ලීටරයකින් කිලෝමීටර් 60යි Yamaha FZ Version 2.0 FI - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, September 8, 2017

ලීටරයකින් කිලෝමීටර් 60යි Yamaha FZ Version 2.0 FI



අද මාතෘකාව ගොඩ දෙනෙක්ට දැනගන්න ඕනේ උන Yamaha Fz version 2.0 FI..

මේ බයික් එකත් Honda CB160R,Suzuki gixxer බයික්ස් වගේම ජපන් තාක්ෂණය යටතේ ඉන්දියාවෙදි තමයි එකලැස් වෙන්නේ.ඒ ඇයි කියලා CB Hornet 160R එක ගැන කියවපු අය එහෙම දන්නවනේ ඉතින් ඒ ගැන කතා නොකර කෙලින්ම review එකට බහින්නම්.

මුලින්ම Engine එක ගැන කතා කරමු.149cc Air cooled, 4-stroke, SOHC, 2-valve එන්ජින් එකක් තමයි මේ බයික් එකට ලැබෙන්නේ. Fz16 version 1 එකේදි 153cc එන්ජින් එකක් Yamaha ලබා දුන්නත් මේ version එකේදී Displacement එක 4cc වලින් අඩු වෙලා තියෙනවා.

ඒ වගේම මේ එන්ජින් එකෙන් ලැබෙන උපරිම බලය ගැන කතා කලොත් 12.9 Bhp බලයක් තමයි ලැබෙන්නේ කලින් version එකේදී 13.8 Bhp power එකක් ලැබුනා ඒ කියන්නේ අශ්වබල 1කින් විතර අලුත් version එකේදි එන්ජින් එකේ බලයත් අඩු වෙලා තියෙනවා.

ඒ වගේම 0-60kmph වේගයක් ගන්න version දෙකේදිම තත්පර 5.5ක කාලයක් තමයි ගත වෙන්නේ.
0-100kmph වේගයක් ලබා ගැනිමට තත්පර 20.1 වගේ කාලයක් වැය වෙනවා.

උපරිම වේගය විදියට 112kmph officially සඳහන් වෙනවා.(128-130kmph ගිය අය ලංකාවේම නැතුවාම නොවෙයි.)
කෙසේ වෙතත් දැනට market එකේ ඇති 150 කාණ්ඩයේ sports commuter bikes වලින් අඩුම අශ්ව බලය හිමි බයික් එක වෙන්නේ fz අනෙක් සෑම බයික් එකක්ම 14bhp 15bhp බලයන්ගෙන් යුක්තයි.

Version 1 හීදී carburetor එකක් fuel system එකට භාවිතා කල අතර එහිදී 45-50km අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලැබුනු අතර නඩත්තු වියදමද අවමයි.
Version 2.0 හීදී FI (fuel injection) තාක්ෂණය යොදාගනිමින් fuel system එක නිර්මාණය කල අතර එහිදී 55-60km අතර ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලීටර් එකකින් ලබා ගැනීමේ හැකියාව ලැබුනු අතර නඩත්තු වියදම තරමක් වැඩියි.දැනගන්න ලැබෙන ආකාරයට FI unit එක රුපියල් 40000කට ආසන්න අතර යම් හෙයකින් එයට හානියක් උනොත් warranty එකට එය අදාල නොවේ. හානියක් මීයෝ කාලා වගේ දෙයක් උනොත් ඇරෙන්න ලෙඩක් නම් එන්නේ නෑ ඒ නිසා දුර ගමන් බිමන් යද්දි පරිස්සම් තැනක බයික් එක තියලා යන්න වග බලාගන්න.

Gear හා Clutch ගැන කතා කලොත් Constant Mesh 5 speed gear box එකක් වගේම Wet, multiple-disc clutch එකක් ලබා දී තිබෙනවා.

Frame එක විදියට version දෙකේදීම diamond frame එකක් යොදාගෙන තිබෙන අතර Yamaha,Honda වල සුවිශේෂී ලක්ෂණයක් වෙන High RPM වලට හොදින් ඔරොත්තුදීමේ හැකියාව මේ chassi එක සතුයි.ඒ වගේම ශක්තිය අතිනුත් බොහොම හොද තැනක ඉන්නවා.සමහර අය version 1 chassi එකට වඩා version 2හී ශක්තිය අඩුයි කියනවා එය පුහු මතයක් පමණයි පෙනුමෙන් version 2හී plastic වැඩ කෑලි වැඩි නිසා එසේ පවසනවා විය හැකියි.වෙනත් කිසිම හේතුවක් නෑ.

මේ බයික් එකේ weight එක ගැන කතා කලොත් version 1හී 135kg හා version 2හී 132kg ලෙස සදහන් වෙනවා.

Meter එක ගැන කතා කලොත් version 1 එකට සහමුලින්ම වෙන්ස් වූ meter panal එකක් version 2හී ලබා දී තිබෙන අතර පෙනුමෙන් පමනක් වෙනස් වෙන මේ meter panal එකට කලින් version 1හී අඩුවක්ව පැවති gear position indicator වැනි දේ ඇතුලත් කර නැහැ.
මේ meter එක තුල speed,mileage,fuel gage,time,trip,teco(rpm) පෙන්නුම් කරනවා.

Version 1 එකේදී බයික් එකේ පෙනුමට හානියක් නොවෙන්න kick start එකක් ලබා දී තිබුනත් version 2 වලදී kick start දැකගන්න ලැබෙන්නේ නෑ කොටසක් එයට කැමතී වගේම කොටසක් එයට අකමැතියි.

ඒ වගේම traffic riding වලදි ඉන්ධන කාර්යක්ෂමතාව උපරිම කරන engine kill switch එක version දෙකේම දැකගන්න ලැබුනත් තරමක් version 2හී traffic riding version 1හී තරම් සුවපහසු නැති බව  සමහර ridersලා පවසනවා.

Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic Forks හා පසුපස monoshock යොදාගෙන තිබෙනවා.ලංකාවේ market එකට 1st monoshock bike එක විදියට ආවෙත් fz16 සුවපසුව අතින් version දෙකම ඉතා හොද මට්ටමක පැවතුනත් version 1හීදී passengerට තරමක් දුර ධාවනයේදී අපහසුවක් දැනනවා.නමුත් version 2හීදී riderට මෙන්ම passengerටත් සුවපහසුව දුර ධාවනයට අවස්තාව සලසා තිබෙන අතර version 1එකට වඩා තරම්ක් පසුපස seat එක උසින් පිහිටන ආකරයට නිර්මාණය කර Step-up Seat(double seat) එකක් යොදාගෙන තිබෙනවා.

Breaks ගැන කතා කලොත් ඉදිරිපස 267mm Hydraulic disc brake එකක් හා පසුපස 130mm Mechanical leading trailing shoe, Drum brake එකක් යොදාගෙන තිබෙනවා version 1 හා 2 දෙකේම double disc මාදිලියෙන් බයික් එකක් නිර්මාණය නොවූ අතර එය තරමක අඩුපාඩුව විදියට සදහන් කරන්න පුලුවන්.

Tyre sizes ගැන කතා කලොත් ඉදිරිපස 100/80-17M/C (52P)NYLOGRIP ZAPPER-FX1 හා පසුපස 140/60-R17M/C (63P)revz-Y tyre යොදා ඇති අතර tubeless විදියටයි මේ ටයර් නිර්මාණය වෙන්නේ.ලංකාවේ brand new market එකට පුලුල් ටයර් එකක් සහිත බයික් එකක් ලෙස මුලින්ම ආවෙත් fz16 තමයි.මේ පුලුල් ටයර් බයික් එකේ පාලනයට හොදින් උපකාර වෙන අතර ඔනේම මාර්ගයක සුවපසුව ආරක්ෂාකාරී ධාවනයට වගේම් knee bend එකක් කිරීමට තරම් පුලුල් ටයර් ප්‍රමාණයකින් යුක්තයි.

Lighting ගැන කතා කලොත් 12 V, 35/35W ලයිට් එකක් දැකගත හැකි අතර අලුත්ම Fz stock එකේදී AHO (Automatic Headlamp On) head එකක් තම දැකගන්න ලැබෙන්නේ ඒ කියන්නෙ onlight head එකක් බයික් එකේ head on/off switch එකක් දැකගන්න ලැබෙන්නේ නෑ.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සදහනක් කලොත් 150 sports commuter මාදිලියේ බලය අඩුම මෙන්ම මිල වැඩිම බයික් එක වෙන්නේ මේක.මේ බයික් එකේ වාසි විදියට සුපිරි ඉන්ධන කාර්යක්ෂමතාව,පෙනුම කල්පැවැතම වගේ කාරණා පෙන්නුම් කරන්න පුලුවන් වගේම.අඩුපාඩු විදියට double disc modle එකක් නොවීම.මිල වැඩි බව වගේ දේ පෙන්නුම් කර හැකි.

FZ හා FZ-S මෙන්ම Fazer අතරද ලොකු වෙනසක් නැති අතර පෙනුමෙන් හා මිල ගනන් වලින් පමනක් වෙනස් වෙනවා.

මේ බයික් එකත් එක්ක ලොකුම ගේම තියෙන්නේ Honda Hornet 160R,hero hunk,Suzuki Gixxer හා අලුතෙන්ම ආපු Bajaj 160NS අතරයි. ඒ සියලුම බයික්ස් වලට වඩා මිල වැඩ් බව නිසා පිරිසක් මේ බයික් එක ගැන අවධානය නොකලාට Yamaha Fansලා හා හයියෙන් යන්නයි ඉන්ධන කාර්යක්ෂමතාවයි බලාපොරොත්තු වෙන තරුණ පිරිස මේ බයික් එකත් එක්ක රැදිලා ඉන්නවා.
 මිල ගනන් සදහන් කලොත්
FZ version 2.0 - 408,900
FZ-S Version 2.0 වර්ණ එක්කින් යුක්ත  - 424.900
FZ-S version 2.0 වර්ණ දෙකකින් යුක්ත - 438,900
Fazer 2.0 - 459,900
ලෙස දැක්විය හැකියි.

යෝජනා චෝදනා සුපුරුදු පරිදි අපේ FB page එකට යොමු කරන්න අලුතෙන්ම පටන් ගත්ත අපේ sl.wandi instagram page එකත් follow කරන්න අපි එක්ක සෙට් වෙලා ඉන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wand - වණ්ඩි







No comments:

Post a Comment