ජර්මන් වැඩ්ඩා BMW S1000RR - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, December 16, 2018

ජර්මන් වැඩ්ඩා BMW S1000RR



අද මාතෘකාව බොහෝ තරුණයන් අතර සිහින යතුරුපැදියක් වූ ඉදිරියටත් එසේම වෙන ලොව Power To Weight Ratio නියමය අනුව පලමු 10 දෙනා අතර සිටිනා BMW S1000RR.

ප්‍රථමයෙන් මේ සුපිරි යතුරුපැදියෙහි ඉතිහාසය ගැන කතා කලොත් මුල් වරට මේ යතුරුපැදිය නිපද වෙන්නේ 2008 වසරේදී 2009 වසරේ World Super Bike Championship එක සඳහා තරඟ කිරීමටයි. ඉන් පසුව මේ යතුරුපැදිය වෙලඳපොළට ද නිකුත් වූ අතර එකල වූ Liter Class Sports මාදිලියේ වේගවත්ම හා බරින් අඩු තාක්ෂණය ඉහලම යතුරුපැදියක් බවට මෙම BMW S1000RR පත් විය.

මෙහි පරම්පරා 4ක් මේ වන විට පසු කර ඇති අතර 2019 මාදිලිය සිව්වන පරම්පරාවට ඇතුලත් වනවා.2009 සිට 2011 දක්වා එක් පරම්පරාවක් ද 2012 සිට 2014 දක්වා එක් පරම්පරාවක් ද 2015 ස්සිිිට්ට 2018 දක්වා නවතම  පරම්පරාවක් ද වශයෙන් මෙහි තාක්ශයනය විශාල වශයෙන් වෙනස් වූ වසරවල් අනුව වෙන් කල හැකි අතර එකි කඩඉම් වර්ශයන් වල එන්ජිමෙහි බලය, ආරක්ෂිත උපාංග, භාහිර පෙනුම වැනි අංග වැඩිදියුණු වී වෙනස් විය. එමෙන්ම බරද මුල් මාදිලි වලට සාපේක්ශව අඩුවිය. 2009 දී අශ්වබල 193ක් ජනය කර දුන් S1000RR 2019 මාදිලිය වන විට VVA තාක්ෂණය මුසු කොට අශ්වබල 207ක් ජණනය කර දීමට තරම් බලසම්පන්න විය.

තවද Isle Of Man නම් ලොව භයානක යතුරුපැදි තරඟයෙහි ලෝක ශූරයෙකු වන මයිකල් ඩන්ලොප් ගේ ප්‍රියතම යතුරුපැදිය වන BMW S1000RR වර්ථමානයේ Isle Of Man TT හී ඕනෑම තරඟ ඉස්සවක වටයකදී වාර්ථා කල හොඳම කාලය හා තරඟය අවසාන කල හොඳම කාලය ලබා ගැනීමේ වාර්ථාවට හිමිකම් කියනා අතර යතුරුපැදිය මයිකල් ඩන්ලොප් විසින් ධාවනය කරන ලදි.

මෙකි S1000RR මාදිලියට අමතරව 2013 වසරේදී BMW HP4 ලෙසින් රේස් පථයට සීමා වූ යතුරුපැදියක් BMW හඳුන්වාදුන් අතර 2017 පසුව මේ HP4 ඉතාම සීමා සහිතව එක් වසරකට යතුරුපැදි 750කට පමණක් වෙලඳපොලට නිකුත් කිරීමට සීමා කරන ලදි. එකි HP4 මාදිලිය ලොව දෙවන බරෙන් අඩුම Super යතුරුපැදිය වන අතර අශ්වබල 215 ජණනය කර දීමට සමත් වනවා.

ඉතා කෙටියෙන් මෙම S1000RR හී ඉතිහාසය සාරාංශ ගත කොට එලෙස සටහන් කරමින් සුපුරුදු පරිදි මෙහි හදවත එන්ජිම දෙසට යොමු වෙමු.

999cc Inline සිලින්ඩර 4ක Four-Stroke DOHC එන්ජිමක් වන මෙහි ද අනෙකුත් Inline 4 Cylinder එන්ජින් වල මෙන්ම එක් සිලින්ඩර එකක් සඳහා වෑල්ව 4 බැඟින් Intake සහ Exhaust වැල්ව යොදාගෙන තිබෙනවා එමෙන්ම මේ වෑල්ව ටයිටේනියම් ලෝහයෙන් නිමවා තිබීම නිසා කල් පැවත්ම වැඩි කාර්යයකෂමතාව ඉහල බරෙන් අඩු අගයක පවතිනවා.

මෙකි කියුබික් සෙන්ටිමීටර 999 ක එන්ජිම 1000cc කාණ්ඩයේ විශාලම Bore එක සහිත එන්ජිමද වනවා. මන්ද අනෙකුත් සියලුම 1000 කාණ්ඩයෙහි එන්ජින් ධාරිතාව 998ක් ලෙසට සටහන් වීමයි.මෙම එන්ජිම මුල් කාලයේ අශ්වබල 193 ලබා දුන් අතර එකල අනෙකුත් 1000 යතුරුපැදි වලට සාපේක්ශව මෙය ඉතාම හොඳ අගයක් විය. වසරින් වසර දියුණු වු මෙම BMW S1000RR 2019 මාදිලිය වන විට අශ්වබල 207 බලයක් ජණනය කර දීමට සමත් විය.

එමෙන්ම තත්පර 4කදී පැයට කිලෝමීටර් 100ක වේගය හා තත්පර 15කට අඩු කාලයකදි පැයට කිලෝමීටර් 299ක් වන සීමා කල වේගයද ලබා ගැනීමට සමත් වනවා. යම් හෙයකින් මෙම වේග සීමාව ඉවත් කර රේසින් ECU එකක් හෝ පවතින ECU එක නැවත Flash කිරීමකට ලක් කලහොත් පැයට කිලෝමීටර් 340කට ආසන්න වේගයක් මෙම BMW යතුරුපැදිය හට පහසුවෙන් ලබා ගැනීමට ඉඩ පවතිනවා.

තවද මෙම එන්ජිමට 2019 සිට VVA තාක්ෂණය ද යොදාගෙන ඇති නිසා වැඩි ඉන්ධන කාර්යයකෂමතාවක් සමඟම Riding Modes වල උපරිම ප්‍රතිඵල ලබාගැනිමේ හැකියාව ලැබෙනවා.

මෙහි Riding Modes ගැන අවධානය ලබා දුන්නොත් Rain, Sports, සහ Race ලෙස Modes 3 ලබා දී ඇති අතර Slick යනුවෙන් අමතර Mode එකක් පවතිනවා. Rain හීදී අශ්වබල 150කට බලය සීමා කරන අතර Traction Control, ABS අවශ්‍ය පරිදි සකසා ගන්නවා. Sports හීදී එන්ජිමෙහි මුලු බලයම ලබා දෙන මුත් ආරක්ශාව කෙරෙහි වැඩි අවධානයක් ECU එක මගින් ලබා දෙනවා. Race හීදි යතුරුපැදිය සතු සියලුම බලය ධාවකය වෙතට ලබා දෙන අතරම Slick යන Mode එක යොදා ගැනීමට නම් BMW සමාගමෙන් Slick Chip නම් විශේෂිත උපාංගය මිලට ගත යුතු අතර එය සම්බන්ද කල පසු Slick Mode එකට පිවිසීමට ඉඩ සලසනු ඇත.මෙම Slick යන නමෙන් රේසින් සදහා යොදා ගන්නා ස්ලික් ටයර සිහි ගන්වනු ලබන අතර මෙම Mode එකෙදී යතුරුපැදියෙහි සියලුම පාලන කටයුතු ධාවකයා ගේ ස්වය කැමත්ත පරිදි පාලනය කර ගැනීමට ඉඩ ලබා දෙමින් 100% රේසින් ධාවනයට වෙන් වූ යතුරුපැදියක් ලෙසට ක්‍රියා කරනවා. යම් හෙයකින් Slick Mode එක මහා මාර්ගයක භාවිතා කලහොත් අනතුරු වීමට ඇති ඉඩ බොහෝ සෙයින් වැඩිය මන්ද බොහෝ ආරක්ෂාව කෙරෙහි බලපාන තාක්ෂණික උපාංග මෙම ස්ලික් මොඩ් එකෙහි දි ක්‍රියා විරහිත වීමත් සීමා නොවූ වේගයක් එන්ජිම ජණනය කර දීමත් ය.

අනෙකුත් 1000cc කාණ්ඩයේ බොහෝ යතුරුපැදි වල මෙන් මෙහිද Accelete කිරිම Ride By Wire තාක්ෂණය මගින් සිදු වන නිසා කේබල් වලින් සිදු වන ක්‍රියා වලියට වඩා වැඩි සංවේදි හා කාර්යයකෂමතාව ඉහල Trottle Response එකක් ලබා ගැනීමටද හැකියාව පවතිනවා.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ප්‍රධානව ද්‍රව සිසිලන පද්ධතියක් ඇති අතර මීට අමතරව Oil Cooling පද්ධතියක්ද අන්තර් ගත වනවා එමෙන්ම මේ Oil Cooling පද්ධතිය හා සම්බන්ද Ram air intake එකක් ද යොදා තිබෙන අතර 2011 වසරේ සිට එම Intake එකෙහි ප්‍රමාණය 20% පමණ විශාල විය මේ සමඟ S1KRR මූහුණ තරමක් වෙනස් විය.

Design එක දෙසට අවධානය යොමු කලොත් බැලු බැල්මටම කෝපයෙන් සිටිනා මෝරෙකුට සමාන මේ යතුරුපැදියෙහි ආවෙනික පෙණුම 2018 වසර දක්වාම 2009 සිට වෙනස් නොවුනි.නමුත් 2019 වසර වෙනුවෙන් BMW මෙම යතුරුපැදිය සම්පූර්ණයෙන්ම වෙනස් කල අතර නිර්මාණකරුවන් පවසන ආකාරයට එකි ආවේනික පෙනුම වෙනස් කිරීමට ප්‍රධානතම හේතුව යතුරුපැදියෙහි බර අඩු කිරීමයි. 2018 දක්වා වූ මාදිලි වල Low Beam සහ High Beam යන බල්බ දෙක එකක කුඩාවට සහ අනෙකෙහි විශාලව යොදා තිබුත් 2019 දී තාක්ශ්ණයෙන් ඉහල LED Headlamps යොදා ගැනීම නිසා වැඩි ඉඩක් සහ ස්කන්ධයක් යතුරුපැදියට එකතු කිරීමට අවශ්‍ය නොවීය මේ තත්වය අනුව මෙහි ආවෙනික පෙනුම වෙනස් විය.

Seat Position සහ Handle Position යන දෙකම ඉතාම සුවපහසු වන අතර මෙම 1000 කාණ්ඩයේ වෙන කිසිදු යතුරුපැදියකට සමාන නොවන තරම් සුවපහසු ධාවනයකට මේ S1000RR  සලසනවා.එලෙස ගත් කල වේගය හා සැපහසුව ඉහලම යතුරුපැදියක් ලෙසට S1000RR නම් කල හැකියි. තවද සීරුමාරු කල හැකි Steering Damper එක නිසා ඉහල වේගයන් හී හොඳ ස්තාවර බවක් ලබා දි හැඩලය අනවශ්‍ය හෙලවීම් වලට ලක්වීමද පාලනය කරනවා.

Handling දෙස අවධානය යොමු කලොත් ඒ අතින්ද ඉතාම හැසිරවීමට පහසු බරින් අඩු යතුරුපැදියක් වන මෙය වංගු වලදීද ඉතාම ස්තාවරයි. මෙහි සීට් උස පිලිවෙලින් 2009 සිට 11 දක්වා 820mm ද 2011-18 815mm ද 2019 මාදිලිය 824mm ලෙසද සටහන් වන අතර නවතම මාදිලිය උසින් වැඩි උනත් ප්‍රමාණයෙන් පෙර මාදිලි වලට වඩා කුඩා විය.බර වශයෙන් 2009 සිට 2008 දක්වා කිලෝග්‍රෑම් 207 ද 2019 දි කිලෝග්‍රැම් 197ක් ද ලෙස සටහන් වී ඇත.

ඉන්ධන සැපයුම EFI පද්ධතියක් හරහා සිදු වන අතර පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 15ක පමණ කාර්යයකෂමතාවක් ඇති මෙහි ඉන්ධන ටැංකිය ලීටර 17.5ක් වනවා.නමුත් 2019 මාදිලිය වන විට ලීටර එකකින් ටැංකියේ ධාරිතාව අඩු කොට ලීටර 16.5කට සීමා කරන ලදි.

මෙහි ගියර් පද්ධතිය ලෙස වේග හයක් ගියර් පද්ධතියක් සමඟ Slipper Clutch හා Quick Shifter පහසුකම ද අන්තර්ගත වනවා. මේ නිසා Clutch එක භාවිත නොකොට ගියර් ඉහල පහල හුවමාරු කරගත හැකියි.

මීටර් පද්ධතිය ලෙස 2018 දක්වා Semi Digital ලෙස මීටර් එකකින් නිමවූ අතර 2019 වසර සඳහා නිපදවූ S1000RR හී TFT Bluetooth මීටර් පද්ධතියක් යොදා ගන්නා ලදි. මෙම නවතම මීටර් පද්ධතිය තුල පෙර මාදිලි වලට වඩා වැඩි ව්ස්තර හා යතුරුපැදියට අදාල දත්ත සවිස්තරාත්මකව පෙන්නුම් කරන අතර Suspension, Brakes, Riding Modes ස්ව කැමත්ත අනුව පහසුවෙන් පහපට ඇගිල්ල එහෙ මෙහෙ කිරීමකින් පමණක් සිදු කර ගත හැකියි.එමෙන්ම මෙම TFT මීටර් එකට තම ස්මාර්ට් ජංගම දුරකතනය සම්බන්ද කොට ඇමතුම් වලට ප්‍රතිචාර දැක්වීම ගීත තෝරා ගැනීම වැනි කටයුතුද සිදු කර ගත හැකියි.

මෙම යතුරුපැදියෙහි ඉලෙට්‍රොනික පැකේජය දෙස අවදානයක් ලබා දුන්නොත් 2009 වසරෙ මෙය හදුන්වා දෙන විට එකල වූ Best Equipped Sports Bike එක ලෙසට හැදින්විය. මෙහි Riding Modes 3ක්, Levels 7 Traction Control,Wheelie Control මෙන්ම 1000 කාණ්ඩයෙ Cruise Control ඇති එකම යතුරුපැදියද විය.(මෙම තාක්ෂණික උපාංග ගැන වෙනමම විස්තරාත්මක ලිපියක් පසුවට ලබා දෙන්නම්.)

Suspension ලෙස මුල් පරම්පරාවට 43mm USD Forks ඉදිරිපස ද දෙවන පරම්පරාවේදි 46mm USD Forks ද 2019 තෙවන පරම්පරාවෙදි 45mm USD Forks ද යොදාගෙන ඇති අතර සෑම මාදිලියකම පසුපසට Monoshock යොදාගන්නා ලදි. මෙම Suspension ඉතාම පහසුවෙන් සීරුමාරු කල හැකි අතර රේසින් පථයට හා මහා මාර්ග වලට මෙන්ම තම උස හා බරට යෝග්‍ය පරිදි මේවා සකස් කර ගැනීමට ඉඩ BMW සලසා දී තිබෙනවා.

Brakes ලෙස ඉදිරිපස 320mm Disk දෙක සමඟ Brembo කැලිපර ඉදිරිපස ද පසුපස 220mm Disk එකක් සමඟ Brembo කැලිපරයක් ද එකතු කොට ඇති මෙම යතුරුපැදියෙහි Synchronized Brakes සමඟ අවශ්‍ය වූ විට ක්‍රියා විරහිත කල හැකි Dual Channel ABS පද්ධතියක් අන්තර්ගත වනවා.මෙම Synchronized Brakes වලින් අදහස් වන්නේ ඉදිරිපස තිරිංග පමණක් යෙදුවද එන්ජින් බ්‍රේකින් සහ පසුපස බ්‍රේක් ස්ව්‍යංක්‍රීයව ක්‍රියාත්මක වීමයි. එම නිසා යම් හෙයකින් Burn Out වැනි දේ S1000RR යතුරුපැදියකින් කරනවා නම් අනිවාර්යයෙන් ABS ක්‍රියා විරහිත කල යුතුයි මන්ද එසෙ නැතිනම් නිකරුනේ පසුපස බ්‍රේක් පෑඩ්ස් ද ගෙවි යන නිසා. මෙය බොහෝ Super Bikes වලට අදාල කාරණයක්.

තවද අවශ්‍යතාව අනුව Racing ABS පද්ධතියක්ද BMW විසින් අවශ්‍ය නම් මිලට ගැනීමට වෙලඳපොලට නිකුත් කොට තිබෙනවා.මෙය අනිවාර්යයෙන් Slick Chip එක මිලට ගන්නා අයෙකු යතුරුපැදියට එකතු කරගැනීමට අමතක කරන්නේ නැහැ. මන්ද මෙකි වේගවත් යතුරුපැදියට වඩා හොඳ Braking System එකක් තිබීම අනිවාර්යය නිසා.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් මේ S1000RR ලොව බිහි වු විශිෂ්ටතම රේසින් ස්පොර්ට්ස් යතුරුපැදියක් ලෙසට ඉතිහාස ගත ව් හමාර වේගය, තාක්ෂණය, සුවපහසුව, ආරක්ශාව යන සියල්ල අතින්ම ඉහලින් සිටිනා මේ යතුරුපැදියෙහි Naked මාදිලිය ලෙසට BMW S1000R ද Touring මාදිලිය ලෙසට S1000XR ද නම් කල හැකියි. ඉදිරියේදී මෙම යතුරුපැදි ගැනත් ලිපි රැගෙන එන්නම්.

2019 S1000RR හා ඊට පෙර මාදිලි මෙන්ම S1000R හා S1000XR ගැන පහත ඡායාරූප නරඹා අදහසක් ලබා ගන්න.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©



















No comments:

Post a Comment