Bike එකක් ලියාපදිංචි කරන්නේ කොහොමද? Bike වලට බදු වදින්නේ කොහොමද? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, March 16, 2018

Bike එකක් ලියාපදිංචි කරන්නේ කොහොමද? Bike වලට බදු වදින්නේ කොහොමද?

අපෙන් ගොඩ දෙනෙක් ඇහුවා බයික් වලට බදු වදින්නේ කොහොමද? බයික් එකක් තනියම රෙජිස්ටර් කරගන්නේ කොහොමද? බයික් එකක් ගෙන්නන්නේ කොහොමද? 250, 450 බයික් වලට Registration fees වැඩිද ? ඇයි high capacity Bikes හොරෙන් ගේන්නේ වගේ ප්‍රශ්න ඒ ඔක්කොටම මේ ලිපිය කියවීමෙන් ඔබට පිලිතුරක් ලබෙනු ඇත...

පුද්ගලිකව ගෙන්වන රථයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

1.MTA 2 අයදුම් පතක් ලබාගෙන අදාල උපදෙස් වලට අනුව නිවැරදිව එය පිරවිය යුතුයි.

2.අයිතිකරුගේ චායාරුප 2ක් (සෙ.මී. 3.5 x 2.5) ග්‍රාමසේවක හෝ අනයනකරු සහතික කල යුතුය.
අයිතිකරු පුද්ගලිකව පැමිණෙන්නේ නම්,අදාල ශාඛාවේ අධික්ෂණ නිලධාරියා වෙත ඉදිරිපත් කර සහතික කරවා ගත හැකිය.

3.අයිතිකරුගේ ජාතික හැඳුනුම්පතෙ හෝ රියදුරු බලපත්‍රයේ හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රයේ ඡායාස්ථික පිටපතක්(Photo Copy).

4.වාහන රේගුවෙන් නිදහස් කිරීමේදි නිකුත් කරන ලද ලියකියවිලි.

5.රේගු ගාස්තු ගෙවු රිසිට් පතේ මුල් පිටපත.

6.අළුතින් නිපදවු මෝටර් වාහනයක් නම් අදාල ඉන්වොයිසිය.

7.වෙනත් රටක පාවිච්චි කරන ලද වාහනයක් නම් විදේශ ලියාපදිංචි සහතිකය ( ඉංග්‍රීසි පරිවර්තනය සහිතව)

8.
(අ) ආනයන බලපත්‍රයක් මත ගෙන්වන ලද වාහනයක් නම් ආනයන බලපත්‍රය.

(ආ) නව ලියාපදිංචිය සහිතව සමඟ පරම අයිතිය ලියාපදිංචි කරන්නේ නම් MTA 3 ආකෘති පත්‍රය.

(ඇ) හමුදා හෝ රේගු වෙන්දේසියකින් ගනු ලබන වාහනයක් නම අදාල අධිකාරිය විසින් නිකුත් කරනු ලබන ලිපිය හා මුදල් ගෙවන ලද රිසිට් පත.

9. මෝටර් රථ පරීක්ෂක වරයෙකු විසින් නිකුත් කරන ලද මෝටර් වාහනයේ පරික්ෂා කිරීම පිලිබඳ සහතිකය.
(CMT 75)
(මෝටර් සයිකල් සම්බන්ධයෙන් බර සහතික වෙනුවට චැසි ආ එන්ජින් අංක පරික්ෂාකර මෝටර් රථ පරීක්ෂක මහතා විසින් සහතික කරනු ලැබේ.)

උපුටා ගැනීම 7 සහ 245 වගන්තිය මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත
(මීට ඉහත ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොකළ)

යතුරුපැදියක් ආනයන කිරීමේදී බදු අය වෙන්නේ කොහොමද?

50cc දක්වා යතුරුපැදි :- නිශ්පාදිත වර්ශය වසර 3කට නොවැඩි නම් එක් cc එකක් සඳහා රුපියල් 500 ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන යතුරුපැදි සඳහා එක් යතුරුපැදියකට රුපියල් ලක්ෂය බැඟින්ද බදු අයවේ.

රුපියල් 50,000ක් වටිනා වසර 3කට වඩා නිශ්පාදිත වසර නොඉක්මූ යතුරුපැදිය සඳහා බදු

උදා:- 50x500=25,000

වසර තුන ඉක්මවූ 50cc යතුරුපැදිය සඳහා බදු රුපියල් ලක්ශ 1කි.

එනම් වසර 3 නොඉක්මු 50cc යතුරුපැදියක් සඳහා රුපියල් 25,000ද වසර 3 ඉක්මවූ 50cc යතුරුපැදියක් සඳහා රුපියල් 100,000ද රේගුවෙන් නිදහස් කිරීම සඳහා ගෙවිය යුතුය.

එනම් 200cc යතුරුපැදියක් සඳහා බදු ලෙස ලක්ශ 2 (200x1000=200,000)ගෙවිය යුතුය.

නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා ලක්ශ 3ක් අය කෙරේ.

200cc සිට 250cc දක්වා සිලින්ඩර ධාරිතාව යටතේ ඇති යතුරුපැදි සඳහා නිශ්පාදිත වර්ශය වසර 3කට නොවැඩි නම් 1cc සඳහා රුපියල් 1500ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා රුපියල් ලක්ශ 5ක්ද බදු වශයෙන් ගෙවිය යුතුය.

රුපියල් ලක්ශ 2ක් වටිනා 250 වසර 3 නොඉක්මූ යතුරුපැදිය සඳහා ගෙවිය යුතු මුදල

උදා:-1500x250=375,000

එම යතුරුපැදියම නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවූ විට ගෙවිය යුතු මුදල රුපියල් ලක්ශ 5 කි.

ඒ අනුව වසර 3කට නොවැඩි යතුරුපැදිය සඳහා රේගුවෙන් නිදහස් කරගැනීමට රුපියල් 375,000ක මුදලක්ද වසර  3 ඉක්මවූ යතුරුපැදිය සඳහා රුපියල් ලක්ශ 5ද ගෙවිය යුතුය.

250cc සිට 350cc දක්වා යතුරුපැදි සඳහා සිලින්ඩර ධාරිතාව යටතේ එන යතුරුපැදි සඳහා 1cc රුපියල් 1500ද  නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා රුපියල් ලක්ශ 8ද ගෙවිය යුතුය.

එනම් රුපියල් ලක්ශ 3ක 350cc යතුරුපැදියක් සඳහා බදු වශයෙන් රුපියල් 525,000 ගෙවිය යුතුය.  නිශ්පාදිත කාලය වසර තුන ඉක්මවන  නම් 1 යතුරුපැදියක් සඳහා රුපියල් ලක්ශ 8ක් ගෙවිය යුතුය.

උදා :- 350x1500=525,000

350cc සිට 450cc දක්වා සිලින්ඩර ධාරිතාව යටතේ එන යතුරුපැදි සඳහා එක් cc එකකට රුපියල් 2000ක් ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා රුපියල් ලක්ශ 15ක්ද ගෙවිය යුතුය.

රුපියල් ලක්ශ 4ක් වටිනා 450cc යතුරුපැදියක් සඳහා බඩු

උදා:-450x2000=900,000

එනම් ලක්ශ 4ක් වටිනවා 450 යතුරුපැදියක් සඳහා රේගුවෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 9ක මුදලක් ගෙවිය යුතුය.

නිශ්පාදිත කාලය වසර 3 ඉක්මවූ 450cc ලක්ශ 4ක යතුරුපැදියක් සඳහා බදු රුපියල් ලක්ශ 15කි.

500cc සිට 800cc දක්වා යතුරුපැදියක් සඳහා එක් cc එකට රුපියල් 2500 ගෙවිය යුතු අතර නිශ්පාදිත කාලය වසර 3 ඉක්මවූ යතුරුපැදි සඳහා රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය..

ලක්ශ 5 වටිනා 800 යතුරුපැදියක් රේගුවෙන් නිදහස් කරගැනීමට වැය වන මුදල

800x2500=2,000,000

800cc යතුරුපැදිය රේගුවෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 20ක මුදලක් ඔබට වැය කිරීමට සිදු වේ.

800cc ලක්ශ 5 වටිනා නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවූ යතුරුපැදියක් සඳහා වරායෙන් නිදහස් කරගැනීමට රුපියල් ලක්ශ 25ක් ගෙවිය යුතුය.

800cc සිට 1000cc දක්වා එක් cc එකකට රුපියල් 3000ද නිශ්පාදිත වර්ශය වසර 3 ඉක්මවන්නේ නම් එක් යතුරුපැදියක් සඳහා ලක්ශ 40ද ගෙවිය යුතුය.

එනම් ලක්ශ 6 වටිනා 1000cc යතුරුපැදියක් සඳහා බදු වශයෙන් ලක්ශ 30 ගෙවිය යුතුය. (3000x1000=3,000,000)

* මීට අමතරව රේගුවෙන් නිදහස් කරගැනීමට නම්  ආනයන කරන ලද යතුරුපැදිය නිසි ලෙස මුදල් ගෙවා මිලට  ගත් එකක් විය යුතු අතර මිලට ගත් රටෙන් ලබා ගත් ලියකියවිලි(රිසිට්,බිල්පත් ආදිය) තිබිය යුතුය මීට හේතුව ජාවාරම්කරුවන් විසින් වෙන රටවල් වලින් සොරකම් කර තවත් රටවල් වලට යතුරුපැදි අපනය කිරීමයි.

* සෑම විටම මිලට ගත් රටේ ලියකියවිලි වල සඳහන් වන Engine හා Chassis අංක නිවැරදිව ගැලපිය යුතුයි එක් අංකයක් හෝ වැරදි හෝ අපහැදිලි නම් රේගු නිලධාරීන් යතුරුපැදිය සන්තකයේ තබා ගන්න අතර ඔබට සත්‍ය ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් එය රාජසන්තක විය හැක.

* මේ බදු සමීකරණයට අමතව තවත් ගාස්තු රේගුවේදි අය විය හැක.


* මෙරට තුල 50cc සිට 1000cc ධාරිතාව දක්වා ඕනෑම යතුරුපැදියක් ධාවන හා ලියාපදිංචිය කල හැකි අතර එය මාර්ගයේ  ධාවනයට අනිවාර්ය වේ. තවද යතුරුපැදිය ලියාපදිංචි කිරීමේදී ආනයන කරන ලද සත්‍ය ලියකියවිලි සහ රේගුවෙන් නිදහස් කරගත් අදාල රිසිට් පත් හා ලියකියවිලි අනිවාර්යයෙන් RMV වෙත ඉදිරිපත් කල යුතුය.

* 1000cc දක්වා සියලුම යතුරුපැදි සඳහ ලියාපදිංචි හා අංක තහඩු ගාස්තුව රුපියල් 8000 වන අතර ඉහත සඳහන් කල ලියලුම ලියකියවිලි හා නිවැරදි තොරතුරු MT02 පෝරම සමග අමුනා RMV වෙත ලබා දිය යුතුය.

 සමීකරණය මූලාශ්‍රය:- Excise Duty Budget 2018 pdf SL Custom

මෙහි යතුරුපැදි මිල ගනන් සඳහා තේරුම් ගැනීමට පහසු වන ලෙස දල මිලක් පමණක් සඳහන් කර ඇති මෙම ගනන් වෙනස් විය හැක.

ගැටලු ඇත්නම් අපේ FB පිටුවට යොමු කරන්න ස්තුතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment