ලංකාවේ ජනප්‍රියම SuperMoto එක Kawasaki D-Tracker 250 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, November 27, 2017

ලංකාවේ ජනප්‍රියම SuperMoto එක Kawasaki D-Tracker 250


අපේ අලුත්ම Kawasaki D tracker 250 එකේ on road review එක මෙතනින්

අද මාතෘකාව වෙන්නේ ලංකාවේ දැනට තියෙන සුපිරිම අතේ ගානට සෙට් වෙන Supermoto bike එක ගැන කතා කරන්න ඒ වගේම දැනට ලංකාවේ වැඩියෙන්ම දැකගන්න ලැබෙන Supermoto bike එක කියලා කිව්වත් වැරදි නැහැ. ඒ තමයි අපි කවුරුත් දන්න Kawasaki D-Tracker 250 ලංකාවේ තායිලන්තයේ වගේ රට වල මේකට Tracker කිව්වට ජපානේ සහ අනෙකුත් රට වල නම් වැඩි වශයෙන් මේ බයික් එක හඳුන්වන්නේ KLX250D කියලා ඒ නිසා මේ බයික් එක ගැන හරියට දෙයක් හොයාගන්න ඕනේ නම් Photos,Parts එහෙම උල් තට්ට රවුම් තට්ට කියලා Search නොකර KLX250D කියලාම බලන්න.

ඊලඟට මේ බයික් එකේ තව දෙයක් කතා කලොත් Hornet,Jade,XR බයික් වලට වගේම නිෂ්පාදිත වර්ශයට අනුව Chassis number එකක් එනවා.මේ Numbers හරියට තියෙනවා ඒක නම් ඒක බලලා පරණ වණ්ඩි වලට වැඩි ගනන් දීලා ගන්නේ නැතුව උල් තටු රවුම් කරපු රවුම් ඒවා කොටුකරපු කොටු එවා ත්‍රිකෝණය කරපු බයික් ගන්නේ නැතුව genuine Tracker එකක් අතේ ගානට ගන්න චාන්ස් එක ලැබෙනවා දැන් ඒ Chassis number පටන් ගන්න හැටි කියන්නම්.

LX250E -315 (1998)

LX250E -321 (1999)

LX250E -331 (2001)

LX250E -350 (2002)

LX250E -A00004 (2003)

LX250E -A04311(2004)

LX250E -A07001(2005)

LX250E -A11177(2006)

LX250E -A18659(2007)

ඒ වගේම 98-2003 විතර එනක්ම් ආවේ රවුම් තට්ට ඊට පස්සේ උල් තට්ට අන්තිමට Tracker X එක ඒක මේ හැම එකටම වඩා පෙනුමෙන් පවා හාත්පසින් වෙනස්ව Design කරලා තියෙනවා වගේම Carb එක වෙනුවට EFI unit එකක් යොදාගෙන තිබෙනවා X ගැන සම්පූර්ණය විස්තරයක් පසුවට කතා කරන්නම් දැන් මේ Tracker එකේ එන්ජින් එක ගැන කතා කරමු.

මේ බයික් එකේ D1 හා D2 කියලා එන්ජින් මාදිලි දෙකක් තියෙනවා ඒක එන්ජින් එකේ පේන මානේ කොටල තියෙනවා ලංකවේ වැඩියෙන් තියෙන්නෙත් D2 එන්ජින්.
වැඩි දුරටත් කතා කලොත් 249CC, DOHC තනි සිලින්ඩර FOUR STROKE වෑල්ව 4ක එන්ජින් එකක් තමයි මේ බයික් එකට ලබා දී තියෙන්නේ.මෙහි උපරිම බලය 29bhp ලෙස සටහන් වෙන අතර උපරිම වේගය 150kmph පමණ ලබා ගැනිමේ හැකියාව පවතිනවා.ඒ වගේම මේ බයික් එකත් එක්ක තරඟෙට ඉන්න SB Tracker,XR වගේ යතුරුපැදි වලට හොඳ තරඟයක් දීමට මේ එන්ජින් එකට හැකියාව පවතිනවා.

ඒ වගේම Liquid cooling system එකක් යොදාගෙන තිබෙනවා මේ නිසා එන්ජින් එක ප්‍රශස්ත උෂ්ණත්වයක තියාගෙන දුර ගමන් යන්න ඉඩ ලැබෙනවා එමෙන්ම මෙයත් එක්ක තරඟෙට ඉන්න XR යතුරුපැදියේ නම් Liquid system එකක් දැකගන්න ලැබෙන්නේ නෑ.කෙසේ වෙතත් මෙහි Cooling fan ආශ්‍රිතව යම් යන් ගැටලු ඇති විය හැකි නිසා ඒ ගැන නඩත්තු කටයුතු වලදී අවධානය යොමු කරන්න.

Click here to read this post in ENGLISH

Gear හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ wet Multiple-disc clutch එකක් යොදාගෙන තිබෙනවා එමෙන්ම සමහර D1 එන්ජින් සහිත tracker වල ගියර් හිර වීමක් දැකගන්න ලැබෙනවා මීට හේතුව නිසි නඩත්තුවක් නොමැති වීම මිස යතුරුපැදිය සතු වරදක් නොවෙන වඟ මතක තබා ගන්න.මේ යතුරුපැදි වසර 10කට වඩා පැරණි නිසා නිසි නඩත්තුවක් අත්‍යාවශ්‍ය වෙනවා.

ඊලඟ මේ යතුරුපැදියේ Meter panal එක ගැන කතා කලොත් සාමාන්‍ය SM යතුරුපැදියක මෙන් Speed,ODO,Trip පෙන්නුම් කරනවා Tracker X හී නම් RPMද දැකගන්න ලැබෙනවා බොහෝ sm bikes වල මෙන් මෙහිද fuel gage එක පෙන්නුම් නොකිරීම අඩුවක් ලෙස පෙන්විය හැකි අතර අලුතෙන් tracker හිමිකරුවකු වීමට ඔබ සිතනවා නම් සෑම විටම තමන්ට පුරුද්ද එනතෙක් ඉන්ධන මට්ටම ගැන සැලකිලිමත් වී ධාවනය කිරීම වඩා සුදුසුයි.
එමෙන්ම මේ මිටර් එකේ 2004 ඉරක් දැකගත හැකි අතර ඉරිමීටර් යන්වෙන් හඳුන්වන්නේ එයයි.

මෙහි ඉන්ධන ටැංකිය ලෙස ලීටර 8ක ටැංකිය ද ලබා දී තිබෙන නිසා එය එතරම්ම ගැටලුවක් වන්නේ නෑ.

මේ යතුරුපැදිය සතු තවත් විශේෂාංගයක් ලෙස Side stand switch එක මේක නිසා යතුරුපැදිය stand ගසා තිබියදී gear යොදා ඉදිරියට යෑමක් සිදු කිරීමට උත්සහ කලොත් ස්වයංක්‍රීයව එන්ජින් එක ක්‍රියා විරහිත වෙනවා මෙය බොහො tracker වල වැඩ කරන මට්ටමේ නොමැති අතර එය සකසා නොගත්තොත් තරමක අපහසුතාවට පත් වීමට ඔබට සිදු විය හැකි.

මෙහි ඉන්ධන සැපයුම D1 එන්ජින් සඳහා සාමාන්‍ය carburettor එකක් ද 2002න් ඇරඹුනු D2 එන්ජින් සඳහා Keihin CVK34 sensor carburetor එකක් යොදා ගෙන් තිබෙනවා ඒ වගේම EFI unit එකක් සමඟ නිකුත් වු Tracker X හී ඉන්ධන කාර්යක්ෂමතාව 45km පමණ වෙනවා.

Click here to read this post in ENGLISH

මෙහි චැසි එක ගැන කතා කලොත් 2004 දී පමණක් silver වර්ණයෙන් යුතු චැසි එකක් ද අනෙකුත් මාදිලි කලු චැසි එකකින්ද ද දැකගත හැකි අතර මෙය Aluminum Diamond frame එකක් වෙනවා.

මෙහි සම්පූර්ණ බර 128kg ලෙස සටහන් වෙනවා.

මෙහි Suspension ගැන කතා කලොත් ඉදිපස 43mm USD shock යොදා ඇති අතර නිශ්පාදනය වර්ශ අනුව silver,black හා gold ලෙස මෙය විටින් විට වෙනස්කම් වලට ලක්විය එමෙන්ම මේ ඉදිපස Suspension සිරුමාරු කිරීමේ හැකියාවද පවතිනවා.

පසුපස සදහා Monoshock යොදා ඇති අතර මෙහි ද වර්ණය කහ,සිල්වර් හා රතු ලෙස වෙනස් වීම් වලට ලක් වු අතර   ප්‍රමාණ 16කට මෙය සීරු මාරු කිරීමට හැකියාව ලැබෙනවා Stock model (කිසිදු වෙනස් කිරීමකට ලක් නොකරන ලද) හී seat height එක 880mm (අඟල් 35) පමණ වෙන අතර අඩි 5.6ට අඩු කෙනෙකුට තරමක හැසිරවීමේ අපහසුවක් මේ නිසා ඇති විය හැකියි.

Breaking ගැන කතා කලොත් ඉදිපස සඳහා 250mm disc සමඟ නිසින් 2 piston caliper යොදා තිබෙනවා.
පසුපස සදහා 230mm disc එකක් සමඟ තනි පිස්ටන් නිසින් කැලිපරයක් යොදාගෙන තිබෙනවා.

Tyres විදියට ඉදිපස 110/70-17 හා පසුපස 130/70-17 යොදා ඇත එමෙන්ම අගල් 17ක රිම් එකක් සමඟ ස්පෝක් පැමිනෙන් අතර මේවා ඔරිජිනල් නම් exel brand පැමිණි නමුත් බොහෝ tracker වල වෙනත් රිම් තමයි මේ වෙද්දි දැකගන්න ලැබෙන්නේ තව දෙයක් සටහන් කලොත් හැම spoke bike එකේම වගේ මේකෙත් අනතුරකදි දරන්නට වෙන පිරිවැය ඉතාම ඉහලයි.

Click here to read this post in ENGLISH

අවසාන වශයෙන් මේ බයික් එක ගැන සටහන් කලොත් දැනට මේ මාදිලිය වෙලදපොලේ brand new දැකගන්න නොලැබෙන අතර මේ යතුරුපැදිය KLX Big wheel යතුරුපැදිය පදනම් කරන් නිශ්පාදනය වූවකි 1999-2003 ජපානයේ නිශ්පාදනය වූවද එතැන් පටන් එකලැස් කිරීමේ කටයුතු තායිලන්තයේ කවසාකි කර්මාන්තශාලාවල සිදු වු අතර D Tracker D1 වෙනුවට D2 ද D2 වෙනුවට X ද අවසානයේ නැවත KLX ද නිශ්පාදනය උනා මෙහි 125cc හා 150cc ධාරිතාවයෙන් යුතු යතුරුපැදි ද නිශ්පාදනය වූ අතර D Tracker 150 ගැන මීට කලින් අපි කතා කලා. මිල ගනන් සටහන් කලොත් ලියාපදිංචි කරන ලද යතුරුපැදියක් රුපියල් ලක්ශ 4 සිට 6 දක්වා මුදලකට ලබා ගත හැකිය.

පහල තියෙන Photos බලලා Bike එක ගැන අදහසක් ගන්න අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න විශේෂ ස්තූතිය කේ.ඩි ලක්ෂාන් හා තිලාන් මනෝජ් වෙත.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩ්©

1 comment: