250cc Naked කාණ්ඩය පිස්සු වට්ටපු KTM DUKE 250 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, December 4, 2017

250cc Naked කාණ්ඩය පිස්සු වට්ටපු KTM DUKE 250


කාලෙකින් KTM ගැන කතා නොකරපු නිසාත් කට්ටිය ඉල්ලපු නිසාත් අද REVIEW එක විදියට ගෙනවා KTM DUKE 250 බයික් එක ගැන සම්පූර්ණ විස්තරයක් ඒක ගැන කතා කරන්න කලින් කියන්න ඕනේ අපේ අලුත්ම onroad review එක ඊයේ අපි upload කලා Kawasaki D Tracker එකේ බලපු නැති අය ඒක මෙතනින් බලන්න.

මේ Duke 250 ගැන කතා කලොත් මේ යතුරුපැදිය සමත් වෙනවා ඉන්දියාවේ Naked 250 catagory එක මෙන්ම යුරෝපා(KTM මව් රට ඔස්ට්‍රියාව ඇතුලුව) රට වල 250 කාණ්ඩය විශ්මයට පත් කරන්න.

මීට හේතුව විදියට 100% වෙනස් කරන ලද පෙනුම  වැඩි දියුණු කරන ලද එන්ජිම විශාල ලෝහ ඉන්ධන ටැංකිය වගේ සාධක හේතු වෙනවා.

2016 තෙක් නිශ්පාදනය වූ Duke 200,390,125 යතුරුපැදිය සාම්ප්‍රදායික Duke 125-360 පෙනුම ගත්තද 2017 පසුව KTM ඔවුන්ගේ විශාලම Naked යතුරුපැදිය Super Duke 1290 යතුරුපැදිට සමාන පෙනුමෙන් යුතුව සියලුම Naked යතුරුපැදි නිශ්පාදනය කිරීමට තීරණය කරනවා නමුත් කුමක් හො කාරනාවක් නිසා Duke 200 තාමත් සාම්ප්‍රදායික Duke පෙනුමෙන් මයි පැමිනෙන්නේ.

වැඩි දුරටත් සිදු වෙනස්කම් ගැන ඉදිරියට අපි කතා කරමු.යතුරුපැදිය ගැන විස්තර කිරීමේදි මුලින්ම එන්ජින් එක ගැන අවධානය යොමු කරමු.

මේ යතුරුපැදිය සඳහා KTM විසින් 248.8 cc තනි සිලින්ඩර් වෑල්ව හතරක Four-stroke DOHC එන්ජින් එකක් ලබා දී තිබෙනවා එමෙන්ම මේ එන්ජින් එක දැනට ඇති Naked 250 යතුරුපැදි අතුරුන් බල සම්පන්නම එන්ජින් එක වෙනවා.

අපි කලින් කතා කරපු Yamaha FZ25 යතුරුපැදිය යමහා විසින් මේ සියල්ලන්ටම අභියෝගයක් ලෙස නිම වේවි කියා බොහෝ යතුරුපැදි ලෝලින් අපේක්ෂා කලත් යමහා තමන්ගේ ලෝලීන්ව කලකිරීමට පත් කරමින් Duke 200 හෝ RTR 200 සමඟ වත් තරඟ කරගත නොහැකි 20bhp බලයකින් යුතු සෙල්ලම් බඩුවක් වෙලදපොලට නිකුත් කරනවා මේ නිසා Duke 250ට තමන්ගේ තැන රැකගෙන සිටීමට තව දුරටත් හැකි වෙනවා.

Duke 250 එන්ජින් එක සතු බලය වේගය වැනි කරුණු විස්තර කලොත් 30bhp උපරිම බලයක් මේ එන්ජ්න් එකෙන් ලබා දෙනවා එමෙන්ම උපරිම වේගය 160kmph හා 0-60  වේගයට තත්පර 3.44  ද 0-100 වේගයට තත්පර 8.64 ද වැය කරනවා.

මෙහි සිසිලන පද්ධතිය ගැන කතා කලොත් වැඩි දියුණු කරන ලද ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී ඇති අතර Duke පරණ මාදිලි වල තිබූ ලොකු ගැටලුවක් වන දුර හා traffic ධාවනයන්හීදී එන්ජින් එක අධික ලෙස රත් වීම මෙම සිසිලන පද්ධතිය මඟින් තරමක් දුරට  පාලනය කර ගැනීමට හැකියාව ලබා දී තිබෙනවා.

ඉන්ධන සැපයුම Fuel Injection තාක්ෂණය යටතේ සිදු වෙන අතර ලබා ගත හැකි උපරිම ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට 32km පමණ වෙනවා එමෙන්ම ලීටර 13.5 විශාල ඉන්ධන ටැංකියක් ලබා දී ඇති අතර කලින් මාදිලියට වඩා මෙවර ලීටර 2.5කින් ඉන්ධන ටැංකියේ ප්‍රමාණය විශාල කර ඇති අතර සම්පූර්ණ ලෝහ ටැංකිය යොදාගෙන තිබෙනවා කලින් මාදිලිය තුල දැකගන්න ලැබුනේ ප්ලාස්ටික් ආවරණයකින් අලංකාර වූ ටැංකියක් මේ නිසා ඉන්දියාවේ හා අනෙකුත් රටවල Duke පාරිභෝගිකයන් මැසිවිලි නැගීමක් සිදු කලා ඊට හේතුව කාන්දම් ගමන් මලු ටැංකියේ ඇලවීම කර නොහැකි බව හා අඩු  ධාරිතාවයෙන් යුතු ඉන්ධන ටැංකිය නිසා සංචාරක ගමන් යෑමේදි තමන් අපහසුවට පත් වෙන බව මේ නිසා KTM මෙවර ලෝහ ටැංකියක් සමඟ ලීටර 2.5කින් ඉන්ධන ගබඩාව විශාල කරණු ලැබුවා.

Gear හා Clutch ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් සමඟ Slipper clutch එකක් ලබා දී තිබෙනවා ඉහල සිලින්ඩර් ධාරිතාවයන්ගෙන් යුතු යතුරුපැදි සදහා ලබා දෙන මේ slipper clutch එක 250 කාණ්ඩයේ Duke හට ලබා දීම ඉතාම වටිනා සාධකයක් වෙන අතර wet multiple-disc clutch එකට වඩා පහසුවෙන් ගියර් මාරු කිරීම හා එක ලඟ ගියර් 3 හෝ 4 ක්ෂණිකව හිර වීමකින් තොරව පහලට යෙදීමේ හැකියාවද මේනිසා ලැබෙනවා මෙය Traffic ධාවනය සදහා ද විශාල වාසියක් වෙනවා.

Meter panal එක ගැන කතා කලොත් Duke fans ලා Duke 390හී ඇති TFT Fully detailed bluetooth meter panal එක බලාපොරොත්තු උනත් KTM විසින් DUKE 200 හී ඇති සාම්ප්‍රදායික Duke meter එකම ලබා දී තිබෙනවා මේ නිසා තරමක කොටසක් නොසතුට පල කරන අතර KTM පවසන්නේ නිශ්පාදන පිරිවැය අඩු කිරීමට හා යතුරුපැදිය ගැන Test කිරීමට මෙම meter panal එක යොදාගත් බවත් 2018 දී ඉල්ලීම අනුව TFT Panal එකක් යොදා ගන්නා බවත් හා 2017 මාදිලිය සදහා ද After market equipment එකක් ලෙස TFT meter panal එක වෙළදපොලට එකතු කරන බවත්ය.

මේ fully digital meter panal හි speed,odo,avarage mileage,fuel gage,side stand indicator,gear position indicator,rpm වැනි අංග පෙන්නුම් කරන අතර තවමත් 250 කාණ්ඩයේ විස්තරාත්මකම Meter panal එක වෙන්නේ Duke 200/250 meter panal එකමයි.

Chassis එක ගැන කතා කලොත් Split Trellis Frame එකක් KTM මේ යතුරුපැදිය සදහා ලබා දි තිබෙනවා. 153kg බරක්  නව මාදිලියේදි ලෙස වෙනස් වී තිබෙනවා.කලින් frame එකට වඩා දෙදරිම් අවම කිරීමට හා කලින් මාදිලයට වඩා වැඩි ධාවනයේදි ස්තාවර බව හා හැසිරවීමේ පහසුව සැලසීමටද අලුත් frame එකට හැකියාව ලැබී තිබෙනවා එමෙන්ම seat height එක කලින් මාදිලියට වඩා 30mm එනම් 830mm ලෙස වෙනස් වී ඇති අතර මෙහි design එක අනුව ඕනෑම උසක අයෙකුට ධාවනය පහසු කරන ලෙස නිමවා තිබෙනවා.

Ground clearance එකද පරණ Duke200 මාදිලියට වඩා වැඩි කර ඇති අතර ඊට එක හේතුව ලෙස මෙතෙක් යොදා ගත් underbelly exhaust එක side mounted exhaust එකක් ලෙස වෙන්ස් කිරීම පෙන්වා දිය හැකී මේ නිසා තරමක ජලය ඇති පාරවල් වලින් ද උස Bumps වලින් ද silencer එකට හානියක් නොකරගෙන ධාවනය කිරිමට හැකි වෙනවා අලුත් ground clearance එක 185 mm එය 15mm කින් වැඩි වීමක්

එමෙන්ම කලින් යොදාගත් Underbelly exhaust එකට වඩා පැහැදිලි හා තිවෘර හඩක් අලුත් exhaust system එක මඟින් ලැබෙනවා.

Suspension ගැන කතා කලොත් අනිත් හැම KTM  Duke එකේම වගේ මේ Duke එකටත් සුප්‍රසිද්ධ WP සමාගමේ Suspension යොදාගෙන තිබෙනවා. කලින් මාදිලි වල තිබුන අඩුපාඩු ද මඟහරවා ගනිමින් සුවපහසුව හා ආරක්ෂාකාරීව ගමන් කිරීමට අවශ්‍ය ලෙස Suspension නිමවා ඇති අතර ඉදිපස සඳහා 43mm USD Forks ද පසුපස Monoshock ද යොදාගෙන තිබෙනවා.

සුවපහසුව ගැන කතා කලොත් කලින් මාදිලි වල pillion rider (පසුපස ගමන් ගන්නා කෙනා) බොහෝ සෙයින් පීඩාවට පත් වූ අතර ඉතා කුඩා ප්‍රමාණයක pillion seat එකකුයි duke 200-390 දක්වා යොදා ගැනුනේ නමුත් 2017 සිට 200 duke හැර අනෙකුත් සියලුම duke මාදිලියන්හී  සුවපහසු හා වැඩිදියුණු කරන ලද පුලුල් rider,pillion seats යොදාගෙන තිබෙනවා මේ නිසා ඉතා සුවපහසුව දුර ගමන් යෑමට හැකියාව ලැබෙනවා.

Breaking ගැන කතා කලොත් ඉදිපස 300mm disc එකක් සමඟ පොට් 4ක BYBRE කැලිපරයක් යොදා තිබෙනවා පසුපස සඳහා 230mm disc එක සමඟ තනි පොට් BYBRE කැලිපරයක් යොදා තිබෙනවා.

එමෙන්ම BOSCH සමාගමෙන් බලගැන්වු Dual Channel ABS පද්ධතියක් ඇති නිසා ඉතාම ආරක්ෂාකාරිව තිරිංග යෙදීමට මෙන්ම අඩු දුරකදී යතුරුපැදිය පහසුවෙන් අඩු කාලයකින් නවත්වා ගැනීමට මෙන්ම තෙත් හෝ ලිස්සුම් සහිත මතුපිටක ආරක්ෂාකාරි තිරිංග යෙදීමක් කිරීමට හැකියාව පවතිනවා.

Tyres විදියට ඉදිපස සදහා 110/70-R17 පසුපස 150/60-R17 tubeless පුලුල් ටයර් යොදා ගෙන තිබෙනවා මේ නිසා හොදින් යතුරුපැදිය හසුරුවා ගැනීමටත් වංගු ගැනිමේදි ආරක්ෂාවත් ඉතා හොද බාහිර පෙනුමකුත් ලැබෙනවා.

Lighting ගැන කතා කලොත් Duke 390 (2017) ට සමාන ඒත් තරමක් වෙනස් head එකක් සමඟ DRL LED (daytime running lamp) යොදා ගෙන ඇති අතර එය ඉතාම ආකර්ෂණීය පෙනුමක් යතුරුපැදියට ගෙන එනවා. එමෙන්ම LED tail light එකක් හා clear lens signal lights යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් ඉදිරි වසර තුල මේ යතුරුපැදිය ලංකාවේ දැකගැනීමට ඉඩකඩ ඇති අතර 250 Naked sports කාණ්ඩයේ සුපිරිම යතුරුපැදියක් ලෙස මෙය හැඳින්විය හැකී.මේ යතුරුපැදිය සමඟ තරඟයට Benelli TNT 300/250, Kawasaki Z250,FZ25 Honda CB300R වැනි යතුරුපැදි සිටිනවා.

අපි කලින් Duke 200 හා 390 ගැන කතා කලා ඒවා කියවපු නැති අය කියවන්න.

මිල ගැන සදහන් කලොත් 1,010,950 ලෙසට සටහන් වන අතර දැනුම්දීමක් තොරව වෙනස් විය හැකියි.

පහල තියෙන Photos බලලා Bike එක ගැන අදහසක් ගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩ්©











No comments:

Post a Comment