ලොකුම බඹරා Hornet 919 ගැන හැමදේම සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, August 15, 2018

ලොකුම බඹරා Hornet 919 ගැන හැමදේම සිංහලෙන්



අද මාතෘකාව ලෙස තෝරගත්තා Honda Hornet පරම්පරාවේ ලොකුම පුරුක වන Hornet 900 යතුරුපැදිය.

මේ යතුරුපැදියේ මුල් පරම්පරාව 1979 සිට 1983 දක්වා CB900F ලෙස වෙලඳපොළට නිකුත් වු අතර 1983 දී CB1100F කරළියට ඒමත් සමඟ 900F නිෂ්පාදනය නතර කෙරුණි. ඉන් වසර 19කට පසු එනම් 2002 වසරේදී මෙහි දෙවෙනි පරම්පරාව නිෂ්පාදනය ආරම්භ වූ අතර Hornet 600 යතුරුපැදියෙහි සාර්ථක අලෙවියත් සමඟම හොන්ඩා සමාගම 900 මාදිලියේ Hornet යතුරුපැදිය ලෙස මෙය වෙලඳපොළට නිකුත් කෙරුණි. මෙය ජපානයේ මෙන්ම යුරෝපයේ Hornet 9 හා 900 ලෙසත් උතුරු ඇමරිකාවේ Hornet 919 ලෙසත් අලෙවිය 2002 සිට 2007 දක්වා සිදු විය.

වර්ථමානය වන විට CB900F Hornet වෙනුවට CB1000R යතුරුපැදිය ආදේශ කර ඇති අතර මේ යතුරුපැදිය ගැන විස්තර කිරීම එන්ජිම මගින් ආරම්භ කරන්නම්.

Click here to read this post in ENGLISH

මෙහි එන්ජිම ලෙස Hornet 250,600 යන මාදිලි දෙකේම ක්‍රියාකාරිත්වයට සමාන නමුත් ධාරිතාවයෙන් ඉහල 919cc DOHC සිව් පහර Inline සිලින්ඩර 4ක  එන්ජිමක් ලබා දී ඇති අතර එක් සිලින්ඩරයකට වෑල්ව 4 බැගින් Intake හා Exhaust වෑල්ව 16ක් යොදාගෙන තිබෙනවා.මෙහි උපරිම බලය නිෂ්පාදිත වර්ශයන් අනුව වැඩි වූ අතර පිළිවෙළින් අශ්වබල 96.4,101,103 හා අවසාන වර්ශය වන 2007 වන විට අශ්වබල 110ක් 9000 වන RPM හී ලබා දීමට තරම් ජවසම්පන්න ලෙස දියුණු කෙරුණු ලැබුවා.

මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 230ක් ලෙස සටහන් වන අතරම පැයට කිලෝමීටර් 200 වේගය ලබා ගැනීමට තත්පර 13කුත් උපරිම වේගයට ලඟා වීමට විනාඩි 1යි තත්පර 55ක පමණ කාලයකුත් වැය කරනවා මෙය එකල මෙන්ම වර්ථමානයේද Naked යතුරුපැදිය අතර ඉතාම හොඳ වේගයක් ලෙස සළකනවා.

මෙම එන්ජිමේ ක්‍රියාකාරිත්වය ද ඉතාම සුමට හා ධාවනයට පහසු අතර මෙයට ප්‍රධානම හේතුව Inline එන්ජිමයි එමෙන්ම ද්‍රව සිසිලන පද්ධතියකින් හෙබි නිසා ඉතා ඉහල වේගයන්වල ධාවනය කරන අතර වාරයේ එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් කරගන්නා අතරම අනෙකුත් Hornet මාදිලි වල මෙන්ම මාර්ග තදබද ඇති විට හෝ අවශ්‍ය වූ විටක සිසිලන පද්ධතිය තුල වූ ස්ව්‍යංක්‍රීය පංකා මගින් එන්ජිම තුල ඇති වෙන තාපය පාලනය කරණු ලබනවා.

Hornet 9 යතුරුපැදියේ ඉන්ධන සැපයුම දෙසට අවධානය යොමු කලොත් මෙයට Electronic Fuel Injection (EFI) තාක්ෂණය යොදාගෙන ඇති අතර මේ නිසා විටෙක Hornet 250 මාදිලියට වඩා ද ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගත හැකියි.මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව දළ වශයෙන් පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 22ත් 28ත් අතර අගයක් ලබා ගන්නා අතරම ලීටර 19ක විශාල ඉන්ධන ටැංකියකින් යුතු වෙනවා මෙය Hornet මාදිලිය සතු විශාලම ඉන්ධන ටැංකිය වන අතර වර්ථමානයේ බොහෝ Naked යතුරුපැදිය වලට සාපේක්ෂවද මෙහි ධාරිතාව ඉහලයි මේ නිසා මෙය දුර ගමන් වලට විශාල වාසියක් ලෙස පෙන්වා දිය හැකි නමුත් ලංකාව වැනි කුඩා රට වල නම් මේ ඉහල ධාරිතාවයේ ඉන්ධන ටැංකියෙන් කැපී පෙනෙන වාසියක් වන්නෙ නැහැ. එහෙත් මේ යතුරුපැදිය අලෙවියට ඉලක්ක කරගත් විශාල භූමිය ප්‍රාමණයන් ගෙන් හෙබි යුරොපානු හා ඇමරිකානු රටවල් වල ධාවකයන් හට මෙය ඉතාම විශාල වාසියක් විය.

Click here to read this post in ENGLISH

මෙහි ගියර් පද්ධතිය හා ක්ලච් එක ගැන කතා කලොත් වේග 6ක ගියර් පද්ධතියක් හා Wet Multi plate disk ක්ලච් එකක් යොදා ගෙන තිබෙනවා.ගියර් පද්ධතිය හා ක්ලච් එක සුමට ගියර් උඩ පහල මාරුවකට ඉඩ සලසන අතරම සිසිලන පද්ධතිය එන්ජිම මෙන්ම නඩත්තු කටයුතු වලදී ගියර් පද්ධතිය ගැනද අවධානය අත්‍යවශ්‍ය වනවා.

මීටර් පද්ධතිය ලෙස Semi Analog එනම් ඩිජිටල් හා කටු මීටරයක් මිශ්‍රිත මීටර යුගලයක් අන්තරග වන මේ Hornet 919 යතුරුපැදිය ඩිජිටල් ලෙස ODO එනම් මෙතෙක් ගමන් ගත් දුර හා Trip පෙන්නුම් කරන අතර කටු වලින් වේගය,RPM හා එන්ජිමෙහි උෂ්ණත්වය  (Temperature Gauge) පෙන්නුම් කරනවා.වර්ථමානයේ යතුරුපැදිය මීටර වලට සාපේක්ෂව වැඩි තොරතුරු ප්‍රමාණයක් මෙහි ඇතුලත් නොවුනද මේ යතුරුපැදිය නිෂ්පාදනය වූ කාලසීමාවට සාපේක්ෂව නම් මේ මීටර් පද්ධතිය හොඳටම ප්‍රමාණවත් බව පෙන්වා දිය හැකියි.

Design එක දෙසට යොමු උනොත් බොහෝ සෙයින් පැරණි Hornet 6 මාදිලියට හා තරමක් Hornet 250 යතුරුපැදියට සමාන වන මෙය එන්ජිමේ ස්වභාවය,රේඩියේටරයේ පිහිටීම,ඉන්ධන ටැංකිය,Swing arm එක මෙන්ම මීටර් පද්ධතිය වැනි අංග වලින් මෙන්ම යතුරුපැදියෙහි මුලු ප්‍රමාණයෙන්ද වෙන් කර හඳුනාගත හැකියි.

Steel, square section backbone Diamond චැසියකින් දරා සිටින මේ යතුරුපැදිය දෙදරීම වලින් ඉතාම අවම මෙන්ම ඉහල වේගයන් හී ඉතාම ස්ථාවර යතුරුපැදියක් වූවද හීන්දෑරි අයෙකුට තරමක් හැසිය විය නොහැකි යතුරුපැදියකි මීට හේතුව අශ්වබල 110ක එන්ජිම හා කිලෝග්‍රෑම් 220ක පමණ මේ යතුරුපැදියෙහි බර සඳහන් කල හැකියි.

Click here to read this post in ENGLISH

මෙහි Seat Height එක 795mm (අඟල් 31.3) හා Ground Clearance 145mm (අඟල් 5.7) ලෙසට සටහන් වන අතර මෙය සීරු මාරු කිරීමට 2004 මාදියෙන් පසු එකතු වූ Adjustable Suspension හරහා ප්‍රමාණ 7කට හැකි විය. මේ Seat Height එක බොහෝ ධාවකයන්ට ගැලපෙන මධ්‍යස්ථ උසක් වන නිසාම බොහෝ විට මේ උස වෙනස් කිරීමට අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ.

මීලඟට Suspension ගැන කතා කලොත් ඉදිරිපස සඳහා 43mm Showa Telescopic Forks ද පසුපස Monoshock එකක්ද යොදාගෙන ඇති නමුත් Hornet 600 (2007-2013) මාදිලියෙහි මෙන් USD Inverted Forks යොදාගෙන නැහැ. මේ යතුරුපැදියටද USD යොදාගත්තා නම් වංගු වල වඩා වැඩි ස්ථාවර බවක්,ආකර්ශණයේ වැඩි වීමක් මෙන්ම සුවපහසුවද වැඩි වීමට ඉඩ තිබුණි කෙසේ වෙතත් Honda මේ මාදිලියෙහි අවසාන නිෂ්පාදන වර්ෂයට එනතෙක්ම සාමාන්‍ය Telescopic Forks යොදා ගන්නා ලදි.

තිරිංග පද්ධතිය ගැන කතා කලොත් ඉදිරිපස 296mm ඩිස්ක් දෙකක් සමඟ පිස්ටන් 4ක නිසින් කැලිපර දෙකක් යොදාගෙන ඇත, එමෙන්ම පසුපස 240mm ඩිස්ක් එකක් හා නිසින් තනි පිස්ටන් කැලිපරයක් යොදා ඇති අතරන හොඳ තිරිංග ප්‍රතිචාරයක් මෙමගින් ඇති කරනවා නමුත් මේ 900 මාදිලියෙහි  ABS ඇතුලත් නොවීම තරමක අඩුවක් ලෙස පෙන්වා දිය හැකියි මංද මෙවැනි විශාල ධාරිතාවයක යතුරුපැදියක් නිසි හුරුවක් නැති අයෙකු ධාවනය කලහොත් වේගය පාලනය කරගනිමින් ආරක්ෂාකාරීව තිරිංග යොදා නවතා ගැනීම තරමක අසීරු කාර්යයක් වන නිසා.

Click here to read this post in ENGLISH

Tyres ලෙස අනෙකුත් Hornet මාදිලි වල මෙන්ම ඉදිපස 120/70-ZR17 හා පසුපස 180/55-ZR17 යන ප්‍රමාණයෙන් ටියුබ් රහිත ටයර් යොදාගෙන තිබෙනවා.යොදාගන්නා ටයර් වර්ගය අනුව මෙහි ඝර්ෂණය තීරණ වන අතර Honda විසින් මේ යතුරුපැදියට Michelin Hi-Sport ටයර් යොදාගෙනන තිබෙනවා.මීට අමතරව Dunlop,Bridgestone වැනි ටයර් ද Hornet යතුරුපැදි වලට ගසට පොත්ත සේ පෑහෙනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් පුරා වසර 5ක පමණ කාලයක් ඉතා සාර්ථක ලෙස අලෙවි වූ මේ යතුරුපැදිය 2007 දී නිෂ්පාදනය නතර කෙරුණු ලැබීය පසුව තවත් නවීන යාවත්කාලීන කිරීම බොහොමයක් සමඟ Honda CB1000R කරළියට එක් විය.වර්ථමානය වන විට මේ CB1000R සමඟ තරඟයට Yamaha MT-10,KTM Super Duke 1290R,Kawasaki Z1000,BMW S1000R,Suzuki GSX1000S වැනි යතුරුපැදිය ලොව දැවන්තයන් සිටිනවා ඉදිරියේදී මේ CB1000R යතුරුපැදිය ගැනත් කතා කරන්නම්.

Hornet 900 හී මිල රුපියල් ලක්ශ 3.50 සිට 4.50 දක්වා මිල පරාසයක ලියාපදිංචි නොකල යතුරුපැදියක් අලෙවි වන අතරම 250cc ලෙස ලියාපදිංචි වූ යතුරුපැදියක් රුපියල් ලක්ෂ 5 සිට 6 ක වැනි පරාසයක විහිදෙනවා.
මෙරට ඉතා දුලබ Hornet මාදිලිය ලෙස මෙය පෙන්වා දිය හැකි අතර අමතර කොටස් වලද යම් හිඟයක් පවතිනවා.

මේ යතුරුපැදිය ගැන අදහසක් පහල ඇති ඡායාරූප බලලා ලබා ගන්න,ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න   ස්තූතියි.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©
















No comments:

Post a Comment