මැද පන්තියේ බඹර පැටියා Honda Hornet 160R - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, August 19, 2017

මැද පන්තියේ බඹර පැටියා Honda Hornet 160R


බොහොම සාර්ථක පෝස්ට් ටිකටක පස්සේ අද අපි කතා කරන්න ලැහැස්ති උනේ ගොඩක් අයගේ ඉල්ලීමක් උන මධ්‍යම පන්තියේ වීරයෙක් ගැන කතා කරන්න.එහෙමත් නැත්නම් Honda Hornet 160R ගැන කතා කරන්න. අද මුලින්ම එන්ජින් එක ගැන කතා කරන්නේ නැතුව මේ බයික් එකේ ඉපදීම ගැනත් Honda Motorcycle And Scooter India Private Limited එක ගැනැත් පොඩි හැදින්වීමක් කරන්නම්.ගොඩක් අය හිතන්නේ Stafford Motors එකෙන් ගෙනවන මේ Honda bikes ඉන්දියන් කියලා ඒක සම්පූර්ණයෙන් වැරදි.එයාලා ආනයනය කරන්නේ Japan Honda එකේ සම්පූරණ අධීක්ෂණය යටතේ ඉන්න Honda Motorcycle And Scooter India Private Limited එකේ බයික්ස් ජපානේ ඉදලා කෙලින්ම ලංකාවට ඉන්දියාවට වගේ දකුණු ආසියානු කලාපේ රට්වල් වලට මේ බයික්ස් ගෙන්න ගියොත් ලොකු පිරිවැයක්(high cost) එකක් යන නිසා තමයි indian honda එක මගින් මේ බයික්ස් එකලැස් කරලා දකුණු ආසියාව පුරා බෙදා හරින්නේ.ඒ හැම බයික් එකක්ම ජපන් තාක්ෂණයට අනුව ජපානයේම නිශ්පාදිත අමතර කොටස්ම යොදාගෙන තමයි නිමවෙන්නේ බොහෝ දුරට ටයර් සහ coverling පමණක් ඉන්දියාවේදි නිශ්පාදනය වෙනවා.එන්න ඒ විදියට තමයි. Stafford Motors එක හරහා එන Honda bikes ලංකාවට එන්නේ.

ඊලගට අපි අපේ topic එකට එමු Hornet 160R එක නිර්මාණය වෙන්න මූලිකම හේතු උනේ Honda එකට CBR150 ඇරෙන්න මැද පන්තියේ
Sports commuter bike එකක් තිබ්බේ නෑ. Yamaha FZS,Fz,Suzuki Gixxer, TVS apache rtr 160,Bajaj Pulsar 150 වගේ බයික්ස් අනිත් motor company වලට තිබ්ත් Honda එකට තිබුනේ නැහැ CBR150 එක ඉහත models වලට සාපේක්ශව මිල අධික නිසා මේ models එක්ක ගේමට මැද පෙල වීරයෙක් අවශ්‍ය උනා ඒ කාරණාවත් එක්ක තමයි Honda Hornet 160R ඉපදෙන්නේ.මේකට එයාලා බඹරෙකුට සමාන පෙනුමක් දීලා මේ නම යොදන්න තීරනය කරනවා.(250 Hornet අය පොඩ්ඩක් ඒකට අකමැතියි) ඔහොම තමයි මේ Hornet 160R නැත්තම් CB160R කරලියට එන්නේ.

දැන් එන්ජින් එක ගැන කතා කරමු.
මේ බයික් එකට 162.71cc Air Cooled, 4 Stroke, SI Engine එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මේ එන්ජින් එකෙන් 15 BHP Max output එකක් වගේම 120 kmph top speed එකක් ලබා දෙනවා.මේ එන්ජින් එකට 0-100kmph වේගයක් ගන්න තත්පර 16.3 කාලයක් ගත වෙනවා.ගොඩක් අය දන්නවා හොන්ඩා එන්ජින් කියන්නේ සද්ද බද්ද දෙදරිලි ලෙඩ අඩු එන්ජින් කියලා ඉතින් හොන්ඩා ඒ නම රැකගෙන මේ බයික් එකත් design කරලා තියෙනවා වගේම කිසි ලෙඩ දුකක් නැතුව 60000-70000km එන්ජින් එක දුවන්න පුලුවන්කම ලැබෙනවා.

ඊලගට gear,clutch සහ තවත් කරුණු කිහිපයක් ගැන කතා කරමු.
මේ බයික් එකට 5 speed gear පද්ධතියක් සහ Wet Multi-plate clutch එකක් දීලා තියෙනවා.12 litres ඉන්ධන ටැංකියකුත් මේ බයික් එකට ලබා දීලා තියෙනවා මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන බැලුවොත් 48Km වගේ තමයි ගමන් කරන්න පුලුවන් වෙන්නෙ.මොකද මේ bike එකේ weight එකත් Carburettor fuel supply එකත් නිසා Fz16 V2.0 එකේ 55Kmpl වගේ් ලැබෙන ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවයක් මේ බයික් එකෙන් ලබාගන්න ලැබෙන්නෙ නැහැ.ඒ වගේම මේ බයික් එකේ මුලු බර විදියට double disc140 kg, single disc 138kg විදියටත් සදහන් කරන්න පුලුවන්.

දැන් මේ bike එකේ තවත්  විශේෂාංග කීපයක් ගැන කතා කරමු.
මේ බයික් එකටත් Fz V2.0,gixxer bikes වලට වගේම fully digital meter panel එකක් ලබා දීලා තියෙනවා මේ මීටර් එකේ Speed,mileage,trip,fuel,time පෙන්නුම් කලත් මේ meter panal එකෙත් Gear position එක නම් පෙන්නුම් කරන්නේ නෑ ඒ වගේම.Honda(Indian assembled)දිගින් දිගටම කරපු වරදක් මේ බයික් එකටත් කරලා තියෙනවා ඒ කියන්නේ FZ V2.0,gixxer,pulsar 150 වගේ බයික් වල දන්න කාලේක ඉදන් ආව Engine Kill switch එක Honda මේ Hornet 160 එකට ලබා දෙන එක අතපසු කරලා ඒක ලොකු අඩුවක් විදියට පෙන්නුම් කරන්න පුලුවන් නමුත් දිගටම honda ride කරපු කෙනෙක්ට නම් ඒක ලොකු අඩුවක් නෙමෙයි ඒත් FZ වගේ බයික් එකකින් hornet එකක්ට මාරු වෙනවා නම් පොඩි නුහුරු ගතියක් දැනෙයි ඒ අඩුව නිසා.

ඒ වගේම මේ බයික් එකේ kik start එකක් බලාගන්න ලැබෙන එකත් අමතර වාසියක් මොකද fz 2.0 එකේ එහෙම kik එකක් දැකගන්න ලැබෙන්නෙ නෑ.

දැන් Frame,suspension සහ breaks ගැන කතා කරමු.
මේ බයික් එකේ frame(chassi) එක විදියට  Diamond frame එකක් දීල තියෙනවා ඒ කියන්නේ FZ16 චැසියට සමාන එකක් මේ චැසි එකත් හොන්ඩා එන්ජින් එකත් නිසා ඉතා ඉහල RPM එකකදී උනත් bike එකේ දෙදරීම අවම කර ධාවනයට ස්ථාවර බවක් වගේම rider ට සුවපහසුවක් ගෙනත් දෙනවා.
Suspension ගැන සදහන් කලොත් ඉදිරිපස Telescopic සහ පිටුපස Monoshock ලබා දීලා තියෙනවා.මේ ගැන විශේෂ සදහන් කරන්න නැතත් bajaj TVS මැද මැද පන්තියට හා Suzuki Gixxer එකට සාපේක්ශව rider සහ passengerට සුවපහසු ගමනක් මේ bike එකෙන් ලැබෙනවා
මේ bike එකේ Single Disc break සහ double disc break ලෙස මාදිලි දෙකක් පැම්නෙන අතර Single disc මාදිලියේදී ඉදිරිපස 276mm Disc with a triple-pot Nissin caliper පිටුපස 130mm Drum එකක් ලබා දීලා තියෙනවා
ඒ වගේම double disc මාදිලියේ දී ඉදිරිපස 276mm Disc with a triple-pot Nissin caliper පිටුපස 220mm Disc with a single-pot Nissin caliper සමග Honda’s Combined Braking System (CBS) තාක්ෂණය යොදාගෙන තිබෙනවා මේ විශේෂාංගය single disk මාදිලියේ නැති අතර ඉතා හොද ආරක්ෂාවක්  දීමේ හැකියාව double disc මාදිලියට හැකියාව පවතිනවා.නමුත් වැලි බොරලු පොලවක මේ නිසා ලිස්සා යෑම වැඩී සාමාන්‍ය පාරක නම් අඩු දුරකින් bike එක නවතා ගැනීමේ වාසිය ලැබෙනවා.

ටයර් ගැන බැලුවොත් ඉදිරිපස 100/80-17 (MRF Zapper FYM Tubeless) හා පිටුපස 140/70-17 (MRF Zapper FYM Tubeless) පුළුල් ටයර් එකක් ලබා දීලා තියෙනවා Honda india එකෙක්න් මෙතෙක් කල් කරපු ලොකු අඩුවක් උන සිහින් ටයර් යොදා ගැනීම Hornet 160 එකේදී එයාල කරලා නැහැ.මේ පුළුල් ටයර් නිසා ඉතා ආරක්ෂාකාරීව හා මනා පාලනයකින් යුතුව rider ට ධාවනට හා Knee down එකක්ට තරම් පහලට වංගු නැවීමේ හැකියාව ලැබිලා තියෙනවා.ඒ වගෙම 17-inch රිම් එකක් තමයි දැකගන්න ලැබෙන්නේ දෙපසම.

අවසාන වශයෙන් bike එකේ Lighting,සහ අමතර විශේෂාංග ගැන කතා කරමු.
මේ බයික් එකේ Exhaust එක විදියට Midship exhaust unit එකක් තමයි ලබා දීලා තියෙන්නෙ ජරබර සද්ද නැතුව ඉතාම පැහැදිලි beat එකක් සහ ආකර්ශනීය පෙනුමක් ලැබිලා තියෙනවා.
Lighting ගැන කතා කලොත් 12V 35/35W(Philips)Head light එකක් ලබා දීලා තියෙනවා මේ හෙඩ් එක රෑ ගමන් වලදි පැහැදිලි ආලෝකයක් ලබා දුන්නත් වසර දෙකක් පමණ යද්දි ආලෝකය අඩු වීමක් සහ කහ ගැසීමක් දකිය හැකියි.ඒ නිසා හෙඩ් එක 2years ගියාම clean කරගන්න එක හොදයි. Tail light එක විදියට LED X ආකාරයේ ලබා දී තියෙන අතර bike එකේ පෙනුමට ඉතාම ආකර්ශනීයත්වයක් මේ නිසා එකතු වෙලා තියෙනවා..

මේ bike එකේ මිල සහ තවත් කරුණු කිහිපයකින් අද ලිපිය අවසන් කරනම්.
Singe disc model එක 406,000 සහ Double disc model එක 429,500 වගේ මුදලකට මේ වෙද්දී Stafford Motors  Showrooms වලින් මිලදී ගන්න පුලුවන්.ආරක්ෂාව ගැන සලකා බලද්දි 23,000 වගේ මුදල් පරතරයක් ගැන බලන්නේ නැතුව double disk මාදිලියෙන්ම මිලදී ගන්න එක හොදයි කියන එකයි මගේ පුද්ගලික මතය වෙන්නේ මේ වෙද්දී මේ බයික් එකත් එක්ක ගේමට Fz16 2.0,Gixxer,pulsar150,pulsar 160ns,Hunk,Xtream වගේ බයිස් ටිකක් තමයි ලංකාවේ මාර්කට් එකේ ඉන්නේ මේ අතරිනුත් ලොකුම ගේම තියෙන Fz/FZsV2.0 සහ Gixxer වගේම අලුතෙන්ම ආව 160NS එකෙත් reviews අරන් එන්නම් වැරදි අඩුපාඩු යෝජනා චෝදනා අපේ FB page එකට යොමු කරන්න පෝස්ට් එක යට photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න. ස්තූතී.

විශේෂ ස්තූතිය කණිෂ්ක මදුසංක වෙත ජායාරූප ලබා දීම වෙනුවෙන්.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.


Wandi - වණ්ඩි©








No comments:

Post a Comment