TVS BMW දීගේන් උපන් මෝරා AKULA 310 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, December 6, 2017

TVS BMW දීගේන් උපන් මෝරා AKULA 310


අද මාතෘකාව ටිකක් TVS Fansලාට විශේෂ එකක් වෙයි. TVS සමාගම BMW Motard(BMW motorbicycle) සමාගම සමඟ 2015 වසරේ ගිවිසුම් ගතවීමත් සමඟම නිර්මාණය වූ Concept එකක් වන TVS Akula( රුසියානු බසට අනුව මෝරා) හෙවත් TVS BMW Apache RR 310 යතුරුපැදිය අද නිල වශයෙන් වෙළදපොලට TVS සමාඟම විසින් නිකුත් කරණු ලැබුවා.

මේ ගැන අපේ page එක හරහා මීට දින කීපයකට පෙර සඳහන් කරනු ලැබූ අතර එම යතුරුපැදියට වඩා තරමක් වෙනස්ව හා ඊටටත් වඩා ආකර්ෂණීය ලෙස නිල යතුරුපැදිය හඳුන්වා දී තිබෙනවා.Sport,Racing මාදිලියේ යතුරුපැදියක් වෙන මේ යතුරුපැදිය KTM RC 390, Kawasaki  Ninja 300, Yamaha R3 ඇතුලු 250-300 කාණ්ඩයේ යතුරුපැදීන් සමඟ කරට කර තරඟයට TVS විසින් එක්කර ඇති අතර මේ වන විට TVS හී Flagship ‍යතුරුපැදිය ලෙසද මෙය නම් කර තිබෙනවා (මීට පෙර RTR 200) එමෙන්ම TVS සතුව ඇති road legal හා එකම Sports යතුරුපැදිය වෙන්නේ Akula 310 මේ යතුරුපැදිය ගැන ඒ ආකාරයට හැඳින්විය හැකී අතර දැන් සුපුරුදු පරිදි එන්ජින් එක සමඟ review එක පටන් ගමු.

මෙහි එන්ජින් එක විදියට 312.2cc තනි සිලින්ඩර් වෑල්ව 4ක four-stroke එන්ජින් එකක් ලබා දී ඇති අතර එන්ජින් එක සතු උපරිම බලය 34bhp වෙනවා එමෙන්න මේ යතුරුපැදියට 0-60 වේගය පසු කිරිමට තත්පර 2.93කුත් 0-100 වේගය පසු කිරීමට තත්පර  7.17කුත් උපරිම වේගය ලෙස 160kmph වේගයක් ලබා ගැනීමේ හැකියාවත් පවති පවතිනවා මේ සිලින්ඩර් ධාරිතාව හා තනි සිලින්ඩර් එන්ජින් එකක් මඟින් ලබා ගත හැකි ඉතාම හොද වේගයක් ලෙස මෙය සදහන් කල හැකි අතර මෙය BMW TVS සුසන් යෝගයෙන් නිපදවී ඇති වීමටද එය හොඳ නිදසුනක්.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර "The Ultimate Track Weapon!" (ධාවන පථයේ අද්විතීය ආයුධය) යන tag line එක යටතේ එන මේ යතුරුපැදිය පාරට මෙන්ම රේසින් ධාවනය පථයටද එක සේ ඔරොත්තු දෙන ලෙස නිමවා ඇති නිසාම ඉතා හොදින් මේ සිසිලන පද්ධතිය මඟින් එන්ජින් එක overheat කිරීම පාලනය කරනවා.

ගියර් පද්ධතිය ගැන අවධානය යොමු කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා plates 8ක multiple-disc clutch එකක් යොදාගෙන තිබෙනවා අනෙකුත් wet clutch වල disc 4-6 ආකාරයට නිශ්පාදනය වූවද මෙහි 8 යොදා ගැනීම race track එකේ ධාවනය කිරීමේදි මෙන්ම මාර්ගයන්හී ධාවනය කිරීමේදී gear ඉහල පහල කිරීම සුමටව සිදුවෙන නමුත් RC වැනි යතුරුපැදියන් සමඟ තරග කිරීමේදි slipper clutch එකක් යොදා නොගැනිම TVS තරමක කරගත් අඩුපාඩුවක් ලෙස පෙන්විය හැකී.

ඉන්ධන කාර්යක්ෂමතාව හා සැපයුම ගැන කතා කලොත් Closed Loop EFI unit එකක් හරහා මෙය සිදුවෙන අතර මේ unit එක ලොව සුපතල BOSCH සන්නාමය යටතේ යතුරුපැදියට එකතු වී තිබෙනවා.

එමෙන්ම වේගය හා ජවය මත පදනම්ව ඇති මේ යතුරුපැදිය මඟින් 25km වැනි දුරකුයි පෙට්‍රල් ලීටර එකකින් ධාවනය කිරීමට ලැබෙන්නේ.

එමෙන්ම ලීටර 11ක ඉන්ධන ටැංකියක් ලබාදී තිබෙනවා.

Meter panal එක ගැන කතා කලොත් fully digital meter panal එකක් යොදාගෙන ඇති අතර මෙහි speed, odo, trip, fuel gage,gear position, rpm වලට අමතරව රේසින් ධාවනය පථයට අවශ්‍ය stop watch, lap time වැනි අංගද ඇතුලත් වල බවට දැනගන්නට ලැබුනා.

අදාල කාණ්ඩයේ සවිස්තරාත්මකම Meter panal එක ලෙසත් මෙය නම් කිරීමේ වරදක් නැහැ.

මෙහි design එක ගැන කතා කලොත් RC වැනි යතුරුපැදි වලට වඩා පිරිණු හා ආකර්ෂණීය පෙනුමක්ද පිරුණු ස්වභාවයක්ද ඇති අතර ප්ලාස්ටික් හා කාබන් ෆයිබර් මිශ්‍රිතව මෙහි fairings(bodykit) නිමවා ඇති අතර ඉතා හොඳින් හුලං කපා ගෙන යා හැකි ලෙස මෙය සැලසුම් කර තිබෙනවා එමෙන්ම උස wind shield (viser) එකක් යොදා ගැනීම නිසා riderට පහසුවෙන් ඉහල වේගයන් වෙත පිවිසීමට හැකියාව ලබා දෙන අතරම race track එකේද එය විශාල වාසියක්.

මේ යතුරුපැදියේ නමටම ගැලපෙන ලෙස මෙය මෝරෙකුට සමාන ලෙස නිර්මාණය කිරීමද තවත් ආකර්ෂණීය පෙනුනට උපකාරයක් වී තිබෙනවා.

Chassis ගැන කතා කලොත් Trellis frame, split chassis එකක් යොදා ගෙන ඇති අතර racing track එකට ඔබින ලෙස හා ධාවනයට හා හැසිරවීමට හා සමබරතාවය රැකගෙන ධාවනය කිරීමට මෙන්ම දෙදරීම අවම කරගැනීමටද හැකි ලෙස මෙය නිම කර ඇති අතර  හැසිරවීමට පහසු ලෙස පුලුල් clipon handle bars යොදාගෙන තිබෙනවා.

මුලු බර 169.5 kg වෙන අතර seat height 810 mm හා ground clearance 180 mm වෙනවා.

Suspension ගැන කතා කලොත් සුප්‍රසිද්ධ KYB සමාගම මඟින් Suspension මේ යතුරුපැදිය සඳහා ලබා දි ඈති අතර ඉදිපස Inverted cartridge telescopic forks (USD) හා පසුපස 2-arm aluminium die-cast swing-arm සමඟ ගෑස් පිස්ටන් එකක් සමඟ Monoshock යොදා තිබෙනවා.

Breaking ගැන කතා කලොත් මමද ඇතුලුව කොටසක් නොසතුට පල කරන කාරණාවක් TVS විසින් සිදු කලා එය මොකද්ද කිව්වොත් සැලසුම් කර තිබුන BREMBO Breaking system එක වෙනුවට BYBRE යොදා ගැනිමයි බොහො විට ඒ නිශ්පාදන පිරිවැය අඩු කිරීමට විය හැකීයි.

ඉදිපස Breaks ලෙස 300mm Petal Disc එකක් සමඟ BYBRE DOT 4 කැලිපරයක් ද පසුපස සදහා 240mm Petal Disc එකක් හා BYBRE කැලිපරයක් ද යොදා ගෙන තිබෙනවා එමෙන්ම Dual channel ABS ද යොදා ගෙන තිබෙනවා.petal disc(මල් ඩිස්ක්) යොදා ගැනීම නිසා ඩිස්ක් එක මත ඇති වෙන තාපය ඉතා ඉක්මනින් පිට කරන අතර මේ නිසා breaks හිරවීම හා නඩත්තුව අවම වෙනවා Dual channel ABS යොදා ගැනිම නිසා ඉහල වේගයකින් පැමින ඉතා කෙටි දුරකින් යතුරුපැදිය ආරක්ෂාකාරීව නවතා ගැනීමටද හැකි වෙනවා එකම අඩුව Brembo caliper යොදා නොගැනිම පමණි කෙසේ වෙතත් RC වැනි යතුරුපැදි ද BYBRE යොදා ගැනීම නිසා එය එතරම්ම ගැටලුවක් වන්නේ නෑ.

Tyres ගැන කතා කලොත් 110/70 R17  ඉදිපස ද පසුපස 150/60 R17 ප්‍රමාණයන්ගෙන් යුත් පුලුල් ටයර් යොදාගෙන ඇති අතර ස්තාවර ධාවනයට එය විශාල රුකුලක් එමෙන්ම මේ tyres tubeless වෙන අතර ලෝප්‍රකට Michelin සමාගමෙන් මේ යතුරුපැදියට එකතු කර තිබෙනවා.අවශ්‍ය නම් remora හා pirelli ද යොදා ගැනිමට පාරිභෝගිකයන් වෙත TVS අවස්තාව සලසා තිබෙනවා (RTR200 හී මෙන්)

එමෙන්ම ඇලුමිනියම් ආලේපිත අඟල් 17ක රිම් යුගලක් යොදාගෙන තිබෙනවා.

මෙහි lights ගැන කතා කලොත් headlight එක ලෙස Bi-LED Projector, 30Wx13V දෙකක් ද LED signal ද LED tail එක ද යොදාගෙන තිබෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් වසර 35 TVS Racing ඉතිහාසයේ සුපිරි සන්ධිස්ථානයක් ලෙස ද ආසියානු  racing යතුරුපැදිය කාණ්ඩය තුල විශාල පෙරලියක් ඇති කිරීමට ඉඩ ඇති අතර මෙතෙක් TVS track racs සඳහා යොදාගත් RTR200/180 දෙක වෙනුවට මෙ Akula 310 යොදා ගැනිමට ඉඩ ඇති අතර Honda Yamaha KTM මාදිලියන් වලට රේසින් පථයේ අභියෝගයක් වීමට මේ මෝරා හට හැකි වන ඇත බොහෝ විට ලබන වසරේ හො 2019දි ලංකාවේ ද මේ යතුරුපැදිය දැකගත හැකි වන අතර මිල ලක්ශ 10-12 අතර විය හැකී.

පහල තියෙන photos බලලා බයික් එක ගැන අදහසක් ගන්න ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©















No comments:

Post a Comment