R1 පවුලේ පොඩි පුරුක R15 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, August 25, 2017

R1 පවුලේ පොඩි පුරුක R15

කොහොමද කට්ටියටම මේ ටිකේම කතා වුනේ High capacity බයික් ගැනනේ ඔන්න ඉතින් අද අරන් ආවා ලංකාවේ අපිට ගන්න පුලුවන් තවත් පට්ට බයික් එකක review එකක් සින්හලෙන්ම. ජපානයේ yamaha ආයතනයේ අදික්ශනය යටතේ india වේ නිපදවන 150 cc ගනයට අයත් වෙන තවත් හොද preformance තියෙන බයික් එකක් තමයි මේක.ඒ තමයි yamaha R1 පරම්පරාවට අයිති වෙන Yamaha YZF - R15 v2.0
මේකේ engine එක ගැන මුලින්ම කතා කලොත් 149 .8 cc, liquid cooling, single cylinder, 6 gear engine එකකින් තමා මේක සමන්විත වෙන්නේ. මේකේ max power output එක 16 .8Bhp .150 bikes වලින් ඉහලම අශ්ව බලය සහිත bike එකක් වෙනවා මේක.ඒ වගේම fuel injecting system එක ඇතුලත් කරලා තියෙන නිසා මේ බයික් එකේ හොද fuel economy එකක් ලබා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. 0- 100kmph වගේ වේගයක් ලබා ගන්න මේ බයික් එකට යන්නෙ තත්පර 13ක් වැනි සුලු කාලයක්.

ඒ වගේම wet multiple disc clutch එකක් ලබා දීලා තියෙනවා . වගේම උපරිම වේගය 131kmph ලෙස සදහන් වෙනවා. Racing inspired air dynamic design එක නිසා යම් පුහුණුවක් ලත් කෙනෙකුට නම් වංගු වලදි kneedown එකක් උනත් කිරීමට පුලුවන්.
Liquid cooling engine එකක් නිසා දුර ගමන් වලදි high RPM එකකදි උනත් එන්ජිමෙහි උෂ්ණත්වය ප්‍ර්ශස්ත මට්ටමකින් තබාගෙන ගමන් කිරීමට ලැබෙනවා.

මේ බයික් එකට delta box chassis එකක් සහා aluminum swing arm එකක් ලබා දීලා තියෙන නිසා ලොකු rpm range එකකදි වුනත් කිසි දෙදරීමක් නැතුව ගමන් කරන්න හැකියාව ලැබෙනවා. මේ වගේ mid range බයික් එකක aluminum swing arm දැකගන්න ලැබෙන එකම බයික් එක මෙයයි.
මේ බයික් එකේ clipon handle bars යොදාගෙන තියෙන නිසා දුර ගමනකදි වුනත් හොද පහසුවක් ලැබෙනවා. මේ බයික් එකේ තියෙන air dynamic design එක නිසා ඕනම ලොකු speed එකකදි ලේසියෙන්ම මේ බයික් එක හසුරවන්න හැකියාව ලැබෙනවා. නමුත් මේ බයික් එකේ passenger seat එක උඩින් සවිකරලා තියෙන නිසා දුර ගමනකදි passenger ට පොඩි අපහසුවක් දැනෙනවා.

මේ බයික් එකේ tyres සහා breaks ගැන කතාකලොත් front breaks 267mm සහා rear breaks 220mm වලින් සමන්විත වෙනවා . මේ නිසා ඉතා හොදින් ඉහල වේගයකදී උනත් අනතුරු අවම කරමින් bike එක නතර කරගැනීමේ පහසුව ලැබෙනවා.
front tyre එක 90/80 සහ rear tyre එක 130/70 විශාලත්වයෙන් සමන්විත වෙනවා . මීට වඩා ටිකක් ටයර් සයිස් එක ලොකු උනා නම් මීටත් වඩා ආකර්ශනීය පෙනුමක් මේ බයික් එකට ලැබෙනවා . කෙසේ වෙතත් අලුත් ටයර් මාරුවෙදි අවශ්‍ය ලෙස එය මාරු කරගත හැකියි.

මේ බයික් එක 12 ltrs fuel tank එකකින් සමන්විත වෙලා තියෙනවා. එහ් වගේම කොලඹ වගේ තදාසන්න පැති වලදී 30-35kmpl වගේ ලබාදුන්නත් ටිකක් දුර ගමන් වලදී 40-45 වගේ fuel economy එකක් ලබා ගන්න පුලුවන්. මේ වගේ sports model එකේ බයික් එකකට එක ඉතාමත් හොද fuel economy එකක්.

ඒ වගේම ඉස්සරහට light 2ක් ලබා දීලා තියෙන නිසා රාත්‍රි කාලයේදී හොද පැහැදිලි එලියක් ලබාගන්න හැකියාව ලැබෙනවා. එහ් වගේම මේ බයික් එකේ පිටුපසට Led light සහා signal light වලට crystal lights ලබාදීලා තියෙනවා . ඒමෙන්ම AHO system එක මේ bike එකෙත් යොදාගෙන තිබෙනවා.

මේ වගේ sports bike එකකට අවශ්‍යම වෙන gear position indicator එක මේ බයික් එකේ අඩංගු නොවුන එක අඩුවක් හැටියට සදහන් කරන්න පුලුවන්. මේ version එකට කලින් ආපු v1.0 එකට වඩා මේ බයික් එක 4kg බරින් වැඩිය. එහ් වගේම එහ් බයික් එකෙ තිබ්බ ගොඩක් අඩුපාඩු හරිගස්සලා තමයි yamaha එකෙන් මේ බයික් එක නිකුත් කරලා තියෙන්නෙ. එහ් වගේම v1.0 මාදිලියේ තිබුනු වර්නයන් වෙනස් කරලා තමයි මේ v2.0 එක නිකුත් කරලා තියෙන්නේ.R6 එකේ body එකට සමාන body එකකින් නිපදවලා තියෙන නිසා 150cc බයික් එකක් වුනත් පාරේ යද්දි ලුක් එකක් තියෙන බයික් එකක් තමයි මේ බයික් එක.

ඒ වගේම දැනට Yamaha Y15 Special Edition නමින්  Version එක වෙලඳපොලට නිකුත් කර ඇති අතර stickers වල වෙනසක් පමණයි මෙහිදැකගන්න ලැබෙන්නේ. මේක ඉන්දියාවේ නම් රිලීස් කලේ CBR150R වගේ බයික්ස් එක්ක ගේමට නමුත් ඒ බයික් මෙහෙ නැති නිසා මේකට තරඟ කරන්න සුදුසු මට්ටමේ ඉන්නෙ Suzuki Gixxer SF  හැර pulsar 200rs 200ns apache rtr 200 4v වගේ Cc අගය වැඩි බයික්ස් නමුත් ඒ බයික්ස් එක්ක කරට කර යන්න Yamaha මේ bike එක නිර්මාණය කර තිබෙනවා.

මේ බයික් එක ලංකාවේ වෙලදපොලට නිකුත්කරලා තියෙන්නේ රුපියල් 641,000ක් වගේ මිලකට . AMW head office එකෙන් මේ bike එක ගන්න පුලුවන් වගේම දැනට AMW dealer showrooms වල නම් කලාතුරකින් තමයි R15 දකින්න ලැබෙන්නේ මේ වගේ performance තියෙන බයික් එකක් 6.40ක් වගේ ගානක් දීලා ගන්න එක පාඩු නෑ කියන එකයි මගේ අදහස. නමුත් මේ මුදලට 250 japan bike එකක් ගන්නවා හොදයි කියලා හිතෙයි සමහර අයට එහෙත් recondition bike එකට ආස නැති ඒත් පෙනුම හා proforments ඇති හොද Sports බයික් එකක් ගන්න අදහසක් ඇතිඅයෙක්  නම් R15 හොද තේරීමක් එය තීරණය කිරීම ඔබේ අයිතියක් වණ්ඩි ඒ සඳහා බලපෑම් කරන්නේ නෑ.
අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූති.

විශේෂ ස්තුතිය ඕමාල් ඇන්ඩරසන් වෙත ජායාරූප ලබා දීම වෙනුවෙන්.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චාජාරූප අවසරයකින් උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි







No comments:

Post a Comment