සිලින්ඩර් හතරේ 250 යකඩයා CBR 250 Gullarm - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, September 30, 2017

සිලින්ඩර් හතරේ 250 යකඩයා CBR 250 Gullarm


අද මාතෘකාව Old Is Gold කියන එකටත් ගොඩාක් සම්බන්ධ දැනටත් හොද මාර්කට් එකක් තියෙන සුපිරිම සුපිරි යකඩයෙක් ගැනයි.තවත් විදියකින් කිව්වොත් අපි දවස් කීපෙකට කලින් කතා කරපු CBR 250 2017 බයික් එකේ සීයා කෙනෙක් වෙන Honda CBR 250 MC22 එහෙම නැත්තම් CBR Gullarm.


මේ යතුරුපැදියෙහි ඉතිහාසය ගැන කතා කලොත් CBR 250 R MC14, MC17 සහ MC19  මත පදනම්ව මේ යතුරුපැදි 1990 වසරේ කරළියට එනවා. ඒ අර පෙර මාදිලි වලට වඩා පෙනුමෙන් සහ තාක්ෂණයෙන් දියුණු වෙමිනි. පසුව මේ යතුරුපැදිය කාණ්ඩ 3 යටතේ නිශ්පාදනය වූ අතර තෙවන කාණ්ඩය එනම් 1994 සිට 1999 දක්වා නිශ්පාදනය වූ යතුරුපැදි අශ්වබල 45
සිට 40 දක්වා නීතිමය තත්වයන් යටතේ සීමා කරනු ලැබුවා.

 100% ජපානයේ නිශ්පාදනය කල මේ යතුරුපැදිය JDM එනම් Japanese Domestic Market යතුරුපැදියක් වන අතර මෙය හොන්ඩා විසින් නිශ්පාදනය කරනු ලැබුවේ රට ඇතුලේ භාවිතයට පමණක් වන අතර හොණ්ඩා සමාගම විසින් මේ යතුරුපැදි විදේශ රට වලට අපනයනය නොකරන ලදි. නමුත් පසු කාලිනව 3 වන පාර්ශ්වයන් හරහා මේ යතුරුපැදිය ලොව පුරා ව්‍යාප්ත විය. මේ ආකාරයේ තවත් JDM යතුරුපැදි ලෙසට Honda Hornet 250, Honda Jade 250 වැනි සමකාලීන යතුරුපැදි ද පෙන්වා දිය හැකියි.

මේ යතුරුපැදියේ නිශ්පාදන වර්ශ වලට අදාල කාණ්ඩාංකයන් පහත දැක්වේ.

1990JapanName: Honda CBR250RR

Frame: MC22-100~

Code: CBR400RR-L

1992JapanName: Honda CBR250RR

Frame: MC22-105~

Code: CBR250RR-N

1994-1999JapanName: Honda CBR250RR

Frame: MC22-110~

Code: CBR250RR-R


මුලින්ම එන්ජින් එක ගැන කතා කරමු.මේ බයික් එකට එන්ජින් එක විදියට හොන්ඩා ලබා දී තියෙන්නේ 249cc Liquid-cooled 4-stroke 16-valve DOHC in-line 4 cylinder එන්ජින් එකක්.250cc four stroke එන්ජින් එකකට ලබාගන්න පුලුවන් උපරිම බලය මේ එන්ජින් එකට ලබා දී තිබෙනවා බැලූ බැල්මටම පේනවා සිලින්ඩර් එකක් දෙකක් නෙමෙයි සිලිඩර් 4ක් වෑල්ව 4ක් 8ක් නොවේ එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් වෑල්ව 16ක්, DOCH(Dual overheard camshaft) තාක්ෂණය සියල්ලම ලබා දී තිබෙන නිසා ඉතාම හොදින් එන්ජින් එකේ උපරිම බලය පිටට ලබා ගැනීමේ හැකියාව ලැබෙන නමුත් යම් හෙයකින් නඩත්තු කටයුත්තකට මුහුන දීමට සිදු උනොත් ඉතාම වැඩි පිරි වැයක් දැරීමට මෙන්ම හොද පලපුරුදු කාර්මික ශිල්පී උදව්ව ලබා ගැනීමද අත්‍යවශ්‍ය වෙනවා.

මේ එන්ජින් එකෙන් ලබා ගත හැකි උපරිම බලය ගැන කතා කලොත් 45bhp බලයක් ලබා ගත හැකි අතර 0-100 වේගයට ලඟා වීටම තත්පර 5-6 අතර කාලයක් ගත වෙනවා.ඒ වගේම එන්ජින් එකේ උපරිම වේගය ලෙස හොන්ඩා 180kmph ලබා දී තිබුනත් හොද rider කෙනෙක්ට හොද පාරක මීටර් එකේ කොනේ කටුව වදින්න එසේ නැත්තම් 180+ දල වශයෙන් 200kmph වේගයක් ගන්න පුලුවන් වෙනවා දල වශයෙන් කියලා කිව්වේ 180 පසුව මීටර් එකේ ඊලගට වේග මානයක් නෑ ඒකයි.කෙසේ වෙතත් 1994න් පසුව පැමිණි Fireblade මාදිලිය අශ්වබල 40කට සීමා උනා.

ගොඩක් 250 එන්ජින් වලට වගේම මේ එන්ජින් එකටත් ද්‍රව සිසිලන(liquid cool) පද්ධතියක් ලබා දී තිබෙනවා මෙසේ ලබා දෙන්න හේතුව සාමාන්‍ය 100-200cc අතර එන්ජින් වලට වඩා වැඩි තාපයක් මේ එන්ජින් තුල ඇති වෙන නිසා ඒ තාපය පාලන කිරීමයි.මේ සිසිලන පද්ධතිය නිසා ඉහල වේගයකින් ඉහල rpm එකකින් දුර ධාවනයට ඉඩ සැලසෙන නමුත් මෙයද තරම්ක් නඩත්තු වියදම් වැඩී එමෙන්ම oil හා air cooling වලට සාපේක්ෂව වැඩි අවධානයක් service එකේදී ලබා දිය යුතුයි යම් හෙයකින් හදිසි අනතුරකට ලක් උනොත් අදාල කොටස් නැවත යතා තත්වයට පත් කිරීම හො අලුතෙන් එක් කිරීමද ඉතාම මිල අධික ක්‍රියාවක් වෙනවා.

Click here to read this post in ENGLISH

Gear හා clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා Wet multiple plate coil springs clutch එකක් යොදා තිබෙනවා ගියර් ඉහලට හෝ පහලට ඕනෑම වේගයකදි shift කරද්දි කිසිම හිර වීමක් හෝ කිසිම අනවශ්‍ය ශබ්දයක් මට නම් අසන්න ලැබුනේ නෑ.

 අවුරුදු 20කටත් වඩා වැඩි වයසකින් යුත් මේ යකඩයා නියම අමතර කොටස් හා නියමිත ආකාරයට services එකද සිදු කලොත් මීටත් වඩා කල් කිසිම අනවශ්‍ය සද්ද බද්ද ලෙඩ නැතුව ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා.

බයික් එකේ Fuel supply එක Keihin 29mm  Carburettor එකක් හරහා සිදු වෙන අතර ලීටර් එකකට 25-18km වගේ දුරක් තමයි ධාවනය කරන්න ලැබෙන්නේ.ඒ වගේම ලීටර 13ක ඉන්ධන ටැංකියක් හා ලීටර  1.6  reserve ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමටත් ඉඩ සලසා තිබෙනවා.

මේ බයික් එකේ design එක ගැන කතා කලොත් ඉතා හොදින් සුලඟට විරුද්ධව යතුරුපැදිය පාලනය කරගනිමින් ඉහල වේගයකට පැමිනීමට හැකි ආකරයට නිමවා ඇති අතර rider ට හොද සුවපහසු riding position එකක් ලබා ගත හැකි වෙනවා නමුත් තරමක අපහසුවක් passengerට නම් විදින්න වෙනවා මොකද පසුපස ආසනය ඉතා කුඩා වීම මෙන්ම foot pegs ඉතා ඉහලින් පිහිටා තිබීම නිසා දුර ගමනක් යනවා නම් පසුපස ගමන් ගන්නා කෙනාගේ කොන්දට හා දනහිස් වලට ඉතාම අපසුතාවයක් දැනෙනවා කොහොම උනත් මේ වගේ යතුරුපැදි නිර්මාණය කරන්නේ ඩබල් දාල යන්නම නෙමෙයි ඒ නිසා ඒ ඝැන වැඩිය හිතන්න එපා හැම වෙලේම ඩබල් දාල යන කෙනෙක් ඉන්නවා නම් CB250F (Hornet) එකක් ගන්න බලන්න.

Click here to read this post in ENGLISH

මුලු bodykit එකම plastic හා fiber යොදා නිමවා ඇති අතර හදිසි අනතුරකට මුහුන දීමට උනොත් මම දන්නා තරමින් ජපානේ වත් දැන්  original bodykit නෑ මොකද ලංකාවේ වගේ පරණ modle එකම එහේ  පට්ට නොගහන නිසාත් 250 වලට වඩා බයික්ස් තිබෙන නිසාත් දැන් මේ මාදිලිය නිපදවෙන්නේ නැති නිසාත් වගේ කරුණු නිසා ඒ හින්දා හැප්පුනොත් ලංකාවේ fiber bodykit ගහන දැනකින් හෝ chinese bodykit එකක් හෝ තමයි  බයික් එකට යොදාගන්න වෙන්නේ ඒ වගෙම් ඒ සදහත් සැලකිය යුතු වියදමක් යෑමට ඉඩ තිබෙනවා.

මේ බයික් එකේ මීටර් පැනල් එක analog ලෙස නිමවා ඇති අතර කාලානුරූපීව එය සාමාන්‍ය දෙයක් මොක්ද 90 දශකයේ නිර්මාණය වූ මේ යතුරුපැදියට digital මීටර් එකක් කොහෙත්ම එකතු වෙන්නේ නෑ.මේ මීටර් පැනල් හී speed,RPM,odo,trip,temp පෙන්නුම් කරනවා.එමෙන්ම clipon handle bars යොදා ඇති අතර මේ නිසා හොදින් ඉතා ඉහල වේගයකදි උනත් සුවපහසුව හා ස්තාවරව riderට ධාවනය කල හැකි අතර sporty riding position එකක්ද ලැබෙනවා නමුත් මේ බයික් එක තරමක් අසරණ වෙනවා traffic riding වලදි මොකද handle එක සම්පූර්ණයෙන් හැරවීමේ අපහසුවයි (හැම sports bike එකක්ම ගැටලුවක්) 

චැසි එක විදියට Diamond Aluminum ෆ්‍රේම් එකක් ලබා දි ඈති අතර මෙය ඉතා හොදින් ඉහල වේගයකදීත් ස්තාවර බවක් ල්බා දෙනවා RPM redline එකට එනක්ම්ම කිසිම දෙදරීමක් හෝ අනවශ්‍ය ශබ්දය නොඇසෙන අතර redline එකේදි bodykit එක හා handle bars තරමක දෙදරීමට ලක් වෙනවා එය ඕනෑම බයික් එකක සාමාන්‍ය ලක්ශනයක්.

බයික් ඒ මුලු බර 158kg වෙනවා.

Suspension ගැන කතා කලොත් ඉදිපස Conventional Forks - 37mm හා පසුපස Mono shock යොදා ගෙන තිබෙනවා.

breaking ගැන කතා කලොත් ඉදිපස 275mm Double disc. Hydraulic  Dual Piston nissin Calipers යොදාගෙන තිබෙනවා ඉදිපස duble disc වර්තමානයේ නම් ගොඩක් ලබා දෙන්නේ high capacity bikes වලට  500cc වලින් වගේ ඉහල නමුත් CBR 250 එකට නම් ඩබල් ඩිස්ක් ලබා දී තිබෙනවා මේ නිසා ඉතා හොද ආරක්ෂාකාරීව තිරිංග යෙදීමක් මෙන්ම බයික් එකට premium look එකක් ද ලැබෙනවා.පසුපස 220mm Single disc. Single nissin Piston Caliper යොදාගෙන තිබෙනවා.

Tyres ගැන කතා කලොත් 110/70 ඉදිපස හා පසුපස 140/60 ප්‍රමාණ වලින් යුත්පුලුල් ටයර් ලබාදි තිබෙනවා එමෙන්ම අගල් 17 alloy wheel ද යොදාගෙන තිබෙනවා.

Lights ගැන කතා කලොත් head එක විදියට 60/35Watt Halogen lamps දෙකක්  15Watt signal lights හා 18/5Watt tail light එකක් ද ලබා දී තිබෙනවා මේ voltages Australia හා UK වැනි රට වලට නිෂ්පාදනය කරන ලද බයික්ස් වල නම් මීට වඩා වැඩියි.

මේ බයික් එක ගැන අවසාන වශයෙන් සටහනක් කලොත් ලංකාවේ දැනටත් හොද මාර්කට් එකක් ඇති මේ බයික් එක ලංකාවේ නීත්‍යානුකූලව ලියාපදිංචිය කල හැකි බයික්ස් අතර ඉහලම බලයක් සහිත බයික් එකක් වෙනවා දැනට ලංකාවේ ඇති බයික් එකක් ලක්ශ 4-6 අතර මුදලට අලෙවි වන අතර ලෙඩ නැති හොර නැති Genuine bike එකක් සොයා ගැනිම නම් තරමක් අපහසුයි. 

මේ බයික් එකේ නිශ්පාදිත වර්ශය අනුව යම් යම් වෙනස් වීම් වලට ලක්වූ අතර ඒ සියලුම විස්තර මෙතනින් ලබාගන්න.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ fb page එකට යොමු කරන්න.පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©.














No comments:

Post a Comment