සරාගී MV Agusta F3 ගැන සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Friday, August 14, 2020

සරාගී MV Agusta F3 ගැන සිංහලෙන්



අද මාතෘකාව වෙන්නේ Supersport යතුරුපැදි කාණ්ඩයේ එහෙමත් නැත්නම් 600cc-800cc කාණ්ඩයේ යතුරුපැදි අතර සුපිරිම යතුරුපැදියක් වෙන MV Agusta F3 යතුරුපැදියයි. මේ යතුරුපැදියේ ඉතිහාසය ගැන ප්‍රථමයෙන් සටහනක් තබා ලිපිය ආරම්භ කරන්නම්.

ඉතිහාසය


2010 වසරේ දී EICMA රථවාහ ප්‍රදර්ශනයේදි මුල් වරට එලි දක්වන මේ යතුරුපැදිය නිර්මාණය කරන්නේ Adrian Morton විසිනී එමෙන්ම මෙහි එන්ජිම නිර්මාණය කරන්නේ Ezio Mascheroni විසිනි. 2010 දී Concept යතුරුපැදියක් ලෙසට Agusta F4 හි අභාශයෙන් නිර්මාණය කරනා මේ යතුරුපැදිය මුල් වරට වෙළෙඳපොළට නිකුත් වන්නේ 2012 වසරේ දීය. ඉන් වසරකට පසු එනම් 2013 දී මෙහි 800cc එන්ජිම සහිත මාදිලිය ද වෙලඳපොලට නිකුත් විය.

Engine


මේ යතුරුපැදිය නිශ්පාදනය කල කාලයේ පමණක් නොව වර්තමානයේ ද ඇති බලගතුම සහ වේගවත්ම Middle weight කාණ්ඩයේ එන්ජිමක් මේ යතුරුපැදියට සතු අතර මෙය ඉතාම සුමට සමාන්තර සිලින්ඩර 3ක වෑල්ව 12ක එන්ජින් සැකස්මට නිර්මාණය කර ඇත. මෙහි 675 මාදිලියට 675cc එන්ජිමක් ද 800 මාදිලියට 800cc ධාරිතාවයක එන්ජිමක් ද යොදාගෙන ඇති අතර පිලිවෙලින් මේ එන්ජින් අශ්වබල 126ක් සහ 148ක් ජණනය කරනු ලබයි. එමෙන්ම පැයට කිලෝමීටර් 240 ඉක්මවන වේගයක් ලබා දෙයි.

එමෙන්ම මෙහි එන්ජිම මොටෝජීපී යතුරුපැදි එන්ජින් වලින් ලබා ගත් ආභාශයෙන් එන Counter rotating crank shaft එකකින් සමන්විත වනවා.

Cooling System 

මෙම එන්ජිම සමාන්තර සිලින්ඩර 3ක තම සියලුම බලය 14,000-15,000rpm අතර ජණනය කරනා වේගවත් එන්ජිමක් වන නිසා ඉතා ඉක්මනින් ඉහල තාපයක් ජණනය කරනවා. මෙය පාලනය කර ගැනීම සඳහා Agusta විසින් ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති අතර යතුරුපැදියෙහි Fairing මගින් සහ Air Intake මගින් ද එන්ජිම උපරිමයෙන් සිසිල් කර ගැනීමට උපකාර වන අන්දමට සකසා ඇත.

Gears & Clutch

වේග 6ක  ගියර් පද්ධතියක් මේ යතුරුපැදියට යොදා ගැනීමට අගුස්තා තීරණය කර ඇති අතර මේ ගියර් පද්ධතිය ඉතාම සුමට ලෙස ගියර් උඩ පහල කිරීමට උපකාර වනවා. එමෙන්ම මේ යතුරුපැදියට අවශ්‍ය නම් Quick Shifter එකක් ද එකතු කර ගැනීමේ අවස්ථාව ලබා දී තිබෙනවා එමගින් යතුරුපැදියේ ක්ලච් ලිවරය භාවිතා නොකර ගියර් උඩ පහල මාරු කිරීමේ හැකියාව ධාවකයා හට ලැබෙනවා.

Electronic Package 



මේ යතුරුපැදිය නිශ්පාදනය කල වර්ශයේ 600-800 කාණ්ඩයේ යතුරුපැදියකට ලොව තිබු දියුණුතම තාක්ෂණය මේ යතුරුපැදියට යොදාගෙන තිබුණි එකල වූ ඉහල පෙලේ යතුරුපැදි වන Yamaha YZF-R6, Honda CBR600RR, Suzuki GSX600R, Kawasaki Ninja 600  වැනි යතුරුපැදි වලද ABS පවා අඩංගු වූයේ කලතුරකිනි. නමුත් මේ MV Agusta F3 යතුරුපැදිය අංගසම්පූර්ණ ABS පද්ධතියකින්, Riding Modes වලින් සහ Ride by Wire තාක්ෂණයෙන් මෙන්ම මට්ටම් 8ක Traction Control වලින් බල ගන්වා ඇත.

Design 




MV Agusta F3 යතුරුපැදිය දුටු සැනින් ඕනෑම අයෙකුගේ අවධානය දෙවරක් එල්ලවන තරමට සරාගි ලෙස නිර්මාණය කිරීමට ඒඩ්‍රියන් මෝටොන් මහතා සමත්ව තිබෙනවා. Agusta F4 වැඩිමල් සොහොයුරාගේ ආභාශයෙන් එන F3 හුරුබුහුටි නමුත් වේගවත් යතුරුපැදියක් ලීටර 17ක ඉන්ධන ටැංකිය, පැති කණ්ණාඩි වලටම සවි වූ සිග්නල් ලාම්පු, F4 ආකාරයේ එයා ඉන්ටේක් සමගින් එන Headlight එක මෙන්ම ට්‍රෙලිස් චැසිය සහ එක් පසෙකට පමණක් යොදාගෙන ඇති Swing arm එක මේ යතුරුපැදියෙහි අලංකාරය වැඩි කිරීමට විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා.

යතුරුපැදියෙහි සීට් උස අඟල් 31.6 ද බර කිලෝග්‍රැම් 173ක්ද වන අතර ඕනෑම උසක කෙනෙකුට ඉතාම පහසුවෙන් හැසිරවිය හැකි අන්දමට මේ යතුරුපැදිය නිර්මාණය කර තිබෙනවා.

ඉන්ධන සැපයුම සහ කාර්යයක්ෂමතාවය

මේ යතුරුපැදිය ටElectronic Fuel Injection තාක්ෂණයෙන් එන්ජිමට ඉන්ධන සහ දහන පෝෂක ලබා දෙන අතර පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 15ත් 20ත් අතර ඉන්ධන කාර්යයක්ෂමතාවයක් ලබා ගැනීමට හැකි වී තිබෙනවා. නමුත් මෙහි එන්ජිම සහ අනෙකුත් උපාංග වැඩි බලයක් සහ වේගයක් ලබා ගැනීමට වෙනස් කලහොත් මේ ඉන්ධන කාර්යයක්ෂමතාවය සැලකිය යුතු මට්ටමකින් අඩු වනවා.

Brakes & Suspension 

තිරිංග පද්ධතිය කලෙස ඉදිරිපස 320mm Disk දෙකක් සමඟ බ්‍රෙම්බෝ පිස්ටන් 4ක කැලිපර ද පසුපස 220mm disk එකක් සමඟ තනි පිස්ටන් කැලිපරයක් ද යොදාගෙන ඇති අතර නවතම F3 මාදිලියේ යතුරුපැදි සඳහා Anti Lock Braking System එනම් ABS ද යොදාගෙන තිබෙනවා.


Suspension ලෙසට ඉදිපස 43mm Hydraulic Up side down fork යුගලයක් යොදාගෙන තිබෙන අතර නවතම මාදිලිවල සහ Limited මාදිලි වල Ohilins සන්නාමයෙන් Suspension යොදාගෙන තිබෙනවා. එමෙන්ම පසුපස ද Hydraulics Mono suspension පද්ධතියක් යොදාගෙන තිබෙනවා.

Tyres

ඉදිපස 120/70 ලෙස ද පසුපස 190/55 ප්‍රමාණයෙන් ටයර් යොදාගෙන තිබෙන අතර මෙමගින් ඉහල වේගයන් වල සහ වංගු වල හොඳ ස්ථාවර භාවයක් ලැබී තිබෙනවා. තවද යතුරුපැදියෙහි වීල් ප්‍රමාණය අඟක් 17ක් වනවා.

සාරාංශය 

පුරා වසර 8ක් පුරාවට කරළියේ සිටින මේ F3 මාදිලියෙන් 675 සහ 800 කාණ්ඩයෙන් යතුරුපැදි නිශ්පාදනය වූ අතර මේ යතුරුපැදි සාර්ථකව අලෙවි විය එමෙන්ම Limited සහ Special මාදිලි කිහිපයක් ද MV Agusta නිකුත් කරන ලදි. Yamaha YZF-R6, Honda CBR600RR, Kawasaki ZX6, Triumph Daytona 675 වැනි යතුරුපැදි සමඟ තරඟයට සිටින මේ යතුරුපැදිය කැපි පෙනෙන හුරුබුහුටි වේගවත් යතුරුපැදියකි. මෙහි මෙරට මිල රුපියල් ලක්ශ 12ක් පමණ වන අතර ලියාපදිංචි කරන ලද යතුරුපැදියක් රුපියල් ලක්ශ 18 පමණ වනවා.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

ඉහත සඳහන් මිල ගනන් දැණුම්දීමකින් තොරව වෙනස් විය හැකියි.

Wandi - වණ්ඩි©

No comments:

Post a Comment