හැඩකාර වැඩකාර YZF-R15 Version 3.0 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, September 29, 2018

හැඩකාර වැඩකාර YZF-R15 Version 3.0


අද මාතෘකාව විදියට තෝරගත්තා ලඟදීම මෙරට යතුරුපැදි වෙලඳපොලට නිකුත් වීමට නියමිත මීට වසරකට පමණ ඉහත දී නිකුත් වූ Yamaha YZF-R15 Version 3.0  සුපිරි 150cc Sports යතුරුපැදිය.

මේ යතුරුපැදිය Yamaha YZF-R යතුරුපැදි පෙළට අයත් මාදිලියක් වන අතර YZF පවුලේ ලොකුම සාමාජිකයා වෙන R1 ගැන මීට පෙර අපි ලිපියක් පල කලා එමෙන්ම මෙහි R3 මාදිලිය ගැන මෙන්ම R15 V2.0 ගැන මීට පෙර ලිපි පල කල අපට ඉතිරිව ඇත්තේ R6,R25 හා R125 යන යතුරුපැදි පමණයි ඉදිරි ලිපි වලින් අනිවාර්යයෙන් ඒ යතුරුපැදි ගැනද කතා කරමු.

R15 ඉතිහාසය ගැන සටහන් කලොත් මුල් වරට 2008 වසරේදී Yamaha YZF-R15 ලෙස කරළියට එන මේ යතුරුපැදිය 2011 දී YZF R15 Version 2.0 ලෙස පෙර මාදිලියේ වූ ECU ගැටලුද නිරාකරණය කරගනිමින් නව පෙනුමකින් කළඑලි බැස්ම කරන ලදි. පසුව 2017 වසරේදී විශාල වෙනස්කම් ගනනාවකට භාජනය කොට YZF R1 2018 ආභාෂයද කැටිව ලොව සුපිරිම 150cc කාණ්ඩයේ යතුරුපැදියක් ලෙස YZF R15 Version 3.0 පැමිණි අතර මේ යතුරුපැදියට Slipper Clutch,USD Forks,Yamaha VVA (Variable Valve Actuation) තාක්ෂණය හා තවත් බොහෝ දේ අන්තර්ගත විය.එමෙන්ම මෙහි නිෂ්පාදන කටයුතු ඉන්දියාවේ සහ තායිලන්තයේ සිදු වෙන අතර USD Forks දැකගත හැක්කේ Thailand මාදිලියේ පමණි ඒ පිරිවැය අඩුකරගැනීමක් ලෙසයි.

සුපුරුදු පරිදි Review එක Engine එකෙන්ම ආරම්භ කරමු.

මෙහි එන්ජිම 149.8cc ලෙස 2008 සිට 2017 දක්වා තිබුන අතර Version 3.0 හීදි මෙය 155.1cc ලෙස වැඩි වූ අතරම ඉහත සඳහන් කල VVA තාක්ෂණය ද එකතු විය.මෙම එන්ජිම SOHC four-stroke 4 valve තනි සිලින්ඩර එන්ජිමක් ලෙස නිම කර ඇති යමහා මේ එන්ජිමට VVT තාක්ෂණය එකතු කිරීම නිසා Single overhead එන්ජිමකින් ලබා ගත නොහැකි බලයක් ජනිතක කරගැනීමට හැකි වී තිබෙනවා.අපි පෙර කතා කරන ලද CB150R Exmotion වැනි යතුරුපැදි වල Dual overhead cam Engine එකක් වූ අතර මේ නිසා බලය වැඩි වූ නමුත් එන්ජිමේ ප්‍රමාණය හා බර වැඩි විය මෙම තත්වය මගහරවා ගත්  Yamaha VVT තාක්ෂණය කැටි කර DOHC එන්ජිමකට සමාන බලයක් ලැබෙන SOHC එන්ජිමක් නිර්මාණය කොට R15 V3.0 හට ලබා දුන් අතර මෙමගින් පෙර මාදිලියේ වූ 8500RPM හී ජනිත වූ අශ්වබල 16.5ක බලය මෙවර 10000RPM හී ජනිත කර අශ්වබල 19.3ක බලයක් ලබා දෙන අතර කිසි සේත්ම 150cc SOHC එන්ජිමකින් බලාපොරොත්තු නොවිය හැකි කාර්යයකෂමතාවයක් හා ජවයක් ලබා දෙනවා.

එනම් තත්පර 3කට අඩු කාලයකදී පැයට කිලෝමීටර 60 ඉක්මවීම හා තත්පර 10කදී පැයට කිලෝමීටර 100 පසු කිරීම මෙන්ම පැයට කිලෝමීටර් 155ක පමණ උපරිම වේගයක් පහසුවෙන් Stock Quality යතුරුපැදියෙන්ම ලබා දීමත් ය.

KTM RC 200 වැනි යතුරුපැදි වලට මේ වේගයට ලඟා වීමට තරමක් අපහසු වූවද R15 හට මෙය එතරම් ගැටලුවක් නොවේ මේ වෙන විට 150 කාණ්ඩයේ සියලුම Sports හා Naked යතුරුපැදි වලට අභියෝගයක් වී ඇති මේ Version 3.0 200 හා 250  කාණ්ඩයේ Fazer 250,Apache 200,RC200,Duke 200 Naked හා Sports යන යතුරුපැදි වලටද අභියෝග කර ජයග්‍රහණය කොට ඇති අතර අපහසු වූයේ 200 කාණ්ඩයේ RS200,NS200 හා CBR250R හට අභියෝග කිරීම පමණි.

මේ VVA තාක්ෂණය යනු මුල් 6000RPM හි දී Low Cams ක්‍රියාත්මක වීමත් මේ නිසා ඉහල ඉන්ධන කාර්යයක්ෂමතාවක් හා ධාවනයට පහසුවත් එක් කිරීමයි ඉන් පසු 6000RPM ඉක්මවූ පසු High Cam shafts ක්‍රියාකාරිත්වය අරඹන අතර මේත් සමඟම Intake වෑල්වද මිලිමීටර දෙකකින් පමණ විවර වේ මේ නිසා Top End performance ඉහලම අගයකින් ලබා ගැනීමේ හැකියාව ධාවකයා හට ලබා ගැනීමට ලැබෙනවා. සරලව මෙය Honda හී V-Tec ,Two Stroke Engine වල එන Power Valve වලට සමාන ක්‍රියාවලියක්.

සිසිලන පද්ධතිය ලෙස පෙර යතුරුපැදියේ වූ ද්‍රව සිසිලන පද්ධතියම වැඩි දියුණු කර එකතු කොට ඇති අතර මේ නිසා ඉහල වේගයන් හී එන්ජිම ඉක්මනින් සිසිල් කරගැනීමේ අවස්ථාව හිමි වෙනවා.

V 3.0 හී ඉන්ධන සැපයුම EFI ( Electronic Fuel Injection ) තාක්ෂණය මගින් සිදු කරණු ලබන අතරම අනෙකුත් EFI යතුරුපැදි වල.මෙන්ම මෙහිද යතුරුපැදියෙහි සියලුම ඉලෙට්‍රොනික ක්‍රියාවලිය ECU එක මඟින් නිරන්තරයෙන් පරික්ෂාකර බලයි.මේ නිසා යම් කාර්මික දෝෂයක් ඇති වූ වහාම මෙය Meter Panal එකේ පෙන්නුම් කරන අතර පහසුවෙන් ගැලුවට පිලියම් යෙදිය හැකියි මෙය වර්ථමානයේ බහුතරයක් යතුරුපැදි වලට අනිවාර්යයෙන් නිර්මාණකරුවන් එකතු කරනා උපාංගයකි.

තවද මෙහි ඉන්ධන කාර්යයක්ෂමතාවය පෙට්‍රල් ලීටර එකක කිලෝමීටර් 35ත් 40ත් අතර අගයක පවත්වාගෙන යෑමේ හැකියාව පවතිනවා.මෙහි ඉන්ධන ටැංකියෙහි ධාරිතාව ලීටර 11ක් වන අතර මෙය පෙර මාදිලියට වඩා ලීටර එකකින් ධාරිතාව අඩු වීමක්.
මෙහි Design එක ගැන කතා කලොත් සම්පූර්ණයෙන්ම පෙර මාදිලියෙන් වෙනස් වූ ආකාර්ෂණීය හා 150 ධාරිතාවට වඩා වැඩි පෙනුමක් දෙන ලෙස මේ R15 Version 3.0 නිමවා ඇති අතරම විශාල Air Intakes,LED Headlamps මෙන්ම R1 ආභාශයෙන් ආ නවතම Tail light එක  පමණක් නොව අලුත්ම Frame එක හා Clip on Handle bars යතුරුපැදියට නවීන පෙනුමක් මෙන්ම පෙර මාදිලි වලට වඩා හොඳ Sporty සහ Aggressive Riding position එකක් ලබා දෙනවා.කෙසේ වෙතත් බොහෝ Sports යතුරුපැදි වල මෙන්ම මෙහිද දුර ගමන් ගන්නා විට ධාවකයා සාපේක්ශව වැඩි වශයෙන් පසුපස ගමන් ගන්නා පුද්ගලයා පීඩාවට පත් වන අතර මෙය කුමන කාණ්ඩයේ කුමන ධාරිතාවක Sports යතුරුපැදියක් ගත්තද ඔබට මුහුන දීමට වෙන පොදු කාරනාවක්.

මීලඟට මෙහි ගියර් පද්ධතිය ගැන කතා කලොන් වේග 6ක ගියර් පද්ධතියක් හා Slipper Clutch එකක් ලබා දී තිබෙනවා.මීට පෙර මේ Slipper Clutch ගැන ලිපි වල සටහන් කල නමුත් සරළව පැහැදිලි කලොත් මේ Slipper Clutch එක නිසා ඉතාම පහසුවෙන් ගියර් ඉහල පහල මාරු කිරීමක් විශේෂයෙන් පහලට මාරු කිරීම කර ගත හැකි අතර මෙය රේසිං ධාවන පථයට,වංගු වල ස්ථාවර වීමට මෙන්ම ට්‍රැෆික් ධාවනයේද ඔබට බොහෝ සෙයින් උපකාරි වෙනවා.

මෙහි මීටර් පද්ධතිය ගැන කතා කලොත් පෙර මාදිලියේ වූ Semi Digital මීටර් පද්ධතිය වෙනුවට  Fully Digital මීටර් පද්ධතියක් මෙවර එකතු කොට ඇති Yamaha මෙහි කලින් මාදිලියේ දැකගත නොහැකි වූ Gear Position Indicator එක එකතු කර තිබෙනවා මේ නිසා ඔබ ගමන් ගන්නා ගියර ගැන ඔබට අවබෝදයක් ලබා ගත හැකියි.මීට අමතරව සුපුරුදු Speed,RPM,ODO,Trip,Time,Fuel Gauge වැනි අංග ද මෙහි පෙන්නුම් කරනවා.
Frame එක ලෙස Delta Box Chassis එකක් යොදාගෙන ඇති අතරම මෙය පෙර මාදිලියට වඩා අලුත්වැඩියා කොට තිබෙනවා එමෙන්ම පෙර මාදිලි දෙකටම වඩා දෙදරීම් අවම බව හා අධිවේගයකදී දෙදරීම් අවම මෙන්ම වංගු වල එහා මෙහා පහසුවෙන් හැසිරවීමට ඉඩ සලසන ලෙස මෙය නිම කර තිබෙනවා.

යතුරුපැදියේ මුලු බර කිලෝග්‍රෑම් 139 ලෙස සටහන් වන අතර පෙර මාදියට වඩා මෙය කිලෝග්‍රෑම් 6ක වැඩි වීමක් එමෙන්ම Ground Clearance 170mm ලෙසත් Seat Height 815mm ලෙසත් පිලිවෙලිම් 10mm හා 15mm වශයෙන් පෙර මාදිලියට වඩා වැඩි වී තිබෙනවා.

Suspension ලෙස ඉදිරිපස Telescopic Forks යොදා ඇති අතර Thailand මාදිලියේදී ඉදිරිපස Up Side Down Suspension දැගත හැකි මේ නිසා India මාදිලියට වඩා වැඩි ස්තාවරභාවයක් Thailand මාදිලියේ දැකගැනීමට ලැබෙනවා.
තවද පසුපස Monoshock එකක් ද යොදාගෙන තිබෙනවා.

Brakes ලෙස පෙර මාදිලියෙන් වෙනස් වූ විශාල හා දියුණු කරන ලද පද්ධතියක් යොදාගෙන ඇති අතර ඉදිරිපස 282MM Disc එකක් ද පසුපස 220MM ප්‍රමාණයෙන් Disc එකක් ද යොදා ඇති අතර මෙහි තිරිංග ප්‍රතිචාරය ඉතාම හොඳ මට්ටමක පවතිනවා එනමුත් Thailand සහ Indian මාදිලි දෙකෙහීම දැනට ABS මාදිලියක් තෝරාගෙන මිලට ගැනීමට හෝ නොවීම අඩුවක් ලෙසටයි පෙන්නුම් කල හැක්කේ.

Tyre ප්‍රමාණයන් ලෙස ඉදිරිපස 100/80-17M/C 52P හා පසුපස 140/70-17M/C 66H  ප්‍රමාණයෙන් ටයර් යොදාගෙන ඇති අතරම මෙහි ඝර්ශන මට්ටමද ඉතාම හොඳ අගයක පවතිනවා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් මාර්ග ධාවනයට මෙන්ම රේසිං පථයට අවතීරණ වෙන නවකයෙන් වෙනුවෙන්ද නිමැයූ මේ Entry Level Track use යතුරුපැදිය සමඟ කරට කර තරඟයට Suzuki GSX150R,Honda CBR150R,KTM RC125 වැනි යතුරුපැදි මෙන්ම 200cc කාණ්ඩයේ යතුරුපැදි ද සිටිනවා මේ R15 Version 3.0 හී Naked මාදිලිය ලෙස Yamaha M-Slaz නොහොත් Xabre 150 නම් කර ඇති අතර ඒ යතුරුපැදිය ගැන ද ඉදිරියේදි කතා කරන්නම්.

මේ යතුරුපැදිය ආනයනයට U&T Motors ආයතන සැලසුම් කර ඇති බවට ඔවුන්ගේ නිල FB පිටුවේ සටහන් කර තිබූ අතර මිල රුපියල් 850,000 ලෙස Thailand Version එක සඳහා යොදා තිබුනි,Yamaha මෙරට බලයල ලත් අලෙවිය නියෝජිත AMW සමාගමෙන් අප විමසීමක් කල විට ඔවුන් සඳහන් කලේ බොහෝ විට R3 ABS මාදිලිය සමඟ මෙයද මෙරට වෙලඳපොලට එකතු විය හැකි බවයි එය නිසැකයෙන් Indian මාදිලිය විය හැකි අතර යම් මුදල් ප්‍රමාණයකින් මෙහි මිල Thailand මාදිලියට සාපේක්ශව අඩු විය හැකියි.

යතුරුපැදිය ගැන අදහසක් පහල තියෙන ඡායාරූප බලලා අරගන්න ඔබේ අදහස් යෝජනා හා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.



Version 1.0

 Version 2.0












Wandi - වණ්ඩි©


No comments:

Post a Comment