ගොඩට මඩට දෙකටම ඔට්ටු TW200 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, September 21, 2017

ගොඩට මඩට දෙකටම ඔට්ටු TW200

                  


අද මාතෘකාව ලෙස තවත් ඉල්ලීමක් උන ගොඩට මඩට දෙකටම ඔට්ටු TW200 හා TW225 තෝරා ගන්න තීරණය කලා.

මේ යතුරුපැදිය මුල් වරට 1987 වසරේදී යමහා විසින් නිශ්පාදනය කල අතර මෙය එදා සිට අද දක්වා පුරා වසර 30ක පමණ කාලයක් නිශ්පාදන වෙමින් ලොව පුරා සාර්ථකව අලෙවි වෙන 100% ජපානයේ නිශ්පාදනය කරන යතුරුපැදියකි.

එමෙන්ම YT250 හී 2 Stroke එන්ජිමකින් බලගැන්වූ TW200 යතුරුපැදියකින් මුල් වරට 1987 දී ජපන් ජාතික Shinji Kazama උත්තර ද්‍රැවය තරණ කිරීමද සිදු කලේය.

මෙහි මාදිලි 4ක් හා එක් විශේෂ සංවත්සරය මාදිලියක් පැමිණ ඇති අතර මේවා පිලිවෙලින්

TW200 Hub - 1987-2000
TW125 -1999-2003
TW 200 Disk 2000- අද දක්වා.
TW225 - 2002-2007 හා 2007 වසරේදී නිකුත් වූ 20 වන සංවත්සර මාදිලිය නොහොත් TW 225 Special Edition ලෙස නම් කල හැකියි.

Click here to read this post in ENGLISH

මෙහි එන්ජිම ගැන කතා කලොත් 196cc SOHC තනි සිලින්ඩර වෑල්ව 2ක එන්ජිමක් යමහා විසින් ලබා දී ඇති අතර මෙමගින් අශ්වබල 16ක බලයක් ලබා දෙනවා. එමෙන්ම 2002 සිට 2007 දක්වා නිෂ්පාදනය වූ TW225 මාදිලියෙහි 223cc SOHC තනි සිලින්ඩර වෑල්ව 2ක වායු සිසිලන එන්ජිම මගින් අශ්වබල 19ක බලයක් ලබා දෙනවා.

තවද මෙහි එන වායු සිසිලන පද්ධතිය පහසුවෙන් අවශ්‍ය නම් Oil Cooling පද්ධතියක් ලෙසට වෙනස් කර ගත හැකිය.

උපරිම වේගය පැයට කිලෝමීටර් 130ත් 140ත් අතර වන මේ යතුරුපැදිය පැයට කිලෝමීටර් 110 115 පමණ පසුවූ පසු තරමක් තද ගතියකින් සහ දෙදරීමක් සහිතව ඉතිරි වේගයට පැමිනීමට උත්සහ දරන අතරම අධික ලෙස එන්ජිම රත් වීමටද ලක් වේ මීට හේතු ලෙස මේ එන්ජිම වායු සිසිලන වීම,ශීත හා සෞම්‍ය දේශගුණයක් හිමි යුරෝපානු රට වලට නිශ්පාදනය කිරිම,ඉහල වේගයන් හී ධාවනයට වඩා ඉතාම දුශ්කර මාර්ගයන් වල ධාවනට නිශ්පාදනය කර ඇති වීමත් පෙන්වා දිය හැකියි.

ඔබට වේගය අවශ්‍ය Dual Sports යතුරුපැදියක් අවශ්‍ය නම් Yamaha විසින්ම නිපදවන WR250R, WR250F හෝ Honda XR250R, CRF250L,Kawasaki KLX250 වැනි වෙනත් යතුරුපැදිය වලට යා හැකි එමෙන්ම මේ යතුරුපැදි TW මාදිලියට වඩා දෙගුණයකින් පමණ මිල ඉහලයි.

මෙහි ඉන්ධන සැපයුම කාබ් එකක් හරහා සිදු වන අතර ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකක කිලෝමීටර් 30ත් 40ත් අතර වනවා මේ දුර යතුරුපැදිය නඩත්තු කරන ආකාරය ගමන් ගන්නා වේගය හා මාර්ගය වැනි තත්ව මත වෙනස් වෙන අතර මධ්‍යන අගයක් ලෙස මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 35ක් පමණ ලබා ගත හැකියි. මෙය 200 හෝ 225 ධාරිතාවයේ යතුරුපැදියකට ඉතාම හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලෙස සටහන් කල හැකියි.

Click here to read this post in ENGLISH

මෙහි ඉන්ධන ටැංකිය ලීටර 7ක් වන අතර මෙහි එක් ලීටරයක් රිසව් ලෙස ගබඩා වෙනවා.TW හී ඉන්ධන කාර්යක්ෂමතාව හා මෙය නිපදවා ඇති කාර්යය අනුව මේ ටැංකිය ප්‍රමානවත් වනවා.

ගියර් පද්ධතිය ලෙස වේග 5ක ගියර් පද්ධතියක් සමඟ Wet multi-plate disk clutch එකක් ලබා දී තිබෙනවා.

බයික් එකේ විශේෂ කරුණු ලෙස වැඩි වැඩ කෑලි දැකගන්න ලැබෙන්නෙ නෑ මොකද මේ TW පාරේ යනවට වඩා සාමාන්‍ය dirt bikes වලටත් ලගාව්මට අපහසු තැන් වලට ලගා වීමටයි නිම වෙන්නේ ඒ නිසා fancy වැඩ කෑලී වත් ලොකු වැඩ තියෙන මීටර් එකක් වත් දැකගන්න ලැබෙන්නෙ නෑ සාමාන්‍ය analog meter panal එකක් මත speed trip හා මෙතෙක් ගමන් ගත් දුර හා light indicators මගින් high beam head,signal,Nutral පෙන්නුම් කරන අතර fuel gage හා RPM Meter එකක් දැකගන්න ලැබෙන්නේ නැහැ.

ඒ වගේම තවත් දෙයක් සදහන් කලොත් දැනට ඇති සෑම dirt හෝ sm bike එකකම ඉදිරිපස mud guard එක headlight එකට ආසන්නව පිහිටියත් tw හී එය පිහිටන්නේ ඉදිරිපස ටයර් එකට ඉතාම ආසන්නවයි මේ නිසා මඩ හෝ වැලි riderට හා engine එක මත වැටීම ඉතාම අවමයි.

Suspension ගැන කතා කලොත් ඉදිරිපස Telescopic fork. Coil sping හා oil damper යොද තිබෙනවා බයික් එකට USD shock යොදා නොගැනීම තරමක අඩුවක් වගේ පෙනුනත් මේ බයික් එකේ weight හා height එක මෙන්ම මේ ලබා දී ඇති ශොක් එක ඝට්ටන වලට සාර්ථකව මුහුන දීමට හොදින් ප්‍රමාණවත්.පසුපස suspension ලෙස අඟල් 5.9ක Mono shock එකක් යොදාගෙන තිබෙන අතර මෙය සීරුමාරු කල නොහැකියි.

Frame එක ගැන කතා කලොත් diamond single-downtube චැසි එකක් ලබා දි ඇති අතර මෙය ඉතාම ශක්තිමත් ලෙස නිමවා තිබෙනවා පැයට කිලෝමීටර් 80ක පමණ වේගයක් පැමිනෙන තෙක් වැඩි දෙදරීමක් නොමැති අතර පසුව Foot pegs හා Hand bar දෙදරිමකට ලක් වෙනවා එය එතරම් අඩුවක් ලෙස පෙන්විය නොහැකියි මොකද මෙය පෙර සඳහන් කල පරිදි කාපට් මාර්ග වල වේගයෙන් ගමන් කල කිරීමට නිපදවන Sport bike එකක් හෝ Naked යතුරුපැදියක් ලෙස නිපදවා නොමැති අතර Offroad සාමාන්‍ය රථයකට ලඟා විය නොහැකි මාර්ග වල ගමන් කිරීමට නිපද වු යතුරුපැදියක් නිසාවෙනි.


Click here to read this post in ENGLISH

මෙහි seat height එක එසේ නැතිනම් seat එකේ සිට පොලවට උස අඟල් 31.1 වන අතර Ground Clearance එනම් යතුරුපැදියේ පහලම කොටසේ සිට පොළවට ඇති උස අඟල් 10.4 වනවා මේ නිසා ඕනැම උසක අයෙකුට පහසුවෙන් යතුරුපැදිය ධාවනය හා හැසිරවීම කල හැකියි. එන්ම එන්ජිම යකඩ ආවරණයකින් ආවරණ වී ඇති නිසා යම් හෙයකින් යම් ගැටීමකට ලක් උනොත් එන්ජිමට විය හැකි හානිය පාලන කරනවා.

මෙහි බ්‍රේක් පද්ධතිය ගැන කතා කලොත් 1987 සිට 2000 දක්වා Hub Brake එනම් 110mm Drum ඉදිරිපස හා පසුපස දෙපසම යොදාගත්තද 2000 සිට අද දක්වා සෑම යතුරුපැදියක්ම ඉදිරිපස Disk හා පසුපස Drum brake සහිතව නිශ්පාදනය කරනවා.

නමුත් සමහර කූඨ ව්‍යාපාරිකයන් පරණ Hub මාදිලි Disk ලෙස වෙනස් කොට වැඩි මිලට අලෙවි කරනවා දැකගත හැකියි මේ නිසා හොඳින් යතුරුපැදිය නිරීක්ෂණය කර මිලට ගන්න නැත හොත් යතුරුපැදි පිලිබඳව දැනුම ඇති අයෙකු රැගෙන යන්න.

මේ බයික් එකේ කතා නොකරම බැරි Tyres ගැන කතා කලොත් ඉදිරිපස 130/80-18 හා පසුපස 180/80-14 Tube සහිත ටයර්  යොදාගෙන තිබෙනවා මේ පසුපස ඉතාම පුලුල් හා උස් ටයර් එක නිසා වෙරළ ,මඩ,ගොඩ ,කදු හා හිම සහිත ඕනෑම මාර්ගයක ඉතාම පහසුවෙන් ගමන් කල හැකි අතර CR,WR වැනි dirt bikes වලටත් ගමන් කිරීමට අපහසු විය හැකි මාර්ගයක උනත් සාර්ථකව ගමන් කිරීමට මේ පුලුල් ටයර් නිසා ඉඩ ලැබෙන අතර මඩේ හා වැල්ලේ එරීම ඉතාම අවමයි. තවද ප්‍රථම වතාවට උත්තර ද්‍රැවය තරණය කරන ලද යතුරුපැදිය ද Yamaha TW200 ය.

ටයර් වල මිල රීකන්ඩිශන් ටයර් යුගලයක් රුපියල් 25000ක් පමණ හා අලුත්ම ටයර් යුගලයක් රුපියල් 35000 පමණ වන අතර මේ යතුරුපැදියේ මිල අධිකම නඩත්තු කටයුත්ත ලෙස මෙය නම් කල හැකියි.

Rim ලෙස DID Brand Rims සමඟ ඉදිරිපස Spoke, 14M/C x MT2.5 හා පසුපස Spoke, 14M/C x MT4.5 යොදා තිබෙනවා.

Click here to read this post in ENGLISH

මේ යතුරුපැදියෙහි මුලු බර කිලෝග්‍රෑම් 126.6 වන අතර මෙහි අඩු බර පුලුල් ටයර් හා ලඟ පිකප් එන්ජිම නිසා Off-Road ධාවනයට මෙන්ම Stunt වලට යොදා ගැනීමටද හැකියාව පවතිනවා.

Yamaha මේ යතුරුපැදිය කර්මාන්තශාලාව තුලින් එලියට දමන්නේ Dual Sports යතුරුපැදී කාණ්ඩයේ යතුරුපැදියක් ලෙස වූවද බහුතරයක් දෙනා මේ යතුරුපැදිය Standard මට්ටමෙන් භාවිතා නොකොට Exhaust එකේ සිට බාහිර පෙනුම දක්වාම ස්ව කැමත්ත අනුව වෙනස් කරගන්නා අතර මෙරට වැඩි වශයෙන් Supertrapp Can යොදාගන්නා යතුරුපැදි හා Long Swing arm යොදාගෙන ඇති යතුරුපැදි දැකගත හැකියි.ඉතාම පහසුවෙන් මේ යතුරුපැදිය Cafe Racer,Choper,Enduro,SuperMoto,Scrambler හා නානාවිද ආකාරයෙ යතුරුපැදි ලෙසට වෙනස් කරගැනීමට හැකියාව ඇත. අන්තර්ජාලය පුරා එවැනි ඡායාරූප දැකගත හැකි අතර පහත Standard bike එකට අමතරව Modified යතුරුපැදි ඡායාරූප කිහිපයක්ද ඇතුලත් කරන්නම්.

ඇලේ දොලේ යන්න පාඩුවේ බයික් එකක් පදින්න නඩත්තු අඩු 100%ක ජපන් යතුරුපැදියක් තමා සතු කරගන්න හොඳම තෝරගැනීමක් ලෙසට TW නම් කල හැකියි.

මෙහි මිල ගනන් Brand New ලක්ශ 8ක් පමණ විය හැකි අතර Second hand හෝ Reconditioned යතුරුපැදියක් ලක්ශ 3 සිට 4.50 දක්වා මිල පරාසයක පවතිනවා.

TW ගැන අදහසක් පහල තියෙන ඡායාරූප බලලා අරගන්න TW ගැන වැඩිදුර විස්තර TW Club හී Pinned post කියවා ඔබට සොයාගත හැකියි.

TW Club
https://www.facebook.com/groups/801140253333863/permalink/1229970743784143/

විශේෂ ස්තූතියි TW දොස්තර අවන්ත අබේසිංහ වෙත.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Standard 

Click here to read this post in ENGLISH













Special Edition (Anniversary)



TW125


Modified 













Wandi - වණ්ඩි©


1 comment:

  1. '#YAMAHA #SEROW 225' Bike එක ගැන පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ?

    ReplyDelete