ලංකාවට බැස්ස අලුත්ම Racing මැශිම KTM RC 200 ගැන හැමදේම. - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Thursday, April 26, 2018

ලංකාවට බැස්ස අලුත්ම Racing මැශිම KTM RC 200 ගැන හැමදේම.



අද මාතෘකාව විදියට මීට සති කීපයකට කලින් ලංකාවේ යතුරුපැදි කරළියට ආව අලුත්ම අලුත් KTM RC200 2017 ගැන කතා කරන්න තීරණය කලා මීට පෙර අපි Duke200,Duke250 හා Duke 390 ගැන reviews රැගෙන ආ අතරම ඒවා මෙම Post එක පහල දැකගත හැකියි.

මේ RC 200 යතුරුපැදිය ගැන කතා කලොත් මෙයද මීට පෙර අප විසින් කතා කරන ලද KTM යතුරුපැදි මෙන්ම ඉන්දියාවේදී එකලැස් වන අතර නියම ආකාරයෙන් KTM Autria මගින් අධික්ශනයට ලක්වේ මීට හේතුව ඉන්දියාව හා ආසියාවට පමණක් නොව KTM සන්නාමයෙන් ලෝකයට RC,Duke 200,250,390 ඉන්දියාව, කොලොම්බිය,පිලිපීනය හා ආජන්ටිනාව  මගින් බෙදා හරින නිසා මෙන්ම ඔස්ට්‍රියාවටද අපනයනය කරන නිසා මෙහි ගුනාතම බව හා KTM සන්නාමයට කැලලක් නොවීමට වග බලාගැනීමයි.

මේ යතුරුපැදි KTM Duke 200 හී රේසින් මාදිලිය ලෙස සදහන් කල හැකි අතර MotoGP Moto3 කාණ්ඩයේ KTM යතුරුපැදිය පදනම් කරගෙන නිශ්පාදනය කර ඇත ප්‍රසිද්ධ යතුරුපැදි විචාරක සාගර් ශෙල්ඩෙකර් ඇතුලුව බොහෝ යතුරුපැදි විචාරයකයන් පවසන ආකාරයට Race Track එකට පලමු පියවර තබන බොහෝ යතුරුපැදිකරුවන් හට ගැලපෙනම යතුරුපැදිය වන්නේ RC200 බවයි.

සුපුරුදු පරිදි මෙහි එන්ජිම මගින් හැදින්විම පටන් ගත්තොත් මෙහි එන්ජිම ලෙස KTM Duke 200 හීම එන්ජිම වන 199.5CC DOHC,Four-stroke වෑල්ව හතරක එන්ජිමක් ඇති අතර මෙමගින් අශ්වබල 25ක උපරිම බලයක් ලබා දෙනවා.එමෙන්ම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 142 පමණ හා 0-100 වේගය ගැනීමට ගත වන කාලය තත්පර 8.5 පමණ වනවා මේ 200cc කාණ්ඩයේ හොඳම 0-100 වේගය ලබා ගැනීමට ගත වෙන කාලයයි.

මෙහි වේගය සිමා කිරීමට RPM Limiter එකක් යොදාගෙන ඇති අතර මෙය ඉවත් කිරීමෙන් පැයට කිලෝමීටර් 158-160ක වේගයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා එමෙන්ම සෑම RC Racing යතුරුපැදියක්ම පාහේ ධාවන පථයට සකසන විට මේ වේග සිමා ඉවත් කොට නව Racing ECU,Remaping වැනි දේ එකතු කරන නමුත් ඔබ මිලට ගන්නා RC යතුරුපැදියට මෙවැනි අමතර කොටසක් එකතු කිරීමෙන් වගකීම් සහතිකය අහිමි විය හැකියි.

NS හා RS වල ඇති SOHC එන්ජින් වෙනුවට මෙහි හා Duke හී DOHC එන්ජිමක් යොදාගෙන ඇති 200cc කාණ්ඩයේ එකම DOHC මාදිලිය Duke හා RC වෙනවා මේ Dual Overhead Cams නිසා වැඩි ත්වරණයක් ලබා ගත හැකි අතර (ලඟ පිකප්) මේ නිසා 0-100 කාලය ඉක්මනින් වි තිබෙනවා. කෙසේ වෙතත් DOHC එන්ජිම නිසා RS,NS වලට සාපේක්ෂව අඩු ඉන්ධන කාර්යක්ෂමතාවක් KTM RC200 පාරිභෝගික ඔබට ලබා ගැනීමට හැකි වෙන්නෙ.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී ඇති අතර පෙර මාදිලිවල වූ විශාල අඩුවක් වන Traffic වල අධික ලෙස එන්ජිම රත් වීම සාර්ථකව පාලනය කිරීමට 2017 මාදිලියේදි හැකියාව ලැබී තිබෙනවා.එමෙන්ම මෙහි නඩත්තු කටයුතු වලට RS200 එකට  වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදු වෙනවා මීට හේතුව Bajaj වලට සාපේක්ශව යම් අමතර කොටස් වල මිල අධිකබාවයයි.

ඉන්ධන කාර්යක්ෂමතාව හා සැපයුම ගැන කතා කලොත් මෙහි ඉන්ධන සැපයුම EFI Unit (Electronic Fuel Injection) එකක් මගින් සිදු වෙන අතර ඉන්ධන කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 30ත් 35ත් අතර වෙනවා මීට ප්‍රධානම හේතුව රේසින් ධාවනය මත පදනම් වූ DOHC 4 valve එන්ජිමයි. වේගය ගැන පෙනුම ගැන හා KTM සන්නාමය ගැන සිතනවා නම් ඉන්ධන කාර්යක්ෂමතාව ගැන සිතීම එතරම් සුදුසු නෑ. ප්‍රවීණ යතුරුපැදි විචාරයකයන්ට අනුව හා මාගේ පුද්ගලික මතයට අනුව RC යනු Daily commuting (නිතර දුර පදින) යතුරුපැදියකට වඩා Racing පථය හා වේගය මත නිර්මාණය වූ යතුරුපැදියක් එම නිසා වැඩි සුවපහසුව හා ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබට ඇති එකම Sport bike එක 200cc කාණ්ඩයේ RS200 හා  150 කාණ්ඩයේ R15,Gixxer 150SF පමණි.


මෙහි Design එක ගැන කතා කලොත් සම්පුර්ණයෙන්ම අනෙකුත් යතුරුපැදි වලට වඩා වෙනස් වන අතර සුලඟට ප්‍රතිවිරුද්ධව ඉතා හොඳින් ගමන් කල හැකි ලෙස සරල හා ආකර්ෂණීය ලෙස මේ යතුරුපැදිය නිමවා තිබෙනවා.

ඉදිරිපස හෙඩ් ලයිට් එක සඳහා RS හී මෙන් Projector lamps 2 ද LED DRLs (Daytime running lamps) යොදාගෙන තිබෙනවා එමෙන්ම පැති කණ්නාඩි වලට සවි වූ ඉදිරිපස LED Signal lights ද පසුපස LED Tail lamp හා LED Signal lamps ද දැකගත හැකී මේවා ඉතාම ආකර්ෂණීය වන අතරම රාත්‍රියේදී ඉතා පැහැදිලිව පසුපසින් හා ඉදිරිපස ගමන් ගන්නා වාහන වලට යතුරුපැදිය හදුනා ගැනීමට උපකාර වෙනවා. තවද මෙහි මුලු Fairing kit එකම (බොඩිකිට්) ශක්තිමත් සැහැල්ලු ප්ලාස්ටික් වලින් නිමවා ඇති අතර ලීටර 9.5ක ඉන්ධන ටැංකියක් ලබා දී තිබෙනවා රේසින් පථයේදී මේ ලීටර 9.5 ප්‍රමාණවත් වූවද දුර ගමන්වලදී මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව  සමග සැසදීමේදී මේ ලීටර 9.5 ප්‍රමාණවත් වන්නේ නැහැ.ඒ අතින් මේ යතුරුපැදිය සමඟ කරට කර තරඟයේ යෙදෙන Bajaj RS200හී ලීටර 13ක ඉන්ධන ටැංකිය ඉදිරියෙන් සිටිනවා.

මෙහි Foot pegs හා Rider seat එක racing ධාවනය සඳහා උචිත ලෙස නිමා කර ඇති අතරම ඉතා කෙටි රේසින් Clip-on handbars යොදාගෙන තිබෙනවා මේ කෙටි ශක්තිමත් Clip-on handle bars රේසීන් ධාවනයේදී බොහෝ සෙයින් යෝග්‍ය උනත් සීට් එකේ පිහිටීම හා Foot Pegs වල පිහිටිම සමග ඇති වෙන Riding Position එක නිසා ට්‍රැෆික් ධාවනයේදී හා දුර ධාවනයේදී තරමක පීඩාවක්  ඇති කරනවා.

තවද 820mm සීට් උස නිසා තරමක් කොට අයෙකුට හැසිරවීමේ අපහසුතා ද ඇති විය හැකි.තවද කිසිම යතුරුපැදි නිශ්පාදකයෙකු නොකෙරු දෙයක් ප්‍රථම වතාවට KTM සිදු කල අතර ඒ RC200,390 යතුරුපැදි දෙකෙහි පසුපස ආසනය බැලූ බැල්මට සීට් කවරයක් සේ පෙනෙන ලෙස නිම කිරීමයි මේ නිසා තනි සීට් රේසින් යතුරුපැදියක් ලෙස බැලූ බැල්මට මෙය පෙනෙන නමුත් සැබවින්ම මෙහි ඇත්තෙද සිට් එකකි නමුත් ඉදිරිපස සීට් එක තරම් සුවපහසුවක් නොමැති තද ගතියක් මෙහි දැකගත හැකි අතර අල්ලා ගැනීමට තරමක් අපහසු Hump Holder එකක් නිසා CBR250RR වල මෙන් පසුපස ගමන් ගන්නා කෙනා අපහසුතාවට පත් වෙනවා  ඒ අනුව මේ සීට් එක ආකර්ෂණී බව ලබා ගැනීමට පමණක් KTM යොදා ගත් බව පසක් වෙනවා.

මෙහි Gear හා Clutch ගැන අවධානය යොමු කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා Wet multiplate disk clutch එකක් දැකගත හැකී RC390හී නම් ඇත්තේ Slipper clutch එකක් කෙසේ වෙතත් මේ RC200 හී ඉතා සුමටව ගියර් ඉහල පහල කිරිමක් දැකගත හැකියි.

මීලඟට මෙහි Meter Panal එක ගැන කතා කලොත් Fully digital Duke 250,duke 200 හීම ඇතුලත් වල මීටර් එක දැකගත හැකී මෙමගින් Speed,RPM,ODO,Trip,Time,Gear position හා Fuel,Heat Gauge වැනි අංග හා KTM මාදිලි වල පමණක් 200 cc කාණ්ඩයේ දැකගත හැකි විශේෂ Average mileage එනම් තමන් ගමන් කරන වේගය අනුව යතුරුපැදියෙහි ඉන්ධන කාර්යක්ෂමතාව පෙන්නුම කිරීමද,Side stand indicator ද දැගත හැකී Avenger mileage නිසා ඔබට හොඳ අවබෝධයකින් යන ගමන යෑමට විශේෂ වාසියක් සැලසෙනවා.එමෙන්ම මෙහි Service reminder වැනි අංගද ඇතුලත් වෙනවා.

එමෙන්ම RC390 හී ඇති One Touch Starter එක මේ 200 එකටද යොදාගෙන ඇති නිසා සාමාන්‍ය Self Start එකක මෙන් නොව Switch එක ස්පර්ශ කල සැනින් එන්ජිම පණ ගැන්වීම සිදු වෙනවා.එමෙන්ම Switches Backlight එනම් යතුරුපැදියෙහි Switch රාත්‍රියේදී පැහැදිලිව හදුනා ගැනීමට පහසු වන ආලෝකයක් යොදාගෙන තිබෙනවා.

මෙහි Chassis එක ලෙස Tubular Trellis Frame එකක් යොදා ගෙන ඇති අතර බොහෝ යතුරුපැදිය වල මෙන් චැසිය Plastic වලින් වැසීම වෙනුවට බොහෝ ප්‍රමාණයක් විවෘතව තැබීමට මෙහි නිර්මාණයකරුවන් සැලකිලි මත වී තිබෙනවා මෙය සෑම KTM යතුරුපැදියකම පාහේ දැකගත හැකි පොදු ලක්ශණයක් කීවොත් නිවැරදී මේ Frame එක ඉතාම දෙදරීම් අවම ඉහල වේගයන් හී ස්තාවර රේසින් පථයට ද සුදුසු ලෙස නිම කර ඇති අතර  මෙම යතුරුපැදියෙහි බර 154KG හා Ground clearance එක 178.5mm වනවා මේ නිසා ඉතාම දුශ්කර රලු මාර්ගයක ගමන් ගැනීමට සිදු උනොත් වැඩි බරක් හා අඩු Suspension level එකකදී යතුරුපැදියෙහි බඳ කොටස හා Under Belly Exhaust එකට තරමක හානියක් විය හැකි මෙය බොහෝ Sports යතුරුපැදි වල අඩුපාඩුවක් ලෙස පෙන්විය හැකි නමුත් සාමාන්‍යය පාරවල් වල කිසිම ගැටලුවක් මේ නිසා ඇති වන්නේ නැහැ.

මෙහි Suspension ලෙස KTM සුපුරුදු ලෙස යොදා ගන්නා WP Suspension යොදා ගෙන ඇති අතර ඉදිරිපස සඳහා 43MM USD Forks ද පසුපස සඳහා Monoshock ද අනෙකුත් 200  කාණ්ඩයේ යතුරුපැදි වල එන Box type swing arm එක වෙනුවට Duke 200 හි මෙබ් Aluminum අලංකාර Swingarm එකක්ද යොදාගෙන තිබෙනවා.එමෙන්ම මේ Suspension සීරූ මාරු කල හැකියි.

Brakes ගැන කතා කලොත් ඉදිරිපස විශාල 300mm ඩිස්ක් එකක් සමඟ පොට් හතර BYBRE කැලිපරයක්ද පසුපස 230 ඩිස්ක් එකක් සමඟ  තනි පොට් BYBRE කැලිපරයක් යොදාගෙන තිබෙනවා. ඉතා හොඳ තිරිංග ප්‍රතිචාරයක් මෙමගින් ලබාගත හැකි නමුත් Pulsar RS 200 හී මෙන් Single Channel හෝ ABS ඇතුලත් වන්නේ නැහැ.ඔබට ABS අවශ්‍ය නම් 649,950ට අමතරව තවත් ලක්ශයක ආසන්නව වැය කලොත් Dual Channel ABS මාදිලිය ලබාගත හැකියි.

මෙහි ටයර් ලෙස ඉදිරිපස 110/70-17 Tube රහිත ටයර් ද පසුපස 150 /60-17  ප්‍රමාණයෙන් පුලුල් ටියුබ් රහිත ටයර් ලබා දී තිබෙනවා ඕනෑම පාරක පහසුවෙන් ගමන් කිරීමට හා පොලව සමග හොඳ Grip එකක් ඇති කිරීමට මේ ටයර් සමත්වන අතරම වංගු ගැනිමේදීද උපරිම වින්දන ලබා ගැනීමට RC200 ඔබට ඉඩ සලසනවා.

අවසාන වශයෙන් මෙ යතුරුපැදිය ගැන සඳහන් කලොත් මෙරට වෙලඳපොලෙහි ඇති තරඟ කරුවන් Bajaj RS200 හා Honda CBR250R වන අතර ඉන්දියාවෙ හා අනෙකුත් රටවල මේ යතුරුපැදි වලට අමතරව Yamaha R25,Hayuson GT250R,GSX250R වැනි Racing යතුරුපැදි සිටිනවා.මෙරට වෙලඳපොලට රුපියල් 686,950කට Non ABS මාදිලිය නිකුත්  විය.තවද බොහෝ විට ඉදිරි කාලයේදී මෙරට රේසින් ධාවන පථයේ RC200 යතුරුපැදිය දැකගත ඇකි වේයැයි අනුමාන කල හැකියි.

මෙහි මිලගණන් දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න. පහල ඡායාරූප බලලා බයික් එක ගැන අදහසක් ගන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©



















No comments:

Post a Comment