ගන්න කලින් දැනගන්න Honda XBlade 160 ගැන හැමදේම - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, September 19, 2018

ගන්න කලින් දැනගන්න Honda XBlade 160 ගැන හැමදේම


අද මාතෘකාව විදියට තෝරගත්තා 2018 Motor Show එකේදී Honda Sri Lanka මෙරටට හඳුන්වා දුන් නවතම යතුරුපැදියක් වන Honda XBlade 160 යතුරුපැදිය මීට අමතරව Honda Grazia Scooter එකද වෙළඳපොළට නිකුත් වූ අතරම මෙය නම් මේ වෙන විට ඉතාම සාර්ථකව අලෙවි වෙමින් පවතිනවා නමුත් XBlade තවමත් වෙළඳපොළට නිකුත් කොට හෝ මිල නියම කොට නැති අතර අප කල විමසීමක දී Stafford Motor හී ප්‍රධන නිලධාරියෙක් ඉදිරියේදි මෙය වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත බව සඳහන් කලා.

මෙය මෙරට පමණක් නොව ආසියාව පුරාවටම 2018 වසරෙදී නිකුත් වූ අතර නිෂ්පාදන ක්‍රියාවලිය ඉන්දියාවේ දී සිදු කරනු ලබනවා. සරළවම කිව හොත් මෙය Honda පවුලේ නවතම සාමාජිකයන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කර හැකියි.
තවමත් වෙළඳපොළට නිකුත් නොවූ මේ යතුරුපැදිය වාසනාවකට මෙන් ඉතා සුලු වෙලාවකට ධාවනය කිරීමට අවස්ථාව හිමි වූ අතර ඒ අද්දැකීම හා අනෙකුත් කරුණු එකතුකොට Honda XBlade 160 හී Review එක සුපුරුදු ලෙස Engine එකෙන් ආරම්භ කරන්නම්.

මෙහි එන්ජිම ලෙස Honda Hornet 160R හී මෙන්ම CB Unicorn හී යොදාගත් එන්ජිම්ම යොදාගෙන ඇති අතර අශ්වබල 13.92ක බලයක්  8500RPM කදි ජනිත කර දෙනවා,CB Hornet එකට වඩා එක් අශ්වබලයකින් පමණ මෙහි බලය අඩු අතරම CB Unicorn එකට වඩා දශම ගණනකින් බලය වැඩි අගයක් ගන්නවා.එකම එන්ජිම වුවද එන්ජිම සුසර කර ඇති ආකරය මෙයට මූලිකම හේතුවයි එමෙන්ම මෙහි උපරිම වේගය පැයට කිලෝමීටර් 120ක් පමණ වන අතර මෙය අඩු හෝ වැඩි වීම යතුරුපැදියේ ධාවන ස්භාවය නඩත්තුව හා ධාවකයාගේ බර හා උස අනුව තීරණය විය හැකියි.

එන්ජිම 162.3cc එන්ජිමක් වන අතර Four-stroke SOHC ලෙස නිම කර තිබෙනවා මෙය Unicorn එකට වඩා බලය තරමක් වැඩිවද Hornet එකට වඩා අඩුවද නිපදවා ඇත්තේ බොහෝ විට ඉන්ධන කාර්යයකෂමතාවය ඉහල අගයකට ගෙන ඒමට විය හැකියි මංද Hornet හී ඉන්ධන කාර්යයකෂමතාව සෑම විටම ලීටරයකට කිලෝමීටර් 40 අඩුවෙන් පවතින නිසා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස අනෙකුත් යතුරුපැදි දෙකෙහීම මෙන් වායු සිසිලන පද්ධතියක් යොදා ඇති අතර මේ නිසා සිසිලන පද්ධතිය කෙරෙහි නඩත්තුවේදී කිසිම අවධානයක් යොමු කිරීමට අවශ්‍ය වන්නේ නෑ මන්දා ද්‍රව සිසිලන යතුරුපැදි එනම් NS,RS,Duke වැනි යතුරුපැදි වල මෙන් Coolant,ජලය දැමීම අවශ්‍ය නිවන නිසා එමෙන්ම ඉතා විශාල වේගයක් හා ධාරිතාවක් නොමැති එන්ජිමක් නිසා ද්‍රව සිසිලන පද්ධතිය අත්‍යාවශ්‍ය වන්නේද නැහැ.

මීලඟට මෙහි ඉන්ධන සැපයුම වෙත යොමු උනොත් Carburetor එකක් හරහා මෙය සිදු වෙනවා ලීටර 12ක ඉන්ධන ගබඩාවක්ද සහිත මේ යතුරුපැදිය පෙට්‍රල් ලීටර එකකින් කිලෝමීටර් 40 සිට 44 දක්වා පරාසයක ඉන්ධන කාර්යයකෂමතාවයක් පවත්වාගෙන යෑමට සමත් වෙනවා තවද මෙහි ද HET ( Honda Eco Technology) තාක්ෂණය අන්තර්ගතව ඇති අතර මෙයි ලබා ගත හැකි උපරිම ඉන්ධන කාර්යයකෂමතාව ලබා ගැනීමට හැකියාව පවතිනවා.

වේග 5ක ගියර් පද්ධතියකින් හා Wet multi-plate disc clutch එකකින් යුත් මේ යතුරුපැදියේ ද ඉතාම සුමට ගියර් උඩ පහල කිරීමක් ලබා ගැනීමට අනෙකුත් Honda මාදිලි වල මෙන්ම හැකියාව ලැබී තිබෙනවා.මෙහි ද බොහෝ විට CB Hornet 160R හී මෙන් යම් කාලයක් යන විට චේන් එක බුරුල් වීමක් දැකගත හැකි විය හැකි අතර මේ නිසා අනවශ්‍ය ශබ්ද හා ගියර් අතට හිරවීමක් දැක්ගත හැකි‍යි.මේ තත්වය මග හරවා ගැනීමට චේන් එක Adjust කිරීම,Chain Lubricant එකක් යොදා ගැනිම හෝ O Ring Chain එකක් යොදා ගැනීම සිදු කල හැකියි.

මෙහි Design එක දෙසට අවධාන යොමු කලොත් නිතර දෙවේලේ දැකගත නොහැකි ආකාරයේ සැකස්මකින් මෙය නිමවා තිබෙනවා මෙහි Head Light එක තරමක් Duke 250,390 යතුරුපැදි වලට සමානකම් දක්වන අතර මෙරට Full LED Headlamps ඇති යතුරුපැදි අතලොස්සට මේ XBlade යතුරුපැදියද එකතු වෙනවා.මෙහි භාහිර පෙනුම තරමක් CB Hornet එකට සමානකම් දක්වන අතරම මෙය දෙඹරෙකු හෝ කුඹලෙකුගේ ශරීරයට සමාන කොට Design කොට ඇති බව අනුමාන කල හැකියි.

XBlade හී Riding Experience එක හා සුවපහසුව 99%ක්ම CB Hornet එකට සමානකම් දක්වන අතර Touring යතුරුපැදියකට සමාන මේ යතුරුපැදි දුර ගමන් වලදී ධාවකයා හා මගියා යන දෙදෙනාටම උපරිම පහසුව සැලසෙන ආකාරයට නිශ්පාදන කිරීමට හොන්ඩා උත්සහ කල ඇති බව පෙනී යනවා.

Meter පද්ධතිය ගැන කතා කලොත් ප්‍රථම වතාවට Honda India විසින් තම Meter පද්ධතියට Gear Position Indicator එකක් එකතු කොට ඇති අතර මේ නිසා තමන් ධාවනය කරනා ගියර් එක පිලිබඳව අවබෝදයක් ලබා ගත හැකියි.එමෙන්ම කාබන් ෆයිබර් ආවරණයකින් වට වූ මේ යතුරුපැදී මීටර් පද්ධතියේ මීට අමතරව Speed,ODO,Trip,Fuel Gauge,Time,RPM වැනි මූලිකාංග ද පෙන්නුම් කරනවා තවද CB Hornet හී දැකගත නොහැකි Check Engine indicator එකක්ද මෙයට ඇතුලත් වෙනවා මෙය බොහෝමයක් Carburetor සහිත යතුරුපැදි වල දැකගැනීමට අඩු උපාංගයක්.

මෙහි Switches ලෙස මූලික සියලුම Switches වන Starter,Signal,Horn,Low bema,High beam,Passing සහ ප්‍රථම වතාවට Honda India, Hazzard switch එකක්ද ඇතුලත් කොට තිබෙනවා මේ නිසා එක වර යතුරුපැදියෙහි සියලුම ආලෝකයන් දැල්වෙන අතර මෙය සෑම මෝටරථයකම දැකගත හැකි නමුත් අධිබලැති යතුරුපැදි වලට පමණක් සීමාව පැවති අංගයක් මේ උපාංගය නිසා හදිසි අනතුරකදී,ඇදගෙන යෑමේ කටයුත්තකදී මෙන්ම රාතීකාලයේ අලුත්වැඩියා කටයුත්තක් පාර අයිනේ කිරිමට සිදු වුවහොත දුර සිට වෙනත් වාහන වලට යතුරුපැදි පෙනෙන අතර මේ නිසා අනවශ්‍ය හදිසි අනතුරු යම් තාක් දුරකට පාලනය කර ගත හැකියි.නමුත් මොවුන් මෙවරද Engine Kill Switch එක මග හැර ඇති බව විශාල අඩුවක් ලෙස පෙන්විය හැකියි මන්ද අදාල 150 කණ්ඩයේ සියලුම යතුරුපැදි නිශ්පාදකයන් මේ Engine Kill Switch එක තම යතුරුපැදි වලට ලබා දී ඇති නිසා .

චැසි එක එහෙම නැත්නම් Frame එක ගැන කතා කලොත් CB Hornet හීම එන Diamond Frame එක යොදාගෙන ඇති අතර යතුරුපැදියෙහි මුලු බර කිලෝග්‍රෑම් 140ක් ලෙස සටහන් වෙනවා මෙහි බර ද CB Hornet එකට සමාන වන අතර 160mm Ground Clearance හා 790mm Seat Height එකද සමාන වනවා මීට හේතුව එකම චැසිය එකම එන්ජිම හා 90%ක්ම යතුරුපැදි දෙකෙහි එකම උපාංග ඇතුලත් වීම නිසායි.

Suspension ලෙස ඉදිරිපස Telescopic හා පසුපස Monoshock එකක් යොදාගෙන ඇති අතර පෙර සඳහන් කල පරිදි මෙයද CB Hornet හී Suspension පද්ධතියම මෙයට යොදාගැනීමක්.

Brakes ලෙස CB Hornet 160 Drum Brake මාදිලියෙහි එන 276MM Disc එක හා Nissin කැලිපරයක්ද පසුපස 130MM Drum Brake එකක්ද යොදා ඇති අතර මෙහි Dual Disc මාදිලියක් හෝ CBS (Combi Brake System) එකක් ඇතුලත් වන්නේ නැහැ. නමුත් බොහෝ විට පාරිභෝගික ඉල්ලීම පරිදි මෙහිද CB Hornet හී මෙන් Dual Disc මාදිලියක් නිකුත් වීමටද අවස්තාව ඇත.

Tyres ගැන කතා කලොත් ඉදිරිපස 80/100-17 ප්‍රමානයෙන් හා පසුපස 130/70-17 ප්‍රමාණයෙන් ටියුබ් රහිත ටයර් යොදාගෙන ඇති අතරම මේ ටයර් ඉතාම හොඳින් පොලව හා ඝර්ශනය සමග ධාවනය උපකාර වෙන නිසාම වංගු වලදී ද ආරක්ශාකාරි වංගු නැවීමකට ඔබට යෑමට අවස්තාව හිමි කර දෙනවා.

මෙහි Exhaust System එක ලෙස Twin Barrel Exhaust System එකක් යොදාගෙන ඇති අතර මෙය තරමක් ප්‍රමාණයෙන්ද විශාලයි එමෙන්ම හඬ ද වෙනස් හා ආකාර්ෂණීයයි.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සටහන් කලොත් මෙරට යතුරුපැදි අතර දෙවරක් හැරී බලන ආකාර්ෂණීය මෙන්ම සාක්කුවට වාසි දායක යතුරුපැදියක් ලෙස පෙන්වා දිය හැකියි.FZ 2.0,Hero Hunk,Pulsar 150,RTR160 වැනි යතුරුපැදි සමඟ තරඟයට සිටින මේ යතුරුපැදිය පෙනුම අතින් නම් 150 නොව 200 යතුරුපැදි අතරද කැපී පෙනෙන දෙවරක් හැරී බලන යතුරුපැදියක් ලෙස කීම වැරදි නැත.

CB Unicorn හා CB Hornet 160R අතර යතුරුපැදියක් වන මෙහි මිල ද මේ යතුරුපැදි දෙක අතර මිලක් විය හැකියි එනම් රුපියල් 349,500 හා 429,500 අතර මිලක් එනම් රුපියල් ලක්ෂ 4ක් පමණ විය හැකියි.

මේ X Blade ගැන අදහසක් පහල තියෙන ඡායාරූප බලලා අරගන්න ඔබේ අදහස් යෝජනා හා චෝදන අපේ FB පිටුවට යොමු කරන්න.

මෙහි මිල ගනන් දැණුම්දීමකින් තොරව වෙනස් විය හැකියි .

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©










No comments:

Post a Comment