යුද නැවේ සිහිවටනය Bajaj V15 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, September 5, 2017

යුද නැවේ සිහිවටනය Bajaj V15


කට්ටිය කොහොමද පොඩි අවුල් ටිකක් නිසා දවස් දෙකක් පෝස්ට් දාන්න බැරි උනා ඒ නිසා ඔන්න අද අරගෙන ආවා ඔයාල comment වලින් message වලින් ඉල්ලපු Bajaj V15(Vikrant 150) එකේ review එක්ක.

මුලින්ම එන්ජින් එක ගැන කතා කරලම ඉමු.
149.5 cc Single cylinder, 4 stroke, SOHC 2 valve, Air cooled, DTS-i එන්ජින් එක්ක තමයි Bajaj මේ බයික් එකට ලබා දීලා තියෙන්නේ.
මේ බයික් එකේ උපරිම බලය විදියට 11.83 BHP ලබා දෙනවා.මේ බයික් එක sport/sports commuter හෝ naked මාදිලියේ බයික් එකක් නොවෙන නිසා මේ බලය මේ බයික් එකට හොදටම ප්‍රමාණවත්.
ඒ වගේම මේ බයික් එකට 0-60kmph වේගයක් ලබා ගැනීමට තත්පර 5.66 කාලයක් වැය වෙනවා.

උපරිම වේගය ලෙස 107kmph සදහන් උනත් එයට ලඟාවීමට තරමක් අපහසු බව යම් අඩුපාඩුවක් උනත් ඔබ මතක තබාගත යුතු කාණාවක් නම් commuter මාදිලියේ 150 යතුරුපැදියක් බොහෝවිට වේගයෙන් යෑමට වඩා office riding වගේ කාරණා වෙනුවෙනුයි නිපදෙන්නේ කියන එක.

ඊලගට gear හා clutch ගැන කතා කලොත් 5 speed gearbox එකක් හා wet multi-plate disc clutch එකක් බලාගන්න ලැබෙනවා.ඒ වගේම bajaj කලින් release කරපු discover 150 වගේ බයික් එකකට වඩා සුපිරියටම smooth එකට gear shift කරන්න මේ බයික් එක design කරලා තියෙනවා.

ඊලගට තවත් කාරණා කීපයක් කතා කලොත් මීටර් එක විදියට analog meter එක තමයි දැකගන්න ලැබෙන්නේ.මේ මීටර් එකේ speed හා millage පමණක් පෙන්නුම් කරන අතර RPM එක කිසිම තැනක පෙන්නුම් කරන්නේ නෑ ඒක යම් අඩුවක් උනත් platina discover වගේ බයික් එකකින් මේ බයික් එකට මාරු වෙන කෙනෙක්ට හෝ scooter එකකින් මේ බයික් එකට මාරු වෙන කෙනෙක්ට ලොකු අඩුවක් වෙන්නේ නෑ මොකද එයාල RPM එක ගැන වැඩි උනන්දුවක් නොදක්වන නිසා.
ඒ වගේම තව දෙයක් සදහන් කලොත් royal enfield 350 classic වගේ බයික් වල meter board එක්ක සසදද්දි මේක ඕනටත් වඩා හොදයි මොකද ඒ බයික් එකේ speed හා millage ඇරෙන්න අඩුම ගානේ fuel gage හෝ reserve indicator එකක් වත් නැති නිසා.

මේ බයික් එකේ fuel gage එක අමුතුම විදියට bajaj design කරලා තියෙනවා digitalලුත් නෙවේ analogත් නෙවේ ලයිට් වලිනුයි ඒක ලස්සනට පෙන්නුම් කරන්නේ.

තව දුරටත් මේ බයික් එක ගැන කතා කරද්දි තව අමුතු අමුතු වැඩකෑලි අතරේ තවත් දෙයක් දැකගන්න ලැබෙනවා.ඒ තමයි පිටුපස seat coverling එක (මම මේ සීන් එක ඉන්ඩියන් බයික් එකක දැක්කෙ පලවෙනි පාරට ඒ මෙ v15 එකේ) ducati streetfighter,ducati diavel ktm superduke වගේ බයික් වලත් මේ පිටුපස seat coverling එක දැකගන්න ලැබෙනවා.තමන් තනියෙන් ගමනක් යද්දි පිටුපස මේ cowl එකෙන් seat එක වසා දැමිය හැකි අතර එවිට තනි seat එකක බයික් එකක ස්රූපයක් ගන්නවා බයික් එක individual riding වලදි මේ seat cowl එකෙන් අමුතුම look එක bike එකට හා riderට ලැබෙනවා.

ඒ වගේම බයික් එකේ පෙනුමට හානියක් නොවෙන්න ගානට මිම්මට crashed bar එකක් යොදාගෙන තිබෙනවා මේ නිසා බයික් එකේ ඉන්ධන ටැංකියට හා rider ගේ පාද ආශ්‍රිතව විය හැකි අනතුරු අවම වෙනවා.

ඒ වගේම 13 litres ලොකු ටැංකියක් ලබා දී තිබෙන අතර එය metal වලින්ම නිම වී තිබෙනවා එම නිසා crashed bar නොතිබුනානම් හදිසි අනතුරකදි හානියට පත්වෙන ටැංකිය යතා තත්වයට ගැනීමට ලොකු මුදලක් වැය වෙනවා.cb hornet 200ns fz වගේ බයික් වල ටැංකිය metal වූවත් බාහිර ආවරන ප්ලාස්ටික් වලින් නිම වෙලා තියෙන්නේ ඒ නිසා හදිසි අනතුරකදී බොහෝවිට හානි වෙන්නේ ප්ලාස්ටික් ආවරණයට පමණයි.ඒ නිසා අලුත්වැඩියා පිරිවැය අඩුයි. නමුත් V15හී ටැංකිය metal වලින්ම පමණක් නිමවා ඇති නිසා අලුත්වැඩියා පිරිවැය වැඩී ඒ නිසා look එක මදි කියලා crashed bar එක ගලවන්න හදන්න එපා.

මුලු බර විදියට 135.5 kg තමයි සදහන් වෙන්නේ.

ඒ වගෙම ඉන්ධන කාර්යක්ෂමතාවය ගැන කතා කලොත් ලීටර් එකකින් 55KM පමණ ධාවනයට ඉඩ සලසා දෙනවා.එමෙන්ම Bajaj auto එකට අනුව Bajaj 150 කාණ්ඩයේ හොදම ඉන්ධන කාර්යක්ෂමතාවය ඇති යතුරුපැදි ලෙස V15 නම් කර තිබෙනවා.

ඊලගට chassi එක ගැන කතා කලොත් Double-cradle frame එකක් තමයි යොදාගෙන් තිබෙනේ ඒ වගේම අන්තර්ජාලය තුල සදහන් වෙන ආකරයට INS vikrant නම් 2 ලෝක යුද සමයේ බ්‍රිතාන්‍යයන් නිර්මාණය කරන ලද ගුවන් යානා ගොඩ බස්වන යුද නැව නිර්මාණයට යොදාගත් ලෝහය මේ frame එක නිපදවීමට යොදාගෙන තිබෙනවා.මේ යතුරු පැදියේ නම ලෙස vikrant යොදා ගැනීම මෙන්ම official tagline එක ලෙස "Made from the Invincible Metal of INS Vikrant" යන තේමාව යොදා ගැනිම එයට හොද නිදසුනක්.

ඒ වගේම මට පුද්ගලිකව බැලු බැල්මට පේන විදියට හා සමහර අය කියන පවසන විදියට මේ බයික් එක බයිසන් ගවයෙකුගේ පෙනුමට සමානව නිම කර තිබෙනවා.
ඒ වගේම ඉතා පහලින් ඇති seat position එක නිසා ඉතා සුවපහසුව traffic riding වලදි උනත් ගමන් කරන්න ඉඩ ලැබෙනවා නමුත් ටිකක් උස කෙනෙක්ට මේ යතුරුපැදිය ගැලපෙන්නෙ නෑ.
ඒ වගේම උස තරමක් උස කෙනෙක්ට පසුපස උනත් සුවපහසුව ගමන් ගැනීමට අපහසුයි. 5.9 වගේ උස අය (මෙහෙ ගොඩක් අය ඊට වඩා උස අඩුයිනේ)

Suspension ගැන කතා කලොත් ඉදිරිපස telescopic forks හා පසුපස Twin-Spring loaded hydraulic type- with gas filled shock යොදාගෙන තිබෙනවා මේ බයික් එකට monoshock යොදා නැති අතර එසේ යොදාගත්තා නම් මේ බයික් එකෙ පෙනුම සම්පූර්ණයෙන් විකෘති වීමට ඉඩ තිබෙනවා.ඒ වගේම් මේ වෙනක්ම් අපි review කරපු හැම බයික් එකකම වගේ පසුපස suspension adjust කිරීමේ හැකියාව තිබ්බත් මේ බයික් එකේ ඒ අවස්තාව නැහැ(ඕක තිබ්බත් කීයෙන් කී දෙනාද කරන්නේ)

Tyre හා rim ගැන කතා කලොත් 90/90 - 18 51P පසුපස 120/80 -16 60P tubeless tyre යොදාගෙන තිබෙනවා වගේම බැලූ බැල්මටම පේනවනේ ඉදිරිපස රිම් එක ලොකුයි කියලා.
ඉදිරිපස අගල් 18 alloy wheel එකක් හා පසුපස අගල් 16 alloy wheel එකක් යොදාගෙන තිබෙනවා ඊට හේතුව ආවේනික commuter look එක හා බොහෝ විට ඉදිරිය ලොකු පසුපස තරමක් කුඩා බයිසන් පෙනුම ගැනිමට විය හැකියි.ඒවගේම මේ පිහිටීම නිසා ඉතාම සුවපහසු riding position එකක් rider ට ලැබෙනවා

Breaking ගැන කතා කලොත් ඉදිරිපස 240mm Disc හා පසුපස 130mm Drum යොදාගෙන තිබෙනවා මේ බයික් එකෙ වේගය හා සැකැස්ම අනුව බලද්දි ආරක්ෂාකාරි තිරිංග යෙදීමකට මේ break system එක හොදටම ප්‍රමාණවත්.

Lighting ගැන කතා කලොත් head එක ටිකක්  ලොකුවට ලබා දී තිබෙනවා.ඒ වගේම 55/60 W halogen headlight එකක් යොදාගෙන තිබෙනවා.
Signal light සඳහා clear lens හා LED tail එකක් යොදා තිබෙනවා.

අවසාන වශයෙන් කෙටි හැදින්වීමක් කලොත් මේ බයික් එකත් එක්ක තරගෙට ඉන්නේ hero hunk,xtream,yamaha SZ,Honda trigger වැනි බයික්ස් තමයි. මේ බයික් එකේ ඇති අමුතුම look එක නිසා දැන් ගොඩක් mid age office crowd එක වගේම young crowd එකේ සමහර අයත් මේ බයික් එක ගන්න පෙලබිලා ඉන්නවා බැලු බල්මට ඉන්ඩියන් බයික් එකක් දෝ කියලා හිතන්න වත් බැරි finishing එකක් මේ බයික් එකට ලබා දී තිබෙන නිසා සාම්ප්‍රදායික ඉන්ඩියන් look එක මේ බයික් එකෙන් ඈත් වෙලා තියෙනවා.

ඉදිරි මාස කීපයේදී V12 නම්න් 125cc මාදිලියෙන් ද බයික් එකක් එන්න තියෙන අතර ඒ ගැනත් review එකක් අරන් එන්නම්.V22 නමින් තවත් සුපිරි bike එකක concept එකකුත් bajaj නිකුත් කර ඇති අතර බොහෝ විට එකත් නිශ්පාදනය කලොත් අපේ රටේ දැකගන්න ලැබෙනවා නොඅනුමානයි.

මේ බයික් එකත් DPMC අලෙවි නියෝජිතයන් හරහා රුපියල් 275,500 වගේ මුදලකට මිලදී ගන්න පුලුවන්.
වණ්ඩි හොද නරක කිව්වා ගන්න නොගන්න එක ඔයාගේ වැඩක් පහල photos බලලා අදහසක් ගන්න ස්තූතී.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











1 comment:

  1. Sri lankan modifed V15

    https://m.youtube.com/watch?v=TrfLzs6E9oU

    ReplyDelete