Supermoto ද? Touring ද? Aprilia Dorsoduro 750 - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, January 5, 2019

Supermoto ද? Touring ද? Aprilia Dorsoduro 750

අද මාතෘකාව විදිහට ගෙන එන්නේ ලංකාවේ සුපර්මොටෝ ලෝලීන් අතර සුප්‍රසිද්ද යතුරුපැදිය වන Aprilia Dorsoduro 750 ගැන.

මෙහි ඉතිහාසය පිලිබදව අපි යතුරුපැදිය ගැන කතා කිරිමට  පෙර අවදානය යොමු කරමු.

මුල්ම වරට 2008 දී Aprilia සමගම විසින් මෙම යතුරුපැදිය හදුන්ව ලබා දෙන අතර Supermotared නෙතහොත් අප කව්රුත් පවසන Supermoto ගණයට අයත් වේ. පළමුව EICMA හි මෙය SMV 750 ලෙස ප්‍රදර්ශනය කෙරු අතර මෙම යතුරුපැදිය Aprilia සමගම මීට පෙර නිෂ්පාදනය කෙරු Shiver 750 හි මුලකෘතියට බොහෝ සේ  සම වන ලෙසට නිපදව ඇත. එන්ජින් ධාරිතා තුනකින් පැමිනෙන මෙ යකඩයා  පිලිවෙලින් නිෂ්පාදිත වර්ෂ අනුව 750CC ,1200CC ,සහ 900CC  ලෙසට පෙන්වා දිය හැක. මෙකි සදහන් කල 1200 සහ 900 කාණ්ඩයන් පිලිවෙලින් 2011 සහ 2017 සිට වර්තමානය වන තෙක්  නිෂ්පාදනය වන අතර අද මාතෘකාව වන
750 කාණ්ඩය අවාසනාවකට මෙන් Aprilia සමගම විසින් නවතා දැමීමට තීරණය කොට ඇත.

තවද 750,900 ධාරිතාවෙන් එන Dorsaduro යතුරුපැදි දෙක Supermoto හා Touring යන කාණ්ඩ දෙක යටතේම සැලකුවද 1200 මාදිලිය Touring යතුරුපැදියක් ලෙස පමණක් සලකනවා.

සුපුරුදු ලෙස ප්‍රථමයෙන් අපි මෙම යතුරුපැදියෙහි හදවත දෙසට යොමු වෙමු. Aprilia සමාගම මෙම යතුරුපැදියට ලබා දී ඇත්තේ 749.9CC 90 degree, V Twin, DOHC Four Stroke එක් සිලින්ඩරයකට valves හතර බැගින් intake  සහ Exhaust Valve  අටක් සමග අශ්වබල 92 ජනනය කර ලබා දෙන එන්ජිමකි. උපරිම වේගය 210 kmph වන අතර  0-100 වේගය ලබා ගැනීමට මේ යකඩයාට ගත වන්නේ තප්පර 3.9 වෙනි සුළු කාලයකි. එමෙන්ම මෙහි 900CC කාණ්ඩයේ අශ්වබල 95.2 ලෙස සටහන් වන අතර 1200CC  කාණ්ඩයේ අශ්වබල 130 ක් ලෙසට සටහන් වේ.

මෙහි සිසිලන පද්ධතිය ලෙස ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දී ඇති අතර, ඉතා ඉහල වේගයකදී ගමන් ගන්න විට එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් කර තබා ධාවනය පහසු කිරීමට උපකාරී වනවා.එහෙත් අනතුරකදී යම් හානියක් මෙම පද්ධතියට සිදුවුවහොත් නැවත යථාතත්වයට පත් කර ගැනීමට ඉතා ඉහල පිරිවැයක් දැරීමට සිදුවීමට වේ. මෙය බොහෝ ද්‍රව සිසිලන පද්ධති සහිත යතුරුපැදී වලට සුලභ කාරණයකි.තවද අදාල කාණ්ඩයේ Hypermotard 796 වැනි යතුරුපැදි වලට වඩා සාපේක්ෂව එන්ජිම රත් වීම අවම අතර මීට හේතුව Hypermotard හී එන Oil Cool එන්ජිමට වඩා Dorsaduro හී එන ද්‍රව සිසිලන පද්ධතිය කාර්යක්ෂම වීමයි.

Dorsoduro යතුරුපැදියෙහි ඉන්ධන  සැපයුම EFI ( Electronic Fuel  Injection ) එකක් හරහා සිදුවන අතර මෙයින් උපරිම ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දීමට Aprilia සමාගම උත්සහ කර ඇත.දල වශයෙන් පැට්‍රල් ලීටරයකින් 20 km  වැනි සුළු දුර ප්‍රමාණයක් පමණක් ධාවනය කිරීමට හැකියාව ඇති මෙම යකඩයාට ලීටර් 12 කින් සමන්විත ටැංකියක් ලබා දී ඇත. කෙසේ වෙතත් මෙකි ධාරිතාවයේ Touring මාදිලියේ යතුරුපැදියකට මෙය ලොකු අඩුපාඩුවක් වන අතර දුර ගමන් යාමේදී Rider ව අපහසුතාවයට පත් වන අවස්ථා නැතිවාම නොවේ.

Gear පද්ධතිය ලෙස යොමු උනොත් Wet Multiple Disc Clutch එකක් සමග වේග 6 කින් සමන්විත gear සේකසුමකින් හෙබි Dorsoduro  යතුරුපැදිය ඉතාමත් සුමට ගියර් ඉහල පහල කිරීමක් rider හට ලබා දෙනවා. එමෙන්ම බොහෝ ටුවරින් යතුරුපැදිය වල මෙන් ගියර් අතර Ratio එක මේ යතුරුපැදිය සමඟ ලොකුම තරඟයට සිටිනා Hypermotard යතුරුපැදියට වඩා වැඩි අතර මේ නිසා ගියර් මාරු කල යුතු දුර හා කාලය සාපේක්ෂව වැඩියි. මෙය SM යතුරුපැදියකට වඩා Touring යතුරුපැදියක් ලෙස සලකන්නෙ මෙකී කාරණා නිසායි.

මෙහි Meter පද්ධතිය ලෙස Semi Digital Panel එකක් දැක ගත හැකිය. RPM එක Analog  ලෙසත් Trip, Engine Temperature, Speed, ODO, සහ Time යන අංග ඩිජිටල් ලෙසත් පෙන්නුම් කරයි. එහෙත් මෙහි නවතම 900CC මාදිලියේ TFT panel එකක් දැක ගත හැකිය මන්දයත් නවීන යතුරුපැදි හට මෙවැනි Meter  පද්ධති සවි කිරීම සුලබ බැවැනි. කෙසේ වෙතත් මෙහි අඩුවක් ලෙස Fuel Gauge එකක් ඇතුලත් නොවීම පෙන්වා දිය හැකියි මේ නිසා ධාවකයාට යතුරුපැදියෙහි ඇති ඉන්ධන ප්‍රමාණය අනුමාන කල නොහැකියි. මීටර උඩ ඇති Light එක ඉන්ධන අවසන් වීමට සැතපුම් 30ක් පමණ පැමිණෙන විට දැල්වෙන අතර සැතපුම් 20 පමණ දුර ප්‍රමාණයකදී ඉන්ධන පුරවා ගැනීමෙන් ධාවකයාට අපහසුතාවයට පත් වීමට ඇති ඉඩ අවම වේ.මෙය Supermoto යතුරුපැදියකට විශාල ගැටලුවක් නොවුනද Touring යතුරුපැදියක් සේ සැලකූ කල නම් විශාල අඩුපාඩුවකි.තවද Dorsoduro හි Sport,Rain, සහ Touring යන riding modes තුනක් අන්තර්ගත වේ. එක් එක් riding  modes හී ලබා දෙන එන්ජින් බලය වෙනස් වන අතර rider  හට උපරිම ආස්වාදයක් ලබා දීමට මෙයින් සකසනවා.

මෙහි Frame  එක ලෙස Aprilia විසින් steel  trellis  frame එකක් ලබා දී ඇති අතර ඉතා ඉහල  වේග  වලදී කම්පා සහ දෙදරීම් වලට හොදට ඔරොත්තු දීමට හැකි ලෙස නිම කර තිබේ. යතුරුපැදියේ බරන් අඩු  Aluminium alloy යොදා ඇති නිසා ඉතා ශක්තිමත් සහ වැඩි  බරක් දර සිටීමටද හැකි වනවා. මෙහි මුළු බර 186kg  ලෙස පෙන්වා දිය හැක.

Handling හා Design එක දෙසට යොමු උනොත් 750,900,1200 යන යතුරුපැදි 3ම ප්‍රමාණයෙන් හා සුලු සුලු වෙනස්කම් වලින් වෙනස් වන නමුත් මුලාකෘතිය බොහෝ සෙයින් සමාන වනවා.මෙහි පෙනුම අතින් ගත්තද Supermotard යතුරුපැදි‍යකට වඩා Touring ගණයට සමාන කමක් දක්වනවා. මෙම යතුරුපැදිය හැසිර වීම එනම් Handling පැත්ත ද බොහෝ සෙයින් SM යතුරුපැදියකට වඩා Touring පැත්තට වැඩි නැඹුරු කමක් දක්වනවා. වංගුවල සහ ට්‍රැෆික් ධාවනයේ තරමක් අපහසු බවක් ඇති මෙම Dorsaduro 750 දුර ගමන් වලදී මෙන්ම කෙලින් පාරවල් වල ඉතා සුමට හා සුවපසු ධාවන අද්දැකීමක් ධාවකයා හට ලබා දෙනවා.

Dorsoduro  හි ආසනයෙහි උස 870mm ලෙස පෙන්වා දිය හැකි අතරම තරමක් උසින් අඩු පුද්ගලයෙක්ට මෙම යතුරුපැදිය traffic ධාවනයේදී හැසිරවීමේදී අපහසුතාවයක් පැන නැගේ. Ground clearance 140mm ලෙස ද සටහන් වනවා.

Brakes පද්ධතිය දෙසට යොමු වන විට ඉදිරිපස 320mm Ventilated  Disc දෙකක් සමග පිස්ටන් හතරේ Caliper  දෙකක් ලබා දී ඇති අතර පසුපස Brakes වලට 240mm තනි Disc එකක් සමග තනි පිස්ටන් Caliper  එකක් යොදා තිබෙනවා. මෙමගින් තිරිංග ප්‍රතිචාරය ඉතා ඉහල මට්ටමක පවතින අතර Dual Channel  ABS අන්තර්ගත හෙයින් ඕනෑම මතුපිටක ඉතා ආරක්ෂාකාරී ලෙස යතුරුපැදිය නවත්වා ගැනීමේ වාසිය හිමි වනවා. තවද මෙය අවශ්‍ය විට ක්‍රියා විරහිත කල නොහැකියි. එයද විශාල අඩුවකි මංද ABS ක්‍රියා විරහිත කල නොහැකි SM යතුරුපැදියකින් සම්පූර්ණ SM ආශ්වාදය ලබා ගත නොහැකි නිසා. එමෙන්ම අවශ්‍යම නම් Fues එකක් ඉවත් කර ABS අක්‍රිය කල හැකියි. නමුත් එය තරමක් ගැටලු සහගතයි.එමෙන්ම මෙහි Non ABS මාදිලියක් ද වෙලඳපොලට මුල් කාලයේදි Aprilia සමාඟම නිකුත් කරන ලදි.

Suspension දෙස යොමු උණවිට ඉදිරිපස 43mm upside  down forks (USD) සෙට් එකක් දැක ඇත හැකි අතරම පසුපසට තනි  Aluminium alloy  swingarm එකක් යොදා ඇත. එමෙන්ම ඉදිරිපස සහ පසුපස දෙකම සම්පුර්ණයෙන් සීරුමාරු කල හැකි ලෙසට නිමවා තිබෙනවා.

Tyre  සහ Rims  ගෙන කතා කලොත් ඉදිරිපස 120/70-17 ප්‍රමාණයෙන්ද පසුපස 180/55-17 ප්‍රමාණයෙන්ද යොදා ගෙන තිබෙනවා. සුපෙර්මොටෝ මෙන්ම touring  ගනයටද අයත් වන මෙම යතුරුපැදිය තාර පාරක මෙන්ම ඉතා රළු සහිත පාරක්ද පොලොව සමග හොද සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් සුවපහසු ගමනක් rider  ට මෙන්ම pillion  rider  ට ද ලබා දෙනවා. රිම්ස් ලෙසට Aluminium alloy  rims යොදා ඇති අතර යතුරුපැදිය වංගු වලදී ඉතා මන ලෙස හැසිරවීමේ හැකියාවක් ලබා දෙයි.

අවසාන වශයෙන් මෙම සටහන් කලොත් Ride By Wire තාක්ෂනය පළමු වරට යතුරුපැදි ක්ෂේස්ත්‍රයට හදුන්වා දුන් Aprilia  සමාගම තම නිර්මාණයක් වන මෙම යතුරුපදියටත් ලබා දුන් අතරම 2008 සිට නොකඩවා අවුරුදු 7 ක් පුරාවට බිහිවූ  වූ මෙම යක්ෂයා 2015 දී   නිෂ්පාදනය නවත්වා දමන ලදී. දැනට ලංකාව තුල ධාවනයට නීති විරෝධි වන මෙය හට කරට කර Ducati  Hypermotared  796, MV Agusta Rivale  800, Yamaha XT660 වැනි යතුරුපැදි සිටිනවා දැක ගත හැකිය.මෙය SM හා Touring යන කාණ්ඩ දෙකටම මැදි වූ අපූර්ව ඉතාලි නිෂ්පාදනයක් ලෙසට ද සටහන් කල හැකියි. අවශ්‍යතාව පරිදි SM හෝ Touring යතුරුපැදියක් ලෙසට භාවිතා කල හැකියි.

මෙම යතුරුපැදියේ නීත්‍යානුකූල ලියාපදිංචි මිල ලක්ෂ 13-14 අතර වන වාත් සමගම ලියාපදිංචි නොකල යතුරුපැදියක මිල ලක්ෂ 6-8 අතර පරාසයකට විහිදෙනවා.

යතුරුපැදිය ගැන අදහසක් පහල තියෙන Photos බලලා අදහසක් ගන්න අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©











No comments:

Post a Comment