හදිස්සිකාරයා Apache RTR 180 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, October 7, 2017

හදිස්සිකාරයා Apache RTR 180



අද මාතෘකාව මැද පන්තියේ තවත් සුපිරි වැඩ්ඩෙක් වෙන TVS Apache RTR(Racing Throttle Response) 180 බයික් එක වැඩි කතා නැතුව එහෙනම් review එකට සෙට් වෙමු.

මේ බයික් ඒකේ හදවත විදියට එහෙමත් නැත්නම් එන්ජින් එක විදියට 177.4cc, 4 Stroke, Single-cylinder, 2-valve air  cooling  එන්ජින් එකක් TVS  ලබා දී තිබෙන්නේ.
මේ මගින් ලබා ගත හැකි උපරිම බලය විදියට 17.03 Bhp  සටහන් වෙන අතර 0-60 වේගයට ලඟා වීමට තත්පර 4.7 කුත් 0-100 වේගයට ලඟා වීමට තත්පර 14කුත් ගත වෙන අතර උපරිම වේගය විදියට 124kmph (officially) සදහන් වෙන අතර ඊට වඩා වේගයක් ලබා ගැනීමට හොද මාර්ගයක හොඳ rider කෙනෙක්ට පුලුවන් කම තිබෙනවා.

Aircooled engine එකකින් යුක්ත මේ බයික් එක සාපේක්ෂව yamaha honda bajaj 150-200 එන්ජින් වලට වඩා තරමක් වැඩියෙන් රත් වීමකට ලක් වෙන අතර තරමක් වැඩි කාලයක් එන්ජින් එක සිසිල් වීමට ගත වෙනවා.කෙසේ වෙතත් එය විශාල අඩුවක් ලෙස පෙන්නුම් කරන්නේ නෑ.

UCAL BS-29 හරහා ඉන්ධන සැපයුම සිදු වෙන මේ බයික් එකෙන් ලීටර් එකකින් 35-40km දුරක් ධාවනය කිරීමට ඉඩ ලැබෙනවා ගොඩක් අය කරන චෝදනාවක් තමයි Apache තෙල් කරන්නේ නෑ කියන එක ඒ කතාවේ පොඩි ඇත්තක් තියෙනවා නමුත් apache bikes racing inspired වගේම Racing purpose එකටම වගේ design කරන නිසා බයික් එකේ ඉන්ධන පිරිමැස්මට වඩා TVS බලාපොරොත්තු වෙන්නේ බයික් එකේ උපරිම බලය riderට ලබා දීමටයි.එමෙන්ම TVS විසින් TVS Racing tag එකද එන්ජින් එකටම ලබා දීමටද හේතුව මෙයයි.

තවත් විශේෂ කාරණයක් සටහන් කලොත් ඉන්දියාවේ යතුරුපැදි නිෂ්පාදකයන් අතරින් ජාත්‍යන්තර යතුරුපැදි තරඟ වලට වැඩි වශයෙන් සහභාගී වන්නේද ජය ග්‍රහන ලබා ගන්නේද TVS racing හා Motorcross team එකය Apache RTR 180,RTR200 4v, RTR 450 FX,RTR300 FX මෙන්ම ලඟදීම BMW තාක්ෂණයෙන් සපිරි TVS Akula 310 ද මේ racing පවුලට එකතු වීමට නියමිතයි.

Gear හා clutch ගැන කතා කලොත් වේග 5ක ගියර් වේග පද්ධතියක් හා wet multi plate clutch එකක් යොදා ඇති අතර gear 3-4 අතර මාරු කිරීමෙදි විටෙක තරමක රලු ගතියක් පවතිනවා.

ඒ වගේම මේ බයික් එකට ලීටර 16ක විශල ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර මේ ටංකියට අමතර ආකර්ෂණයක් හා ආරක්ෂාවක් ලබා දීමට කාබන්ෆයිබර් කොටසකු එකතු කර තිබෙනවා.

meter panal එක විදියට semi digital meter එකක් ලබා දී ඇති අතර RPM analog ලෙසත් speed,odo,trip,fuel gage වගේ දේවල්  digutal පෙන්නුම් කරන අතර Apache meter වල විශේෂ ලක්ෂණයක් වෙන Top speed recorder එකකුත් ඇතුලත් වෙනවා ඒ කියන්නේ ඔයා ගමනක් යද්දි ඒ ගමන අවසාන වෙනකම් ගියාම ඔයා ගිය උපරිම වේගය සටහන් වෙනවා ඒ වේගය 110 නම් එය සටහන් වෙනවා.

 කෙසේ වෙතත් apache riders ලා social media වල දාන්න topspeed rec කරන්න පුලුවන් උපරිම වේගයෙන් යන්න උත්සහ කරනවා ඒකෙ කිසිම වරදක් නෑ නමුත් පුලුවන් තරම් ආරක්ෂාකාරීව හා කල්පනාවෙන් යුතුව එය සිදු කරනවා නම් වඩා හොදයි.

හොඳ sporty riding position එකකින් මේ බයික් එක නිම කර ඇති අතර clipon handle bar ද යොදා තිබෙනවා මේ නිසා පහසුවෙන් බයික් එක හසුරුවා ගැනීමට ඉඩ ලැබෙන අතර මෙහි head on off,signal, start, engine kill හා ABS මාදිලියේදි ABS on off switch එකක්ද දැකගත හැකියි.
 traffic හා සාමාන්‍ය ධාවනය දෙකේදීම පහසුවෙන් බයික් එක ධාවනය කිරිමට rider ට හැකි වීමද ඉතා ලොකු වාසියක්.

Chassis එක ලෙස Double Cradle SynchroSTIFF frame එකක් යොදා ඇති අතර RPM 7000-9000 අතර තරමක වැඩි දෙදරීම් ස්වභාවයක් ධාවනය කිරීමේදී දැනීමට ඉඩ තිබෙනවා මෙය තරමක අඩුවක් ලෙස පෙන්විය හැකි අතර ඉන්ඩියන් බයික් එකකින් තවත් ඉන්ඩියන් බයික් එකකට මාරු වෙන කෙනෙකුට නම් මෙහි වැඩි වෙනසක් දැනෙන එකක් නැහැ.


Suspension විදියට ඉදිපස 105mm යුත් telescopic forks හා පසුපස Monotube Inverted Gas-filled shox (MIG) with spring aid යොදා තිබෙනවා ඉතා සුවපහසු ධාවනයක් මේ බයික් එකෙනුත් ලබා ගැනීමට rider හා passenger යන දෙපාර්ශවයටම හැකියාව ලැබෙනවා.

Breaking විදියට ඉදිපස 270mm Petal Disc එකක් හා පසුපස 200mm Petal Disc එකක් යොදා ඇති අතර ABS මාදිලියේදි dual channel ABS අංගයද එක්කොට තිබෙනවා මේ නිසා වඩා වැඩි ආරක්ෂාවක් ධාවනයේදී rider ට ලබෙනවා.නමුත් දැනට ලංකාවේ නම් ABS මාදිලිය දැකගන්න ලැබෙන්නේ නෑ.
එමෙන්ම පෙටල් ඩිස්ක් නිසා ඉක්මනින් ඩිස්ක් තුල ඇති තාපය ඉවත් කරන අතර මේ නිසා ඩිස්ක් එක ගෙවීම අඩු කරන අතර කල් පැවැත්ම වැඩි කරනවා.

Tyres ගැන කතා කලොත් ඉදිපස 90/90 x 17”  පසුපස 110/80 x 17” යොදා ඇති අතර වංගු ගැනිමේදි තරම අස්ථාවර භාවයක් 60kmph වැනි වේගයකදි දැනීමට ඉඩ තිබෙනවා.

අගල් 17ක රිම් එකක් සමඟ 6 Spoke Mag Alloys යොදා ඇති අතර ඉතා ආකර්ෂණීය පෙනුමක් මේ මගින් බයික් එකට ලැබෙනවා.

Lighting ගැන කතා කලොත්  headlight එක විදියට  12V 35/35W Halogen HS1, Clear lens හා MFR යොදා ඇති අතර ආකර්ෂණීය led light පද්ධතියක් ද එක් කර තිබෙනවා මෙය සෑම විටම දැල්වී තිබෙන නිසා  ඉන්දියාවේ දැනට පවතින AHO නීතියට අනුව head එක on එකේම තැබීමට අවශ්‍ය වන්නේ නෑ මොකද led එක හොදින් දුර තියාම බයික් එක පෙන්නුම් කරන නිසා එමෙන්ම clear lens signal හා led tail light එක යොදා තිබෙනවා.

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහනක් කලොත් ඉන්දියානු යතුරුපැදිකරුවන් ගන්න ගානට වටිනම බයික් එකක් ලෙස මෙය සලකන අතර දැනටත් ඉන්දියාවේ dual channel abs ඇති mid range sports commuter bike එක ලෙස ඇත්තේ rtr 180 පමණයි.නමුත් ලංකාවේ මීට වඩා තරමක් අඩු අලෙවියක් පෙන්නුම් කරන අතර යම් හෙයකින් ඉන්දියාවෙ මෙන් abs මාදිලිය ලංකාවට පැමිනියානම් මීට වඩා විශාල ඉල්ලුමක් දැක ගැනීනට ඉඩ තිබෙනවා.

මේ බයික් එකත් එක්ක කරට කර තරඟයක pulsar 180ug,160ns,CB160R,fz 2.0 ලංකාවේ market එකතුල  සිටිනවා දැනගන්න ලැබෙන පරිදි නොබෝ දිනකින් apache 200 හී body kit එකෙන් 180 හා 160 apache නිකුත් වීමට නියමිත අතර එසේ වුව හොත් මීටත් වඩා අලෙවියක් දැක ගැනීමට ඉඩ තිබෙනවා.

Chassis දෙදරීම නඩත්තු කටයුතු වැඩි වීම second hand මාකට් එක අඩු වීම වැනි කරුණු නිසා apache market එක පොඩ්ඩක් පස්සට ගොස් තිබුනත් දැන් යලිත් apache කරලියට එමින් පවතින්වා.

මිල ගැන සදහන් කලොත් 382,500 සදහන් කල හැකියි.

apache fans ලා අලුත් බොඩිකිට් එකෙන් බයික් එක එනක්ම් බලාගෙනත් ඇති බයික් එක ආව ගමන් අපි කියන්නම් වණ්ඩි එක්ක සෙට් වෙලා ඉන්න fb page එකට like එකක් දන්න වැරදු අඩුපාඩු යෝජනා චෝදනා අපේ fb page එකට යොමු කරන්න පහල photos බලලා bike එක ගැන අදහසක් ගන්න ස්තූති.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©







No comments:

Post a Comment