පොලිස් මාමලගේ දඬු මොණරේ XJ6 ගැන නොදත් දේ - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, August 23, 2017

පොලිස් මාමලගේ දඬු මොණරේ XJ6 ගැන නොදත් දේ


අද වණ්ඩි ආවේ පොලිස් මාමලගේ දඬු මොණරේ ගැන කතා කරන්න.එහෙමත් නැත්නම් Yamaha XJ6 Diversion කියන බයික් එක ගැන කතා කරන්නයි.මේ මාදිලියේ බයික්ස් 315 ශ්‍රී ලංකාවට ඉකුත් රජය සමයේ ආනයනය කලා.මේ සදහා ශ්‍රී ලංකාවේ වලංගු මුදලින් රුපියල් මිලියන 945(ලක්ෂ 9450) වැය කර තිබෙනවා. ඒ කියන්නේ ඒක 315 බෙදුවාම එක බයික් එකක මිල රුපියල් මිලියන 3ක් (ලක්ෂ30) පමණ වෙනවා.පොඩි කාර් එකක් cash කරලා ගන්න සල්ලි නේද කියලා දැන් සමහරු හිතයි ඔව් ඒකේ කිසි වරදක් නෑ.ඒ වගේම මේ bikes සමහර පොලිස් ස්ථාන වලට 2 බැගින් කොළඹ හා තාදාසන්න ප්‍රදේශය වල පොලිස් ස්ථාන වලට 5බැගින් වගේ බෙදා දීලා තිබෙනවා.මේ බයික්ස් ගෙන්වීමේ ප්‍රධාන අරමුණ මර්ග නීතී කඩ කරන රියදුරන් හබාගොස් අත්අඩංගුවට ගැනිම අධිවේගි මාර්ගය ආශ්‍රිතව නීති උල්ලංඝනය කරමින් ධාවනය වෙන රථ අත්අඩංගුවට ගැනීම වගේ අපරාධ පාලනය හා දේශීය විදේශීය ප්‍රභූවරුන්ගේ රථ පෙලපාලි,(vehicle squad) වලදී ආරක්ෂාව සැපයීම වැනි කාර්යය කිරීමයි.(ඔවුන් පවසන ආකාරයට)

දැන් මේ බයික් එකේ හදවත නැත්තම් Engine එක ගැන කතා කරමු.
600cc In-line four cylinder, four-stroke Liquid cool 16 Valve එන්ජින් එකක් තමයි මේ බයික් එකේ Engine එක විදියට දීලා තියෙනේ.කට්ටියට දැන් තෙරෙන්න ඇති මොකෝ මේක ලක්ෂ 30 උනේ කියලා එක සිලින්ඩරයකට වෑල් 4 ගානේ වෑල් 16කින් එන්ජින් එක නිම වෙලා තියෙනවා.මේ නිසා ඉතාම කෙටි කාලයකින් ඒ කිව්වේ තත්පර 4.1කින් වගේ 0-100KMPH වේගයකට ලගා වෙන්න පුලුවන් වගේම මේ බයික් එකේ top speed වෙන 201Kmph වේගයට ලගා වීමටත් තප්පර 14ක වගේ කෙටි කාලයක් යන්නේ ඉතින් හිතාගන්නකෝ තරම ඒ ව්ගේම මේ එන්ජින් එකෙන් 76.44 HP උපරිම බලයක් ලබා දෙනවා.(සාමාන්‍ය පාරේ දකින අපි පදින බයික් එන්ජින් එකක් වගේ 5ගුණයක් විතර)

තවත් දුරට කතා කලොත් මේ බයික් එකේ සිසිලන පද්ධතිය ද්‍රව සිසිලන (liquid cooling) නිසා එක දිගට air හා oil cooling එන්ජින් වලින්යුත් බයික් වලට වඩා වැඩි දුරක් engine overheat කරගන්නේ නැතුව ගමන් කිරීමේ පහසුව සලසා දී තියෙනවා නමුත් oil හා air cool එන්ජින් වලට සාපේක්ෂව නඩත්තුවේදී වැඩි පිරිවැයක් දැරීමට මේ බයික් එක වෙනුවෙන් සිදු වෙනවා(අපේ tax/දඩ තමා ඕවට වියදම් කරන්නේ)

ඒ වගේම මේ බයික් එකේ fuel system එක විදියට EFI (Electronic Fuel Injection) ලබා දීලා තියෙනවා.600cc 16 valve 4 cylinder එන්ජින් එකකින් කොහෙත්ම හොද ඉන්ධන කාර්යක්ෂමතාවයක් බලාපොරොත්තු වෙන්න බෑ මොකද මේ බයික්ස් නිර්මාණය වෙන්නේ සම්පූර්ණයෙන්ම වේගයෙන් යෑම අරමුණු කරගෙනයි.කෙසේ වෙතත් EFI එකට පිං සිදු වෙන්න 20-25Km(මාමලා හයියෙන් යන්නේ නැති නිසා නැත්තම් 20Km වලටත් වඩා අඩුයි)දුරක් petrol ලීටරයකින් ගමන් කිරීමට අවස්ථාව හිම් වෙනවා.දැනගන්න  ලැබෙන විදියට කොළඹ අවට ජංගම මුර සේවයේ (police patrol) යෙදෙන මේ bike එකකට පමණක් රුපියල් 750 සිට 1000 පමණ දක්වා දිනකට ඉන්ධන සදහා වැය වෙනවා. එතකොට දල වශයෙන් රුපියල් 500 ගානේ patrol bikes 100 මුර සේවයේ ගියොත් අවම වශයෙන් රුපියල් 50000ක මුදලක් දිනකට වැය වෙනවා.(රටේ ආරක්ෂාව ගැන සලකද්දි ඒක රුපියල් වලින් මනින්න බැරි බව ඇත්ත නමුත් මේ තරම් බයික් එකක් මේ අවස්තාවේදී අපිට අවශ්‍ය ද කියන එක ගැටලුවක්.)

මේ බයික් එකේ gear සහ clutch ගැන කතා කලොත් මේකට ලබා දීලා තියෙන්නේ වේග 6ක ගියර් පද්ධතියක් සාමාන්‍යයෙන් මේ වගේ capacity එකක බයික් එකකට gear 5 සෑහෙන්නේ නෑ.6 gear transmission නිසා rider ට හොදින් bike එක හසුරුවා ගන්නත්  ලබා ගත හැකි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමටත් හැකි වෙනවා. ඒ වගේම clutch එක විදියට wet multiple disc තමයි යොදාගෙන තියෙන්නේ.මේක smooth gear shifting එකට ලොකු උපකාරයක්.

ඊලගට තවත් කරුණු කීපයක් ගැන කතා කලොත් මේ බයික් එකේ මුලු බර 211KG විදියටයි සදහන් වෙන්නේ.ඉන්ධන ටැංකියේ ධාරිතාව ලීටර 17.30 වෙනවා ඒ කියන්නේ ටිකක් ලොකු ටැංකියක් එහෙම වෙන්න හේතුව මේ බයික් එක Sports සහ Cruising යන කාණ්ඩ දෙකටම මැදි වූ බයික් එකක් මේ බයික්ස් වලට border crossing bikes කියලත් කියනවා ඒ කියන්නේ මුහුදෙන් වට නොවුනු රට වලින් රට වලට දේශ සීමා පසු කිරීමට යෝදා ගන්නා නිසා.ඒ වගේම මේ බයික් එකේ ඉන්ධන කාර්යක්ෂමතාවය අනුව බැලුවම කුඩා ටැංකියක් ලබා දුන්නොත් අපහසුතාවයට පත් වෙන්න පුලුවන් rider වගේම passengerත්.

මේ bike එකේ meter panal එක ගැන කතා කලොත් digital සහ analog යන දෙකම සම්මිශ්‍රණය වෙලා තමයි නිමවෙලා තියෙනේ.RPM එක Analog ලෙසත් Speed,millage,fuel,time,trip Digital ලෙසත් පෙන්නුම් කරන අතර තවත් විශේෂ කරුණක් පෙන්නුම් කරනවා ඒ තමයි අවට පවතින කාලගුණයේ උෂ්ණත්වය ඒක මේ බයික් එකේ විශේෂාංගයක්.නමුත් යම් තාක් දුරට cruising පැත්තට බර මේ බයික් එකේ මේ feature එක ලබා දුන්න එකේ මහ අරුමයක් නැහැ.මොකද අපි කලින් කතා කරපු BMW 1200GS එකේ GPS පවා තිබෙනවා.

මේ බයික් එකෙත් අපිට gear position පෙන්නුම් කරන්නේ නෑ.ඒ වගේම මේ වගේ bike එකක් නුපුහුණු අයෙක් ධාවනය කරන්නේ නැති නිසා gear position වගේ දෙයක් අත්‍යාවශ්‍ය වෙන්නෙත් නෑ.
ඒ වගේම මේ බයික් එකට Four in one exhaust එකක් ලබා දීලා තියෙනවා.ඒ කියන්නේ එන්ජින් එකෙන් එන දුම් කවුලු 4ම නල හතරක් තුලින් ගමන් කර එකම නලයකට සම්බන්ධ වීමයි.මේ නිසා අමතර සයිලන්සරයක්  භාවිතයේ පිරිවැය අවම විම මෙන්ම බොහොම ආකර්ශනීය beat එකක් ලබා දීම සිදු වෙනවා.

තව දුරටත් මේ බයික් එක සම්බන්ධයෙන් කතා කලොත් Frame එක් විදියට Diamond shaped chassi එකක් ලබා දීලා තියෙනවා ගොඩක් sports bikes වලට delta frame එක යොදා ගත්තත් මේක sports සහ cruising දෙකටම මැදි උන බයික් එකක් වීම නිසා diamond frame එක Yamaha යොදා ගන්න තීරණය කරන්නට ඇත.
ඒවගේම මේ chassi එක ඉතාම ඉහල RPM එකකදී වූවද දෙදරීමක් නැති තරම්.(බොහොමයක් japan සහ italian bikes දෙදරීම් අවමයි.)

Suspension ගැන කතා කලොත් ඉදිරිපස 130mm telescopic fork එකක් සහ පිටුපස Linked Monoshock with preload adjustment යොදා ගෙන තිබෙනවා.
බොහොම සුවපහසු දිගු ගමනාන්තයකට සුවපහසුව යෑමට මේ බයික් එක නිසා rider මෙන්ම passengerටත් අවස්ථාව හිමි වෙනවා.

ඊලගට breaking ගැන කතා කරමු.
මේ වගේ ලොකු එන්ජින් එකක් එක්ක top speed 201kmph වගේ ලබාගනිද්දි හොද breaking system එකක් නොතිබ්බොත් පලවෙනි ride එකේදිම අතක් පයක් කඩාගන්න හෝ මැරිලාම යන්නයි වෙන්නේ.ඒ නිසා ඉතාම හොද breaking system එකක් ලබා දීලා තිබෙනව Yamaha.
ඉදිරිපස 298mm hydraulic disc දෙකක් සහ පිටුපස 245mm hydraulic disc break යොදා ගෙන තිබෙනවා බැලු බැල්මටම පේනවනේ ඩිස්ක් වල සයිස් එක. ඒ වගේම  ABS(anti block breaking system) එකත් ඉදිපස හා පසුපස දෙකටම යොදාගෙන තිබෙනවා.මේ ඉදිපස double disc feature එක සහ විශාල ප්‍රමාණයෙන් disc යොදාගෙන තිබිම මෙන්ම ABS තාක්ෂණය නිසා මේ බයික් එක සතු උපරීම වේගයෙන් ගොස් ඕනෑම ආකාරය කාලගුණයක් තුලදි හා මතුපිටක වූවද ඉතා කෙටි කාලයකින් ලිස්සායාමකින් හා අස්තාවර බව අවම කරම්න් bike එක නවත්වා ගැනීමේ පහසුව ලැබී තිබෙනවා.

Head light එක විදියට halogen lamp(on light) එකක් යොදාගෙන ඇති අතර මෙය රෑ ධාවනය කිරීමේදී riderට බොහෝ සෙයින් උපකාර වෙනවා.

මේ බයික් එක ගැන තවත් කරුණූ කීපයක් සටහන් කර අද ලිපිය අවසන් කරන්නම්.

  1. මේ බයික් එක CBR650F වගේ බයික් එක්ක තරගයට තමයි Yamaha නිර්මාණය කරලා තියෙන්නේ.2009 සිට මේ දක්වා මේ බයික් එක නිශ්පාදනය කරන අතර Faser 6 එකටත් යම් හැඩහුරු කමින් සමාන වෙනවා.අපේ රටේ වගේම වෙනත් රටවල් වලත් මේ XJ6 කියන බයික් එක පොලිස් මුර සේවයට යොදාගන්නවා.මේ බයික් එකේ අපේ අල්ලපු රටේ මිල වෙන්නේ ඉන්දියානු රුපියල් ලක්ෂ 6 වගේ(SLR14,39574) ඉතින් මේ බයික් එක ගෙන්න එක බයික් එකකින් ගහල තියෙන කොම්ස් එක ගාන හදලා හිතාගන්න.මේ බයික් එක් මෙහෙට ආනයනය කරද්දි අපේ පොලිසිය මුර සේවය සදහා යොදා ගත්තේ Suzuki GN250 bike එක ඒ බයික් එකට සාපේක්ෂව නඩත්තු වියදමත් තරමක් මේ බයික් එකේ වැඩි මොකද ඉහත සදහන් කරපු size එකේ පිටුපස tyre එකක් රුපියල් 20,000 පමණ හා ඉදිරිපස 15,000 පමණ වෙනවා.අවම වශයෙන් වසර 2කට වරක් වත් ටයර් මාරුවක් සිදුකල යුතු අතර ඒ සදහාත් විශාල මුදලක් වැය වෙනවා.ඒවගේම වෙනත් නඩත්තු සදහාත් සැලකිය යුතු මුදලක් වැය වෙනවා.(ලෙඩ එනවා අඩුයි ආවොත් වියදම සැරයි.)

තව දුරටත් කතා කලොත් මේ bike එක අපිට මිලදී ගන්න හො සන්තකයේ තබා ගැනීමට අවසර නෑ මොකද 400cc වලින් උඩ bikes ධාවනය තහනම් නිසා.පොලීසියට 600 තියෙන එකේ අපේ කොල්ලො 1000 පැද්දම මොකෝ කියලා සමහරු හිතයි ඔව් එකෙත් වරදක් නෑ.ඔයාලගේ පුද්ගලික අදහසත් comment කරලා පහල තියෙන photos බලලා අදහසකුත් ගන්න.අපේ fb page එකටත් like එකක් දාල සෙට් වෙන්න ස්තූතී.

කරුණාකර මෙහි ඇති කරුණු හෝ චායාරූප අවසරයකින් තොරව උපුටා ගැනීමෙන් වලකින්න එසේ කරන අයෙකු වෙතොත් බුද්ධිමය දේපල පනත යටතේ නඩු පැවරීමේ හැකියාව ඇත.

Wandi - වණ්ඩි©








No comments:

Post a Comment