වත්මන් MotoGP ධාවකයන් සහ කණ්ඩායම් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Saturday, October 31, 2020

වත්මන් MotoGP ධාවකයන් සහ කණ්ඩායම්

 



මීට පෙර ලිපියෙන් MotoGP යතුරුපැදියක් Street Bike එකකින් වෙන වෙන අන්දම සහ MotoGP ගැන කෙටි හැඳින්විමකුත් කලා ඒ ලිපිය කියවන්න Click කරන්න.


වර්තමානයේ MotoGP Premier Class එනම් 1000cc කාණ්ඩයේ ලෝක ශූරතාවය වෙනුවෙන් ධාවකයන් 22ක් කාණ්ඩායම් 11ක් නියෝජනය කරමින් ධාවනයේ යෙදෙනවා. එමෙන්ම මේ කණ්ඩායම් 11 සඳහා Honda,Ducati,Yamaha,Suzuki,KTM සහ Aprilia යන යතුරුපැදි නිශ්පාදකයන් යතුරුපැදි නිෂ්පාදනය කරනවා.


මේ කණ්ඩායම් 11 මූලික වශයෙන් කොටස් 2කට බෙදා වෙන් කල හැකියි. ඒ Factory Teams ලෙස සහ Independent/Satellite Teams ලෙසිනුයි. 




Factory Teams


ෆැක්ටරි කණ්ඩායම් සඳහා කෙලින්ම යතුරුපැදි නිශ්පාදකයාගේ අනුග්‍රහය ලැබෙනවා. එමෙන්ම එම වර්ශයට අදාල දියුණුතම තාක්ෂණයෙන් ඔවුන්ගේ යතුරුපැදි බල ගැන්වෙන අතර වැඩි වශයෙන් ප්‍රධාන පෙලේ අනුග්‍රහයන් අනුග්‍රහය දක්වනවා. මේ නිසා සැටලයිට් කණ්ඩායමකට වඩා වැඩි පිරිවැයක් දැරීමටත් GP පථයේ සුපිරිම සහ මිල අධිකම ධාවකයන් තම කණ්ඩායමට ගැනීමටත් මොවුන් හට මූල්‍යමය වශයෙන් ද ඉහල හැකියාවක් පවතිනවා.


වර්තමාන MotoGP පථයේ Factory කණ්ඩායම්,ඔවුන්ගේ ධාවකයන් සහ යොදාගන්නා යතුරුපැදි ගැන අවධානය යොමු කරමු.


Repsol Honda 




මාක් මාකස් (93)

ඇලෙක්ස් මාකස් (73)

යතුරුපැදිය : Honda RC213V GP20




Monster Energy Yamaha Motor Racing 




වැලන්තිනෝ රොසි (46)

මෙවරික් විඤාලස් (12)

යතුරුපැදිය : Yamaha YZR-M1 GP20




Factory Ducati Team




අන්ද්‍රේ ඩොවිසියොසො (04)

ඩැනිලෝ පෙටෘචි (09)

යතුරුපැදිය : Ducati Desmosedici GP20




Team SUZUKI ECSTAR 



ඇලෙක්ස් රින්ස් (42)

ජුආන් මියර් (36)

යතුරුපැදිය : Suzuki GSX-RR GP20



Red Bull KTM Factory Racing 




පෝල් එස්ප්‍රාගාරො (44)

බ්‍රැඩ් බින්ඩර් (33)

යතුරුපැදිය : RC16 GP20




Satellite Teams


සැටලයිට් කණ්ඩායම් ෆැක්ටරි කණ්ඩායම් වලින් යතුරුපැදි බද්දට හෝ මිලට ගනිමින් තරඟයට සහභාගි වන අතර විශේෂ ඉල්ලීමක් හෝ ෆැක්ටරි කණ්ඩායම් වල තීරණයකට හැරුණ කොට බොහෝ අවස්ථා වල Factory කණ්ඩායමේ යතුරුපැදි වලට වඩා වසරක් පැරණි යතුරුපැදි භාවිතා කරනු ලබනවා. එමෙන්ම බොහෝ විට නවක GP ධාවකයන් සැටලයිට් කණ්ඩායම් හරහා GP පථයට අවතීරණ වන අතර ඔවුන්ගේ දක්ශතාවයන් පිළිබඳව Factory කණ්ඩායම් සැහීමකට පත් වේ නම් එලබෙන Season එකෙදි Factory කණ්ඩායම් වෙත බඳවාගනු ලබනවා.


වර්තමානයේ MotoGP පථයේ සිටිනා Satellite කණ්ඩායම් ගැන අවධානය යොමු කරමු.


Petronas Yamaha SRT




ෆැබියෝ ක්වාටර්රාරෝ (20)

ෆ්‍රැන්කෝ මොර්බඩෙලි (21)


මේ කණ්ඩායම යතුරුපැදිය ලෙසට Yamaha YZR-M1 යතුරුපැදිය භාවිතා කරන අතර මෝර්බඩෙලි 2019 යතුරුපැදියක් ද ෆැබියෝ 2020 යතුරුපැදියක් ද භාවිතා කරනු ලබනවා. එමෙන්න 2021 වසර වෙනුවෙන් ෆැබියෝ Monster Energy Yamaha Factory කණ්ඩායම සමඟ එක් වීමට ගිවිසුම් ගතවීද හමාරයි.


Pramac Ducati 



ජැක් මිලර් (43)

ෆ්‍රැන්සෙස්කෝ 'පෙකො' බඤ්ඤයා (63)


මොවුන් දෙදෙනාම Ducati Desmosedici GP20 යතුරුපැදිය භාවිතා කරන අතර 2021 වසරේ Factory Ducati කණ්ඩායමට එක් වීමට දෙදෙනාම ගිවිසුම් ගතවී අවසන්.


LRC Honda




කැල් ක්‍රච්ලොව් (35)

ටකාකි නකගාමි (30)


ටකාකි Honda RC213V 2019 යතුරුපැදියක් ධාවනය කරනා අතර RC213V 2020 යතුරුපැදියක් ක්‍රච්ලොව් ධාවනය කරනු ලබනවා. එමෙන්ම ලබන වසරේදි හොන්ඩා රේසිං කෝපරේශන් එක විසින් LRC කණ්ඩායමේ ධාවකයන් දෙදෙනා හටම 2021 Factory යතුරුපැදිය ලබා දීමට තීරණය කර තිබෙනවා. මේ කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රහකයන් 2 සිටින අතර නකගාමි හට Idemitsu ද ක්‍රච්ලොව් හට Castrol ද අනුග්‍රහය දක්වනවා.


Red Bull KTM Tech 3 





මිගෙල් ඔලිවේරා (88)

ඊකර් ලැකුආනා (27)


මොවුන් දෙදෙනාම KTM RC16 2020 යතුරුපැදි ධාවනය කරනා අතර ඔලිවේරා 2021 වසරේදි Factory KTM කණ්ඩායම වෙනුවෙන් ධාවනය කිරීමට නියමිතයි.


Esponsorama Racing 




යෝහාන් සාර්කෝ (05)

ටීටො රබාට් (53)


මේ කණ්ඩායම Ducati Desmosedici 2019 යතුරුපැදි භාවිතා කරනු ලබනවා.


Aprilia Racing Team Gresini 




ඇලෙයිශ් එස්ප්‍රගාරො (41)

අන්ද්‍රේ ඉනෝනී (29)


මේ කණ්ඩායම Gresini සමඟ හවුලේ සැටලයිට් කණ්ඩායමක් ලෙසට GP ඉසව්ව වෙනුවෙන් තරඟ වදින අතර Aprilia Satellite සහ Factory යන අංශ දෙකටම ජිපි ඉසව්වෙන් ඇත්තේ මේ කණ්ඩායම පමණි. මොවුන් Aprilia RS-GP 2020 යතුරුපැදි භාවිතා කරනා අතර 2022 වන විට ෆැක්ටරි කණ්ඩායමක් ලෙසට තරඟයට එලඹීමටත් තවත් සැටලයිට් කණ්ඩායමක් නිර්මාණය කිරීමටත් ඔවුන් සැලසුම් කරමින් සිටිනවා.


මොවුන්ගේ නිල ධාවකයන් දෙදෙනාගෙන් එක් අයෙකු වන අන්ඩ්‍රේ ඉනෝනී තහනම් උත්තේජක ලබා ගැනීමට වරදකරු වී වසර 4ක FIM යටතේ ඇති තරඟ තහනමකට ලක් වීම නිසා මොවුන් ගේ Test Rider වන Bradly Smith මුලු 2020 Season එක පුරාවටම ඉනෝනි වෙනුවට ධාවනය කරනු ලැබුවා. 


මීලඟට අපි මේ Test rider එහෙමත් නැත්තම් Development Rider කෙනෙකුගේ කාර්යභාරය ගැන සහ ඒ ඒ යතුරුපැදි නිශ්පාදකයාගේ ටෙස්ට් රයිඩර් හඳුනා ගනිමු.


MotoGP යතුරුපැදි නිළ ධාවකයන් තරඟ බිමට ගෙන යෑමට පෙර පරික්ශා කරනා සහ එම යතුරුපැදියෙහි අඩුපාඩු පිලිබඳව යතුරුපැදි නිශ්පාදකයා දැනුවත් කරමින් සාර්ථකව දියුණු කිරීමට උපකාර වන්නේ Test Rider ගේ ප්‍රතිචාරයයි. නිල ධාවකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරය සහ ටෙස්ට් රයිඩර් ගේ ප්‍රතිචාරය මත යතුරුපැදිය නිශ්පාදනය කරනා Factory කණ්ඩායම් මේවා Test Rider වරුද  නිල ධාවකයන් ද යොදාගෙන Pre Season එනම් එලඹෙන නව සීසන් එක වෙනුවෙන් නව යතුරුපැදි පරික්ශා කරනා කාලසීමාව තුල පරික්ශා කර ගැලපෙනම ලෙසට සුසර කර රේසිං සීසන් එක වෙත රැගෙන එනවා.


Test Rider කෙනෙකු වශයෙන් විශාල සේවයක් කල ධාවකයන් ලෙස දෙවතාවක් MotoGP ලෝක ශූර වූ කේසි ස්ටෝනර් සහ අති දක්ශ ධාවකයෙකු වන ඩැනි පෙඩ්‍රෝසා පෙන්වා දිය හැකියි. කේසි විසින් Desmosedici සහ RC213V යතුරුපැදිය දියුණු කිරීමට විශාල දායකත්වයක් ලබා දුන් අතර ඩැනි පෙඩ්‍රෝසා KTM RC16 යතුරුපැදිය දියුණු කිරීමට විශාල සේවාවක් ඉටු කරන ලදි.


වර්තමානයේ කණ්ඩායමකට අවම වශයෙන් පරීක්ශක ධාවකයන් දෙදෙනෙකු සිටින අතර බොහෝ විට ප්‍රධාන පරීක්ශක ධාවකයා වසරේ වැඩි හරියක් යතුරුපැදිය දියුණු කිරීමටත් සහ නිළ ධාවකයෙකු අනතුරකට හෝ අසනීපයකට හෝ යම් ආකාරයකට තරඟ කිරීමට බැරි අවස්ථාවකට පත් වූ විට එම හිඩස පිරවීමට යොදාගනු ලබයි.


Honda Test Rider




ස්ටෙෆාන් බ්‍රැඩ්ල් (06)


හොන්ඩා ප්‍රධාන නිළ පරීක්ෂක ධාවකයා වන ස්ටෙෆාන් බ්‍රැඩ්ල් මේ වසරේ අනතුරකට පත්වී විවේක ගන්වා සිටින මාක් මාකස් වෙනුවට 2020 සීසන් එක පුරාවටම ධාවනයේ යෙදේ.


Yamaha Test Rider




හෝර්හේ ලොරෙන්සො (99)


3 වතාවක් යමහා වෙනුවෙන් ලෝකශුරතාවය ගෙන ආ ලොරෙන්සො වත්මන් ප්‍රධාන යමහා පරීක්ෂක ධාවකයා ලෙසට කටයුතු කරනු ලබනවා.


Suzuki Test Rider




සිල්වෛන් ගුයින්ටොලි (50)


2014 වසරේ ඇප්‍රිලියා වෙනුවෙන් ලෝක සුපර් බයික් ශූරතාවය දිනාගත් මොහු වර්තමානයේ සුසුකි යතුරුපැදිය දියුණු කිරීමට විශාල දායකත්වයක් දක්වා ඇත.


Ducati Test Rider





මිකේලෙ පිරො (51)


වර්තමානයේ ඩුකාටි ටෙස්ටි රයිඩර් ලෙසට කටයුතු කරනා මොහු පසුගිය වසරේ සහ මේ වසරේ ඩොවිසියෝසො සහ පෙකො වෙනුවෙන් කීප වරක් Desmosedici යතුරුපැදිය ධාවනය කර යම් ප්‍රසාද  ලකුණු ගණක් උපයා ගන්නා ලදි.


KTM Test Rider




ඩැනි පෙඩ්‍රෝසා (26)


ඉතා කෙටි කාලයක් තුල සාර්ථක උන කණ්ඩායමක් ලෙසට KTM පෙන්වා දිය හැකි අතර එම සාර්ථකයට ප්‍රධානම හේතුවක් ලෙස 2019 දී KTM නිළ පරීක්ෂක ධාවකයා ලෙසට එක් වුන ඩැනි පෙඩ්‍රෝසා පෙන්වා දිය හැකියි. තම වසර 12ක GP තරඟ ඉතිහසයේ එක් වසරක වත් ලෝකශුරතාවය ලබා ගැනීමට නොහැකි වූ නමුත්  ජයග්‍රහණ 31ක් ද පෝඩියම් 112ක් ද ප්‍රසාද ලකුනු 3087ක් ද Repsol Honda හට උපයා දීමට ඔහු සමත් විය. ඔහුගේ අද්දැකීම් සහ පලපුරුද්ද යොදාගනිමි KTM මේ වසරේ තම යතුරුපැදිය ඉතා හොඳින් වැඩි දියුණු කරන ලදි.


Aprilia Test Rider



බ්‍රැඩ්ලි ස්මිත් (38)


ඇප්‍රිලියා පරීක්ෂක ධාවකයා වන බ්‍රැඩ්ලි ස්මිත් වසර 4ක තරඟ තහනමකට ලක්වී ඇති නිළ ධාවක ඉනෝනිගේ අඩුව පිරවීමට ධාවනයේ යෙදන අතර ලබන වසරේදී බොහෝ දුරට ඔහුව නිළ 2021 ඇප්‍රිලියා ධාවකයෙකි කිරීමට ඉඩක් ඇත.


ඔබට MotoGP කණ්ඩායම් සහ ධාවකයන් ගැන යම් අවබෝදයක් මේ ලිපියෙන් ලැබෙන්න ඇති කියා සිතනවා. ඉදිරියෙදි තවත් මේ වගේ ලිපි රැගෙන එන්නම්.


කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Wandi - වණ්ඩි©

No comments:

Post a Comment