හැඩකාර වැඩකාර Yamaha YZF-R6 ගැන දැනගමු - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, November 24, 2019

හැඩකාර වැඩකාර Yamaha YZF-R6 ගැන දැනගමු


මීට පෙර අපි YZF-R1, R3, R15 වැනි YZF පරපුරේ පුරුක් ගැන කතා කලා. අද කතා කරන්න යන්නේ YZF-R1 හී බාල සොහොයුරු YZF-R6 ගැනයි.

සුපුරුදු ලෙස යතුරුපැදියෙහි ඉතිහාසය ගැන සහ යතුරුපැදිය ගැන කෙටි සටහනක් තැබුවහොත් මුල් වරට මේ යතුරුපැදිය කරළියට එන්නේ 1998 වසරේ දී YZF-R1 යතුරුපැදිය කරළියට ගෙන ඒමට සමගාමිවය.එකල වූ යතුරුපැදිය අතර Stock එන්ජිම එනම් කිසිදු වෙනස් කිරීමකට ලක් නොකරන ලද කර්මාන්තශාලාවෙන් ඒ ආකාරයටම එලියට එන එන්ජිමක් තුලින් අශ්වබල 100ක බලය පසු කිරීමට හැකි වූ ප්‍රථම 600cc යතුරුපැදිය ලෙසට සැලකෙන්නේ ද මේ R6 යතුරුපැදියයි. එමෙන්ම Super Sport කාණ්ඩයේ යතුරුපැදි තරඟ වලින් ද, Isle Of Man වැනි තරඟ වලද නම් තබා ඇති යතුරුපැදියක් ලෙසට මෙය සැලකිය හැකියි.

මේ යතුරුපැදිය 1998 දී කරළියට ඒමෙන් පසුව මූලික වශයෙන් 2001,2003,2006,2008 සහ 2017 වසර වල වෙනස්වීම් වලට ලක් විය. (ඡායාරූප පොස්ටුව අවසානයේ දක්වා ඇත)

මේ යතුරුපැදිය ගැන Review එක ගෙන ඒමේ ප්‍රථම පරිච්ඡේදය ලෙස මෙහි එන්ජිම දෙසට අවධානය යොමු කරමු. මෙහි එන්ජිම ලෙසට 599cc ධාරිතාවයෙන් එන සමාන්තර සිලින්ඩර 4ක වෑල්ව 16ක DOHC සිව් පහර එන්ජිමක් යොදාගෙන ඇත. මීට පෙර වසර වලදි ඉතාම දශම ගණනකින් මේ එන්ජිමෙහි ධාරිතාවය අඩු අගයක තිබුනි.

මේ එන්ජිම සතු උපරිම බලය 1998 වසරේ දි අශ්වබල 108ක් 12,500RPM හීදීත් 2008 වන විට අශ්වබල 127.3ක් 14,500RPM හී දීත් ලෙසට වැඩි වූ නමුත් 2017 සිට අද දක්වා කරළියට එන R6 යතුරුපැදි අශ්වබල 116.8ක් පමණක් 14,500RPM හී දී ජණනය කරයි. කෙසේ වෙතත් 1998 සිට 2016 දක්වා නිෂ්පාදනය කල සියලුම R6 යතුරුපැදි වලට වඩා 2017 සිට එන R6 යතුරුපැදියෙහි උපරිම වේගය වැඩිය. මේ 2017 සිට අද දක්වා එන R6 යතුරුපැදියකට ඉතා පහසුවෙන් තත්පර 3කදි පැයට කිලෝමීටර් 100ක වේගය ද පැයට කිලෝමීටර් 260ක වේගය ද පසු කිරීමේ හැකියාව ඇත.

එමෙන්ම මේ R6 යතුරුපැදියෙහි සිසිලන පද්ධතිය ද්‍රව සිසිලන පද්ධතියකින් සමන්විත වේ. මේ නිසා ඉහල වේගයන් හී එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් වන අතරවාරයේ මාර්ග තදබදය සහ අඩු වේගයක ගමන් කරනා අවස්ථාවන් හී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන Radiator Fan හරහා එන්ජිම හැකි තරමක් සිසිල් කර ගනී. මීට අමතරව හෙඩ් ලයිට් දෙක මැදින් ඇති Ram Air Intake එක මගින්ද වාතය එන්ජිම හරහා ගමන් කිරීමට මඟ සලසා දෙනු ලබයි.

ඉතාම සුමට ධාවනයකට ඉඩ දෙන එන්ජින් නිර්මාණයට උපන් හපන් යමහා, මේ සිලින්ඩර 4ක එන්ජිම 2006 සිට YCC - T Ride By Wire තාක්ෂණය ද 2008 දී තවත් වැඩි දියුණු කරන ලද YCC - I ඉන්ටේක් පද්ධතියක් ද එකතු කරන ලදි. මේ නිසා ඉතාම හොඳින් ඉහල වේගයන්ට ලගා වීමටත් හොඳ Throttle Response එකක් ලබා ගැනීමටත් පහසුවෙන් වේගය පාලනය කර ගැනීමටත් සහ හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවක් ලබා ගැනීමට හැකි විය.

මෙහි ඉන්ධන සැපයුම 2002 වසර දක්වා CV Carburettor එකක් හරහා සිදු වූ අතර 2003 වසරේ සිට Fuel Injection තාක්ෂණය යොදා ගන්නා ලදි. ඉන් පසුව තව දුරටත් Yamaha Chip Control (YCC) තාක්ෂණය ද මුසුකොට 2006 සිට අද දක්වා එන R6 නිර්මාණය කිරීමට Yamaha සමත් විය. මේ නිසා ඉතාම හොඳ ධාවන තත්වයක් යතුරුපැදිය ට ඇතිවිය. කොටින්ම 2003 පෙර යතුරුපැදියක් සහ 2008 පසු යතුරුපැදියක් ධාවනය කල හොත් ඇගට දැනෙන වෙනස්කම් බොහෝමයක් නිරීක්ෂණය කරගැනීමට හැකි වනු ඇත.

මීලඟට මෙහි ඉන්ධන කාර්යක්ෂමතාව හා ධාරිතාවය ගැන සටහන් කලොත් සාමාන්‍යක් ලෙස පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 18ත් 15ත් අතර පමණ දුරක් ධාවනයට ඉඩ සලසා දෙන බවට පැවසිය හැකියි. කෙසේ වෙතත් යම් අයෙකු Super Sport කාණ්ඩයෙන් යතුරුපැදියක් ගන්නේ ඉන්ධන කාර්යක්ෂමතාව ගැන වද වීමට නොව වේගය ලබා ගැනීමේ අරමුණෙන් බව මතක් කල යුතුය. මෙහි ඉන්ධන ධාරිතාවය ලීටර 17ක් ලෙසට ද සඳහන් වේ.

වේග 6ක ගියර් පද්ධතියකින් එන මේ R6 හට 2008 සිට Slipper Clutch එකක් ද භාවිතා කරන ලදි. මේ නිසා ඉතාම සුමටම ගියර් මාරු කර ගැනීමේ හැකියාව ධාවකයා හට ලැබුනි.

ධාවනයේදි ඇති සුවපහසු බව ගැන සහ හැසිරවීම ගැන කතා කලොත් CBR 600 සහ Ninja ZX6, GSX600R වැනි යතුරුපැදිය වලට සාපේක්ෂව තරමක් උසින් වැඩි මෙන්ම Aggressive Riding Style එකකින් සමන්විතයි. මේ නිසා උසින් අඩු අයෙකුට Traffic ධාවනය තරමක් හුරු වෙනතෙක් අපහසුයි. එමෙන්ම අඩු වේගයන් හී තරමක් හසුරුවා ගැනීම ද අපහසුයි. නමුත් ඉහල වේගයන්හීදි ඉහත සඳහන් කල සියලුම යතුරුපැදි වලට වඩා හොඳ ස්ථාවරභාවයක් සහ පහසුවක් ධාවකයා හට R6 ලබා දෙනවා.

මෙරට වැඩි වශයෙන් දැකගත හැක්කේ 2006 සිට ඇති R6 යතුරුපැදි වන අතර 2006 සිට අද දක්වා එන R6 යතුරුපැදි වල සීට් එකෙ සිට පොලවට ඇති උස ( Seat Height ) අඟල් 33.5ක් ලෙසට සටහන් වනවා. එමෙන්ම යතුරුපැදියෙහි සම්පූර්ණ බර 190KG ලෙසට සටහන් වනවා.

මෙහි Meter එක නිෂ්පාදන වර්ශය අනුව සුලු වශයෙන් වෙනස් උන නමුත් එහි අන්තර්ගත වූ තොරතුරු වල වැඩි වෙනසක් නොවීය. Semi Digital Meter එකක් වු මෙහි Speed,RPM,ODO,Trip,Engine Temperature වැනි තොරතුරු පෙන්නුම් කරන ලදි.පසුව 2017 දී R1 (2014) යතුරුපැදියෙහි මීටර් එකට සමාන Meter එකක් යොදාගන්න ලදි. මෙහි Gear Position Indicator එක ද ඇතුලත් විය.

ව්ශේෂ කරුණු :- 2006 වසරේ වෙළඳපොලට නිකුත් කල R6 යතුරුපැදියෙහි Techo Meter එක එනම් RPM මීටරයෙහි ගැටලුවක් විය එනම් Redline එක 17,500RPM හී පෙන්නුම් කිරීමයි.එය කිසිසේත්ම 600cc සිලින්ඩර 4 inline  යතුරුපැදියකට තිබිය නොහැකි Redline එකකි.පසුව මෙහි සැබෑ Redline එක 15,800RPM වල බවත් 17,500RPM නොවන බවත් Yamaha 2006 පෙබරවාරි මස ප්‍රකාශයට පත් කරන ලදි.

මෙහි Chassis එක ලෙස Deltabox Aluminum Chassis එකක් ද මැග්නිසියම් ආලේපිත Sub Fram එකක් ද යොදාගෙන ඇත මේ නිසා ඉහල වේගයක් හි හොඳ ස්ථාවරබවක්, අඩු දෙදරීමක්, මෙන්ම රේස් පථයන් හී පහසුවෙන් යතුරුපැදිය හැසිරවීමේ පහසුව ද ලැබි තිබෙනවා.

Brake පද්ධතිය දෙසට අවධානය යොමු කලොත් 2008 සිට එන යතුරුපැදිය සඳහා 320mm Disk දෙකක් ද පසුපස 220mm Disk එකක් ද යොදාගෙන ඇත.එමෙන්ම 2017 සිට Dual Channel ABS ද Yamaha මේ R6 සඳහා ලබා දුන් නමුත් R1 හි මෙන් මෙහි ABS පහසුවෙන් ක්‍රියා විරහිත කිරීමේ හැකියාව නොමැත.

Suspension වශයෙන් 2004 වසර දක්වා 43mm Telescopic Forks ද 2005 පසුව 41mm USD Forks ද යොදා ගන්නා ලදි. පසුව 2008 සිට 2016 දක්වා 41mm USD Forks ඉදිරිපස යොදාගත් අතර 2017 සිට 43mm Adjustable USD Forks යොදා ගන්නා ලදි. මේ USD Suspension නිසා ඉතා හොඳින් යතුරුපැදිය හසුරුවා ගැනීමටත් වංගු වල ස්ථාවර වීමටත් සුවපහසුව ධාවන කිරීමටත් හැකියාව ලැබී ඇත. මීට අමතර පසුපස Mono Suspension යොදා ගෙන ඇත.

Tyres ගැන අවධානය ලබා දුන්නොත් ඉදිරිපස 120/70 ප්‍රමාණයෙන් Tubeless Tyre එකක් ද පසුපස 180/55 ප්‍රමාණයෙන් Tubeless Tyre එකක් ද අඟල් 17 රිම් යුගලයක් ද යොදාගෙන ඇත. එමෙන්ම මේ යතුරුපැදිය සඳහා Michelin, Dunlop වැනි ටයර් නිශ්පාදකයන් විසින් නිර්දේශ කරනු ලබයි.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන සටහන් කලොත් මේ යතුරුපැදිය විශාල වශයෙන් වෙනස් වීමකට ලක් වන්නේ 2017 වසරේ දීය. YZF-R1 අභාශය ලබා ගත් නව R6 යතුරුපැදිය Dual ABS, LED Lights, Traction Control, Riding Modes වැනි නව ඉලෙට්‍රොනික පැකේජයකින් සමවිතව එය වෙලඳපොලට නිකුත් වූ අතර මිල ඇමරිකානු ඩොලර් 12,000 පමණ විය.

මේ යතුරුපැදිය සමඟ තරඟයට Honda CBR600RR, Kawasaki ZX600R, Suzuki GSX600R, Triumph Daytona 675 වැනි යතුරුපැදි සිටින අතර මේ යතුරුපැදියක මෙරට මිල රුපියල් ලක්ෂ 6.50 සිට  ලක්ෂ 16 පමණ පරාසයක විහිදේ. ලියාපදිංචි කර නොකර ඇති තත්වය, නිෂ්පාදිත වර්ශය වැනි කරුණු මත මිල පදනම් වේ.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න. බයික් එක පිලිබඳ අදහසක් පහත ඡායාරූප වලින් ලබා ගන්න.


Wandi - වණ්ඩි©

























No comments:

Post a Comment