engine  standby mode එකේ තබාගෙන ලබාගත හැකි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවය ගැනීමට පුලුවන්.

ඒ වගේම underbelly exhaust(bike එක යටින්) සයිලන්සරය එක යොදා ගෙන තිබෙන අතර එය බයික් එකට හොද පෙනුමක් ගෙන එනවා.එමෙන්ම හදිසි අනතුරකදී වූවද සයිලන්සරයට වන හානිය අවම කර ගත හැකියි.(150/200NS හා 200RS මේ සයිලන්සරයම යොදා ගෙන තිබෙන්නේ) නමුත්  පොලෝ මට්ටමේ සිට අඩි 2ක පමණ ගං වතුරක් ඇති වූ තැනකින් වගේ මේ exhaust එකත් එක්ක ගියොත් 100-200M දුරකදී එන්ජින් එක නතර වීමට ඉඩ තිබෙනවා.(කවුද ගං වතුරේ බයික් පදින්නේ)

මේ බයික් එකේ frame(chassi) හා suspension ගැන කතා කලොත් 200NS එකට ලබා දුන් steel perimeter frame එකම ලබා දී තිබෙනවා.RPM7000-8000 අතරදී යම් දෙදරීම rider ට දැනුනත් 135LS Apache RTR160 බයික්ස් වල දැනුන අධික දෙදරීම නම් මේ frame එක නිසා riderට දැන්නේ නෑ.
 ඒ වගේම මේ bike design එක බැලු බැල්මටම 150/200NS එකට සමාන ලෙස නිම කර ඇති අතර අඩි 6ක පමණ rider කෙනෙක්ට උනත් සුවපහසු ධාවනයකට ඉඩ සලසනවා.

Suspension විදියට ඉදිරිපස 130mm telescopic fork එකක් හා පසුපස 120mm Nitrox Mono Shock Absorber with piggy back gas canister ලබා දී තියෙනවා 200ns එකට සමාන ලෙස rider හා passenger දෙන්නටම ගමන් ගැනිම පහසුව සැලසී තිබෙනවා.

ඊලගට breaks ගැන කතා කලොත්  ඉදිරිපස 240mm Disc එකක් හා පසුපස 130mm Drum එක්ක ලබා දීලා තිබෙනවා.ඒ වගේම මේ මාදිලියෙන් double disc bike එකක් එන්නෙ නැති නිසා double disc ඔනේ නම් 200NS එක්ටම ඔයාට යන්න වෙනවා.Hornet 160R එක single සහ double disc මාදිලි 2න් ම ආවත් fzv2.0 වගේ මේ bike එකත් single dics මාදිලියෙන් විතරයි එන්නේ.ඒ වගේම් නේපාලය හා තුර්කියට නිකුත් කරන ලද 160NS වල Single channel ABS ලබා දීලා තිබෙනවා ඉන්දියාවේ හෝ ලංකාවේ ABS මාදිලිය දැකගන්න ලැබෙන්නේ නෑ දැනට.

ඊලගට tyre ගැන කතා කලොත් ඉදිරිපස 80/100-17 හා පසුපස 110/80-17 tyre ලබා දී තිබෙන අතර tyre දෙකම MRF tubeless tyre වෙනවා.බයික් එකේ පෙනුමත් එක්ක ටයර් වල කැපී පෙනෙන සිහින් ගතියක් දැකගන්න ලැබෙන එක ලොකු අඩුපාඩුවක් වගේම යම්තාක් දුරට ස්ථාවර ධාවනයට හා හදිසි තිරිංග යෙදීමකට හොදින් ප්‍රතිචාර දැකිවීමට ඇති ඉඩ බොහොම අඩුයි.එම නිසා අලුත් ටයර් මාරුවේදි තරමක් පුලුල් ටයරයක් භාවිත කිරීම ආරක්ෂාවට වඩා සුදුසුයි.

මේ බයික් එකටත් AHO(automatic headlamp on) feature එක් ලබා දීලා තිබෙනවා ඒ කියන්නේ head on off switch එකක් මේ බයික් එකෙත් දැකගන්න ලැබෙන්නේ නෑ 200NS එකේ වගේම මීට හේතුව මෑත කලයේ ඉන්දියාවේ ස්ථාපිත කරන ලද නීතියක් එයට අනුව පැය 24 ධාවනයේදි යතුරුපැදි වල headlamp on එකේ තිබිය යුතුයි.එම නිසා එම නීතිය ක්‍රියාත්මක වූ දා පටන් local market එකට එන ගොඩක් bike onlight විදියටයි එන්නේ.මේ බයික් එකට යොදා ඇති headlamp එක කුමන ආකාරයේ එකක්ද යන්න හරි සදහනක් නැතත් 200NS headlamp එකම යොදාගෙන ඇති කියා අනුමාන කල හැකියි.එනම් H4 BLUE TINGE lamp එකක්.

අවසාන වශයෙන් මෙහි මිල හා තවත් කරුණු ටිකක් සටහන් කර අද ලිපිය අවසන් කරන්නම්.
මේ බයික් එක මෑතක ලංකාවේ ද අලෙවිය සදහා ආනයනය DPMC මගින් සිදු කලා.දැනට මේ බයික් එකත් එක්ක ලොකුම තරගෙට ඉන්නෙ Honda CB Hornet  160R සහ FZ/S version 2.0 සහ Suzuki gixxer නමුත් මේ සියලුම bikes වලට වඩා මිල අඩු බව හා මිලට වඩා ඇති පෙනුම නිසා බොහෝ දුරට තරුණයන් අතර මේ බයික් එක ඉක්මනින් ජනප්‍රිය වීමට ඉඩ තිබෙනවා.මෙහි මිල ලෙස රුපියල් 388,300 මුදලක් මේ වෙන විට DPMC වෙතින් සටහන් කර තිබෙනවා.මේ බයික් එක ගත යුතු ද නැද්ද කියා බලපෑමක් සිදු කිරිමේ කිසිම අවශ්‍යතාවයක් අපිට නොමැති අතර එය ඔබේ පුද්ගලික කැමැත්තට බාර කර අද ලිපිය අවසන් කරනවා.යම් ගැටලුවක්,යොජනාවක්,චෝදනාවක් ඇත්නම් අපගේ Facebook එකට message එකක් දාන්න.පහත photos බලලා අදහසක් ගන්න
ස්තුති.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි©






No comments:

Post a Comment