KTM Duke 390 දැනට ඇති නීතිය අනුව පාරේ පදින්න පුලුවන් සුපිරිම වණ්ඩිය - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, September 3, 2017

KTM Duke 390 දැනට ඇති නීතිය අනුව පාරේ පදින්න පුලුවන් සුපිරිම වණ්ඩිය

කොහොමද ඉතින් කට්ටියටම අද අපි කතා කරන්න සෙට් වුනේ මීට කලින් කතාකරපු KTM බ්‍රැන්ඩි එකෙන් ලංකාවට එන්න පුලුවන් ලොකුම බයික් එක ගැන. කලින් දාපු පොස්ට් එකෙන් ktm ගැන කතා කරපු නිසා අපහු කතා කරන්න ඔනෙ නැනේ. එහ් පොස්ට් එක දැකපු නැති අය මෙතනින් යන්න.

ඉතින් වෙනදා වගේම අපි මේකේ engine එකෙන්ම විස්තරේ පටන් ගමුකෝ. 373.2cc , සිලින්ඩර 1 කින් සමන්විත මේ බයික් එකේ උපරිම power output එක 42.90bhp වගේ වෙනවා. Liquid cooling system එකකින් සමන්විත වෙන නිසා මේ බයික් එක දුර ගමන් වලදි නම් කිසිම බාදාවක් නැතුව මුලු දුරම ගමන් කිරීමට හැකියාව ලැබෙනවා. එහ් වගේම 0-60 වගේ වේගයක් ලබා ගන්න තත්පර 2.57ක් සහා 0-100 වේගය ලබා ගන්න තත්පර 5.75ක් වගේ කෙටි කාලයක් තමයි අවශ්‍ය වෙන්නේ. එහ් වගේම මේ බයික් එකේ top speed එක ගැන කතාකලොත් 165kmph වගේ වේගයක් තමයි ktm එකෙන් officially සදහන් කරලා තියෙන්නේ. මීට වඩා වේගය වැඩි විය හැකි බවටයි ගොඩක් අයගෙ මතය.

එහ් වගේම මේ බයික් එකේ chassi එක ගැන කතාකලොතින් Steel trellis chassi එකකින් සමන්විත වෙලා තියෙනවා එක නිසා මේ බයික් එක sport purpous හෝ touring purpous එකකින් භාවිතා කරන්න පුලුවන්.

ඊලඟට අපි gear and clutch ගැන කතා කලොතින් ගියර් 6කින් සමන්විත මේ බයික් එකට wet multi-plate sliper clutch එකක් ලබා දීලා තියෙනවා මෙකෙන් ගොඩක් smooth ව ගියර් මාරු කිරීමට සහා stunt වලට මේ බයික් එක යොදාගන්නව නම් ගොඩක් ලොකු උදව්වක් වෙයි මේ sliper clutch එක තියෙන එක.

මේ බයික් එකේ breaks and suspension ගැන කතාකලොත් 320mm front breaks සහ 230mm rear breaks වලින් සමන්විත වෙලා තියෙනවා. එහ් වගේම මේ බයික් එකේ තියෙන විශේෂත්වය තමයි mode 2 කින් සමන්විත ABS පද්ධතියක් මේ බයික් එකට ඇතුලත් කර තිබීම. ඒවා නම්. Standard mode එක සහා supermoto abs mode එක. Standard mode එකේදි සිදුවෙන්නේ බයික් එකේ ඉස්සරහා සහා පිටුපස දෙකේම abs ක්‍රියාත්මක වීමයි. Supermoto abs mode එකේදී සිදුවෙන්නේ බයික් එකේ ඉස්සරහ පමනක් abs ක්‍රියාත්මක වීමයි. එහ් වගේම මේ බයික් එකේ suspension ගැන කතාකලොතින් ඉස්සරහට 43mm usd ෆෝර්ක්ස් සහ පිටුපස mono shock එකකින් සමන්විත වෙනවා. මේ suspension දෙකම නිපදවන්නේ WP කියන brand එකෙන්. මේ වර්ගයේ suspension යොදාගැනීමෙන් මේ බයික් එකට හොද ස්තාවර බාවයක් සහා දුර ගමනකදි වුනත් comfortable ride එකක් ලබා ගන්න පුලුවන්.

එහ් වගේම මේ බයික් එකෙ tyre ගැන කතාකලොතින් ඉදිරිපස ටයරය 110/70 සහා පිටුපස ටයරය 150/60 යන විශාලත්ව වලින් සමන්විත වෙනවා.

මේ බයික් එක ගැන කතා කරන විට අමතක කරන්න බැරිම දෙයක් තමා මේ බයික් එකේ meter එක දැනට නම් ලංකාවේ දකින්නට තියෙන බයික් වල meter එකට වඩා ගොඩක්ම විශේෂ meter එකක් තමා මේකට ලබාදීලා තියෙන්නේ. TFT display එකකින් සමන්විත මේ meter එකේ bluetooth පහසුකම් එහ් වගේම බයික් එක ගැන සියලු විස්තර මේ meter එකෙන් දැක ගන්න ලැබෙනවා. අපිට අපේ phone එක මේකට connect කරාට පස්සෙ අපිට handle එකේ තියෙන buttons වලින් අපිට අපේ phone එකේ play වෙන සින්දුව මාරු කරන්න පුලුවන් එහ් වගේම අපිට එන call answer කරන්න වගේම මෙතනින් call එකක් ගැනීමේ පහසුකමත් මේකෙන් අපිට ලැබෙනවා. එහ් වගේම phone එකේ බැටරි percentage එක signal වගේ දේවල් බයික් එකේ meter එකෙන් දැකගන්න ලැබෙනවා. එහ් වගේම side stand signal ,engine kill signal වගේ දේවල් මේ display එකෙන් දැකගන්න ලැබෙනවා. එහ්හ් වගේම දිවා කාලයේදී සුදු පාටින් සහා රාත්‍රි කාලයේදී කලු පාටින් මේ display එක දිස් වෙනවා. එහ් පාට මාරු වීම් සිදුවෙන්නේ meter එකේ සවි කරලා තියෙන sensor එකක් ආදාරයෙන්.

තවත් විශේෂ කාරණාවක් සදහන් කලොත් මේ වැඩ කෑලි තියෙන ලංකාවේ නීතියට අනුව පදින්න පුලුවන්  එකම වණ්ඩිය වෙන්නේ KTM Duke 390 මොකද අනිකුත් මේ විශේෂාංග තියෙන හැම බයික් එකක්ම වැටෙන්නේ high capacity එහෙම නැත්තම් අධිබල යතුරුපැදි ගනයට.(Ducati panigle වැනි)

අපි මේ බයික් එකේ design එක ගැන කතාකලොතින් එහේම මේ බයික් එකට පට්ටම sport look එකක් ලබා දෙන්න ගොඩක්ම මැදිහත් වෙලා තියෙන්නේ මෙකේ headlight එක කිව්වොත් මන් නිවැරැදියි. මොකද කිව්වොත් KTM එකෙන් මේ බයික් එකට යොදාගෙන තියෙන්නේ Superduke වල දකින්නට ලැබෙන headlight එකමයි මේකේ පැහැදිලි photo එකක් යටින් දාන්නම්කො එක බලලා අදහසක් ගන්න. එහ් වගේම අලුතෙන් නිපදවන හැම බයික් එකකම වගේ මේ බයික් එකෙත් AHO ( auto headlight on ) දකින්නට ලැබෙනවා. එහ් වගේම මේ බයික් එකෙ parking light එක පමනක් led 20 කින් සමන්විත වෙලා තියෙනවා.

එහ් වගේම 13ltr metal tank එකක් ලබාදීලා තියෙන නිසා හොද පෙනුමක් සහා ආරක්ෂාවක් ලැබිලා තියෙනවා. එහ් වගේම් මේ බයික් එකේ seat එක ගැන කතාකලොත් rider ට සහා passenger ට හොද සැපට ඕන දුරක් යන්න පුලුවන් වෙන්න මේකේ පලල සහා comfortable එක වැඩිකරලා නිපදවලා තියෙනවා.

එහ් වගේම මේ බයික් එක විශේෂයෙන්ම නිපදවලා තියෙන්නේ sport purpous නිසා මේ බයික් එකේ තෙල් නම් කරන්නෙ 25-30ත් අතර තමයි. එහ් වගේම පිටුපසට වෙන්න සවිකරලා තියෙන foot pegs නිසා ඔන්න වෙලාවක නවලා කරලා මේ බයික් එක ලස්සනට පාරේ අරන් යන්න හැකියාව ලැබෙනවා

මගෙත් ආසම බයික් එකක් වෙන මේ බයික් එක ලගදිම අපිට පාරේ බලාගන්න පුලුවන් වෙයි. මොකද ලැබෙන ආරංචි වල හැටියට ලගදිම KTM කියන බ්‍රැන්ඩි එක ලංකාවට DPMC එකෙන් release කරන්න යනවා කියලා. මේ බයික් එක ලංකාවට ආපු ගමන් අපේ youtube channel එකේ onroad review එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. අපි බලමු කවදා මේ බයික් එක ලංකාවට එයිද කියලා. මේකේ හරියටම මිල ගනන් නම් දැන්ම හරියට සදහන් කරන්න අමාරුයි. මේ බයික් එකේ මිල ගැන විස්තරයක් ලැබුනු ගමන්ම අපේ facebook page එකෙන් ඔගොල්ලන්ව දැනුවත් කරන්නම්

අවසානයේ photos ඇති බලල අදහසක් ගන්න බොහොම ස්තූති අපේ බ්ලොග් එකත් එක්ක සෙට් වෙලා ඉන්න වැරදි අඩුපාඩු ගැටලු යෝජනා චෝදනා අපේ Facebook page එකට එවන්න like කරලා share කරලා වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න.

කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි© 






No comments:

Post a Comment