ගන්දෝ නොගන්දෝ අලුත් FZ Double Disc? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, October 23, 2018

ගන්දෝ නොගන්දෝ අලුත් FZ Double Disc?


අද මාතෘකාව ලංකවේ ජනප්‍රියම 150 යතුරුපැදිය Yamaha FZ 2.0 හී Double Disk මාදිලියයි. මේ යතුරුපැදියට මගේ පුද්ගලික වැඩි කැමත්තක් නැති උනත් බහුතරයක් නව යෞවන අය සහ තරුණ අය අතර ඉතාම ජනප්‍රිය යතුරුපැදියක් ලෙස FZ සඳහන් කල හැකියි.මෙහි Version 1.0 මාගේ ප්‍රියතම ඉන්දියාවේ නිපදවෙන යතුරුපැදි ලෙස සැලකුනත් 2.0 කෙරෙහි වැඩි ඇල්මක් නැහැ හේතුව මේ පෙනුම සහ ජවය මදි කම හැර වෙනත් කිසිදු අඩුපාඩුවක් නොවෙයි.

FZ හී ඉතිහාසය දෙස බැලුවොත් Pulsar 150UG,Hero Hunk,Hero CBZ,Honda Unicorn,RTR 150 වැනි සාම්ප්‍රදායික 150 යතුරුපැදි කරළිය උඩුයටිකුරු කිරීමට සමත් වූ 150 යතුරුපැදියක් මෙන්ම Sports Commuter යතුරුපැදි මාදිලිය හැරවුම් ලක්ෂයකට රැගෙන ගිය යතුරුපැදිය ලෙසද FZ 16 මාදිලිය සැලකිය හැකියි. 2008 වසරේ කරළියට එන මේ යතුරුපැදි පුරා වසර 6ක් තරුණයන් ලක්ෂ ගණනකගේ යතුරුපැදිය බවට පත්ව නිෂ්පාදනය නැවතූ අතර 2014 දී මෙහි දෙවෙනි මාදිලිය EFI සහ තවත් වෙනස්කම් රාශියක් කැටුව Yamaha FZ 16 Version 2.0 ලෙස කලඑළි බැසීය.

2008 සිට 2018 දක්වා පුරා වසර 10ක් යතුරුපැදි මිලියන 1.5ක් අලෙවි කල FZ හී විශාලම අඩුව සහ පාරිභෝගික ඉල්ලීම උනේ පසුපස Disc Brake සහිත මාදියක් ලබා දෙන ලෙසයි අවසානයේ 2018 වසරේදී යමහා සමාගමට ඒ ඉල්ලිම ඉටු කිරීමට හැකි වූ අතර Yamaha FZ Version 2.0 Anniversary මාදිලිය වෙළඳපොළට නිකුත් විය.

කෙසේ වෙතත් FZ යතුරුපැදියට පසුව වෙලඳපොලට ආ Suzuki Gixxer 155GS,Honda CB Hornet 160R වැනි යතුරුපැදි වසරක් වැනි කෙටි කලකින් ඔවුන්ගේ පසුපස ඩිස්ක් සහිත මාදිලි ඉදිරිපත් කල අතරම මෙම වසරේදි CB Hornet යතුරුපැදිය ABS සහ Fully LED හෙඩ් ලයිට් එකක් ද හඳුන්වා දුනි.මෙලෙස ගත් කල පෙරළිකාර FZ මේ වෙන විට මන්දගාමීව දියුණු වූ 150 කාණ්ඩයේ යතුරුපැදියක් ලෙස හැඳින්විය හැකියි.

සුපුරුදු පරිදි ලිපිය ආරම්භය එන්ජින් එකෙන් ආරම්භ කලොත් මෙහි එන්ජිම FZ 2.0 එකෙහීම එන 149cc SOHC Four-stroke තනි සිලින්ඩර වෑල්ව 2ක එන්ජිමමයි.මෙම එන්ජිම මඟින් අශ්වබල 13ක බලයක් සමඟ ඉතා පහසුවෙන් පැයට කිලෝමීටර් 110ක පමණ වේගයක් ලබා දෙන අතර එතනින් එහා යම් වේගයක් ලබා ගත හැකි වූවද එය තරමක් අසීරු කාර්යයක් වෙනවා.

එමෙන්ම තවමත් 150,160 කාණ්ඩයේ 0 සිට 100 වේගයට ලඟා වීමට වැඩිම කාලයක් ලබා ගන්නා යතුරුපැදිය FZ වන අතර මේ වේගයට ඒමට තත්පර 20කට ආසන්න කාලයක් ගත වෙනවා. සුළගේ වේගය ධාවකයාගේ උස හා බර වැනි සාධක සමඟ මෙය තරමක් වෙනස් විය හැකියි. කෙසේ වෙතත් අදාල කාණ්ඩයේ සුමටම හා නිෂ්ශබ්දම එන්ජිමක් ලෙස මේ FZ එන්ජිම පෙන්වා දිය හැකි අතරම 100% ඉන්දියානු යතුරුපැදි වලට සාපේක්ශව සුමට බවින් වැඩි හොඳ ධාවන මට්ටමක (Smooth Running Condition) එන්ජින් සහිත යතුරුපැදි ලෙස Yamaha,Honda,Suzuki පෙන්වා දිය හැකියි.

Apache 160 4V,NS160 හැර අනෙකුත් තරඟකරුවන් සියළු දෙනාගේම මෙන් මේ FZ සතුවද වායු සිසිල පද්ධතියක් ඇති අතර ඔයිල් සිසිලනයන් සහිත NS හා RTR යතුරුපැදි දෙකටම වඩා එන්ජිම සිසිල් වීමට ගත වෙන කාලය වැඩි වූවද සිසිලන පද්ධතිය මාධ්‍ය වාතය නිසා විශේෂ නඩත්තුවක් සිසිලන පද්ධතිය වෙත යොමු කිරීමට ඇති අවශ්‍යතාවක අඩු වෙනවා මෙය යම්තාක් දුරකට වාසියක්.

මෙහි ඉන්ධන සැපයුම 2014 සිට EFI (Electronic Fuel Injection) තාක්ෂණය මඟින් සිදු කෙරෙන අතර ඉතාම ඉහල ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ලබා දෙනවා මෙන්ම නඩත්තු කටයුතු ද පහසු කරනවා මන්ද EFI යතුරුපැදි සමඟ එන සෑම යතුරුපැදියකම CDI එකක් වෙනුවට ECU එකක් අන්තර් ගත වෙන නිසා යම් දෝෂයක් පැන නැඟුන විට එකින් එක සොයා බලනවාට වඩා පහසුවෙන් යතුරුපැදි කාර්මිකයන් හට යතුරුපැදිය පරිගණකයකට සම්බන්ද කර අදාල ගැටලුව සොයා ගත හැකි අතර EFI Unit එක සුසර කිරීමද මේ ආකාරයෙන් ම සිදු කරගත හැකියි.

අදාල කාණ්ඩයේ ඉහලම ඉන්ධන කාර්යයකෂමතාව හිමි යතුරුපැදිය Yamaha FZ 2.0 වන අතර පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 40 සිට 50කට ආසන්න අගයක දුරක් ගමන් කිරීමට ඉඩ සලනවා තවද ඔබට ඉහලම ඉන්ධන කාර්යයකෂමතාවක් අවශ්‍ය නම් මෙහි මීටර් පද්ධතියේ එන Eco Indicator එසේ නැනි නම් කොල පැහැති බල්බය දැල්වෙන වේගයකින් යතුරුපැදිය ධාවනය කරන්න.

තවද මෙරට මෙම කාණ්ඩයේ කාණ්ඩයේ එකම EFI යතුරුපැදිය වෙන මෙය අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ශව Trottle Response අඩු අගයක පවතින යතුරුපැදියක් වන අතර මීට හේතුව ECU එක මඟින් ඇක්සිලේටරය භාවිතා වෙන ආකාරය සෑම අවස්ථාවකදීම ගණනය කර සුදුසුම ආකාරයට පෙට්‍රල් එන්ජිමට විදීමට EFI පද්ධතියට විධානය කිරීමයි. මේ නිසා කාබ් යතුරුපැදියකට වඩා අඩු Trottle Response එකක් 0-100 වේග සිමාව තුල ලබා ගන්නා අතරම මේ නිසා ඉතාම හොඳ ඉන්ධන කාර්යයකෂමතාවයක් පවත්වා ගන්නවා.මෙය  D Tracker X වැනි යතුරුපැදි වලට දැකගත හැකි තත්වයක්.

මෙහි ගියර් පද්ධතිය ගැන අවධානය යොමු කලොත් Wet Multi-plate Disc Clutch එකක් සමඟ මුසු වූ සුමට වේග 5ක ගියර් පද්ධතියක් FZ යතුරුපැදියෙහි දැකගනන් ලැබෙනවා.

Design එක දෙස අවධානය යොමු කලොත් විශාල වෙනසක් පෙර මාදිලියෙන් වෙනස් නොවි ඇති අතර මූලික වෙනස්කම් ලෙස මෙහි කැපි පෙනන වර්ණ රටාව මෙන්ම අලුතෙන් එකතු කල Alloywheel යුගලය පෙන්වා දිය හැකියි. දුර ගමන් වලට මෙන්ම ට්‍රැෆික් ධාවනයට සුදුසු සුවපහසු ඉදිරිපස සහ පසුපස Seat Positions හා  Foot Rest වල පිහිටීමද සුවපහසු අතරම Handle එකෙහි පිහිටීමද අතට පහසු හැසිරවීමට පහසු ලෙස නිම කොට තිබෙනවා. මෙහි ආසන වල ආවරණ මෙරව යමහා ලිස්සා නොයන අමුද්‍රව්‍යක් යොදා නිම කර ඇති අතර මෙය Anti skid seat එකක් බව යමහා පවසනවා මේ නිසා බ්‍රේක් ගැසීම් වලදී පසුපස මගියා ඉදිරියට ලිස්සා ඒම පාලනය කරන බව ඔවුන් පවසනවා කෙසේ වෙතත් මේ සීට් එක කලින් සීට් එකට වඩා තද ගතියක් ඇති අතර මෙය කිලෝමීටර් 100ක් පමණ එක දිගට ධාවනයේදි දෙපාර්ශවයටම යම් අපහසුතාවයක් ඇති විය හැකියි.

මෙහි Frame එක ලෙස සුපුරුදු Diamond Frame එක යොදාගෙන ඇති අතර යතුරුපැදියෙහි Seat Height එක 790 mm හා Ground Clearance 160mm ලෙස සටහන් වන අතර මුලු බර කිලෝග්‍රෑම් 133ක් ලෙස සටහන් වෙනවා මෙය අදාල කාණ්ඩයේ බර අඩුම යතුරුපැදියද වන අතර මේ නිසා පහසුවෙන් කුඩා ශරීරියක් හෙබි අයෙකුට වූවද යතුරුපැදිය හැසිරවීමට පහසුව ලැබෙනවා. 

එමෙන්ම පැයට කිලෝමීටර 80-90 අතර වේග වල යතුරුපැදිය පණාව පාලනය අර ගැනීමට අවශ්‍ය ඉඩ සලසා දෙන නමුත් පැයට කිලෝමීටර් 90 ඉක්මවන විට තරමක අස්තාවර බවක් ද දැකගැනීමට මේ යතුරුපැදියේ අවස්තාව පවතිනවා.

මෙහි පෙට්‍රල් ලීටර 12ක ධාරිතාවයක් දැරිය හැකි ටැංකියක් ඇති අතර කාණ්ඩයේ අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ශව මෙය කුඩා ටැංකියක්.නමුත් ඉන්ධන කාර්යයකෂමතාව සමඟ සැසඳූ කල මෙය ඉතාම ප්‍රමාණවත්.

Meter Panal එක දෙසට යොමු උනොත් පෙර මාදිලියේද එන සුපුරුදු සම්පූර්ණ ඩිජිටල් රත් පැහැ මිටරය දැකගත හැකි අතර මෙහි RPM,Speed,Trip,Time,ODO,Fuel Gauge යන මූලිකාංග පෙන්වන අතර Gear Position එක පෙන්නුම් කරන්නේ නැහැ අදාල කාණ්ඩයේ මේ පහසුකම ඇති යතුරුපැදි දෙක වන්නේ Gixxer හා RTR 160 4V වන අතර මේ මීටර් පද්ධති වලට සාපේක්ශව පැරණිතම මීටරය Semi Digital ලෙස Pulsar NS160 හී දැකගන්න ලැබෙනවා.

Suspension ලෙස ඉදිරිපස 41mm Telescopic Forks යුගලයක් ද පසුපස Box Type Swing Arm එකක් සමඟ Monoshock එකක් ද යොදාගෙන ඇති අතර යතුරුපැදිය ධාවනයේදි සුවපහසුව මෙන්ම ස්තාවර බව ලබා දීමට මේවා බොහෝ සෙයින් උපකාරි වනවා.

මෙම යතුරුපැදිය පෙර මාදිලියෙන් වෙන වන මෙන්ම විශේෂ වන අංගය වන තිරිංග පද්ධතිය ගැන අවධානය යොමු කල විට ඉදිරිපස සුපුරුදු 282mm Disc එකක් සමඟ Bybre කැලිපරයක් ද පසුපස  නවතම 220mm Disc එක සමඟ Bybre කැලිපරයක් ද යොදා ඇති අතර පෙර තනි Disc මාදිලියට වඩා තත්පර 2ක පමණ ඉක්මනින් යතුරුපැදිය නවතා ගැනීනට හැකියාව සලසන අතර මේ තත්පර දෙක සුලු කාඅලයක් ලෙස හැඟුනද විශාල අනතුරක් නැවත්වීමට තරම් ප්‍රමාණවත් කාලයක් කෙසෙ වෙතත් Single Channel (ඉදිරිපසට පමණක්වත්) ABS තාක්ෂණය යොදාගෙන නැති මෙවැනි යතුරුපැදියක තිරිංග යෙදීමේ නිසි ක්‍රමයෙන් බැහැරව  ක්ෂණික ඉදිරිපස පමණක් හෝ දෙපසම තිරිංග යෙදීමෙන් යතුරුපැදිය ලිස්සා ගොස් අනතුරක් වීමට ද ඉඩ ඇත මේ නිසා පාලනයක් ඇති වේගයකින් සහ තිරිංග යෙදිය යුතු ආකාරය ගැන අවබෝදයකින් යතුරුපැදිය ධාවනය කරන්න.

Tyres ලෙස ඉදිරිපස 100/80-17M/C (52P)NYLOGRIP ZAPPER-FX1 (Tubeless) හා පසුපස 140/60-R17M/C (63P)revz-Y (Tubeless) ප්‍රමානයන් ගෙන් යුතු ටයර් කර්මාන්තශාලාවෙන් පිටතර පැමිණෙන අතර ඉතා හොඳ ඝර්ශනයක් පොලව සමඟ තබා ගැනීමට හා වංගු වල ස්තාවර විමට මේ පුලුල් ටයර් ප්‍රමාණවත්.

Head Light එක තවමත් Halogen ලෙස පැමිනෙන අතර මෙය AHO (Always Headlamp On) ලෙස සකසා ඇති අතරම On/Off කිරීම සිදු කල නොහැකියි.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් පුරා වසර 10ක් දකුණු ආසියාවේ ඉතා හොඳ අළෙවියක් ඇති ලබාගත් මේ FZ වර්ථමානය වන විට තරමක් පසුබෑමකට ලක්ව සිටිනවා මීට හේතුව වේගවත් හා තාක්ෂණය අතින් ඉහල ලෙස නව මාදිළි කරළියට ඒමයි.ඉදිරියේදී මෙහි ABS මාදිලියක් ද දැකගැනීමට ඉඩ තිබෙන නමුත් එය ලබන වසරේ නිකුත් වේද තවත් වසර 5කින් සිදු වේද යන්න නිශ්චිතවම කිව නොහැකියි.මේ යතුරුපැදිය සමඟ තරඟයට RTR 160 4V,Gixxer 154GS,CB Hornet 160R,Pulsar NS160 වැනි යතුරුපැදි මෙරට යතුරුපැදි වෙලඳපොළ තුල දැකගත හැකියි.


තවද මෙම FZ Double Disk, FZ - S 2.0 Single Disk හා FZ 2.0 අතර විශාල වෙනසක් වෙනව අතර FZ - S හා FZ - S Double Disk මාදිලි වල Ignition TCI හරහා සිදු වන අතර FZ 2.0 හි මෙය CDI එකක් හරහා සිදු වේ. මීට අමතරව වර්ණරටාවන් වල වෙනසක් හා ඉදිරිපස වයිසරයක් S මාදිලියේදී දැකගත හැක.

කෙසේ වෙතත් ඉහල ඉන්ධන කාර්යයකෂමතාව,ආකාර්ෂණීය පෙනුම,Yamaha සන්නාමය වැනි අංග වලට කැමති අයෙකුට මෙය හොඳ තේරීමක් වන අතර ඉදිරියේදි නව වර්ණ රටාවන්ගෙන් FZ Rear Disc මාදිලිය නිකුත් විය හැකියි.

මෙහි මිල රුපියල් 425,900 ලෙස සටහන් වන අතර පෙර දැණුවත්ව කිරීමකින් තොරව මිල ගණන් වෙනස් විය හැකියි.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.පහල ඇති ඡායාරූප නරඹා යතුරුපැදිය ගැන අදහසක් ලබා ගන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©








No comments:

Post a Comment